Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
06
සිසුන් පස් දෙනෙක් වෙනුවෙන් ඇය කළ ඒ කැපකිරීම් ඇත්තෙන්ම විශ්මයජනකයි.. කලවානේ අති දුෂ්කර පාසලක දරුවන්ට ජයග්‍රහණයේ පාර කියාදුන් පුංචි ටීචර්ගේ කතාව මෙන්න..

- සිසුන් පස් දෙනෙක් වෙනුවෙන් ඇය කළ ඒ කැපකිරීම් ඇත්තෙන්ම විශ්මයජනකයි.. කලවානේ අති දුෂ්කර පාසලක දරුවන්ට ජයග්‍රහණයේ පාර කියාදුන් පුංචි ටීචර්ගේ කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

මේ දරුවන් නිසාම ඇය, ගුරුවරියක් ලෙස ඇගේ ජීවිතයට ළං කරගත්තේ විශාල අභියෝගයක්..


කැප කිරීම් රැසක් කරමින් පුංචි මල් කැකුළු පහක් වෙනුවෙන් තරුණියක් වුණු ඇය කළ ඒ කැපකිරීම් ඇත්තෙන්ම විශ්මයජනකයි.. ව්‍යවසායිකාවක්, රංගන ශිල්පිනියක්, ගුරුවරියක් ලෙස ඇය මේ ක්ෂේත්‍රයේ විවිධ අංශවලින් දැක ගන්නට පුළුවන්..

ඒත් අවසානයේ තමන්ට මුණගැසුණු මේ පුංචි දරුවන් පස්දෙනා වෙනුවෙන් ගුරු වෘත්තියෙහි වගකීම් නොපිරිහෙලා ඉටුකරන්න ලෝචනා වග බලා ගන්නවා.. ගොඩක් දෙනෙක් කියාවි ඇයි සතුටට මෙච්චර අඬන්නේ? කියලා.. මොකද, ඒ සතුට වචනවලින් පෙරලගන්න බැරි කැපකිරීම් ගොන්නක් මැදින් ඇයට හිමි වූ දෙයක් නිසායි.. ඉතින් මෙවන් ගුරුවරු රටට වාසනාවක්..

ඉගෙනීමට හිතැති දුෂ්කරතා දහසක් මැද පොතපතට ලැදියාවක් දක්වන මෙවැනි දරුවන් ලැබීම එවන් ගුරුවරියක් ලද භාග්‍යයක්.. ඉතින් මොවුන්ට ජීවිතයේ ලැබෙන ලොකුම අභියෝගය අද නෙවෙයි හෙට වෙන්න පුළුවන්.. මොනතරම් අභියෝග ආවත් මේ බාධා සියල්ල ජයගෙන මේ දරුවන් කවදා හෝ දිනක ජීවිතේ ජයගනීවි.. මේ අන්න ඔවුන් වෙනුවෙන් ලියැවුණු තවත් එක් කතාවක්..

කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ අති දුෂ්කර පාසලක් වන පනහැටගල විද්‍යාලයේ දරුවන් තිදෙනකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව තිබෙනවා.. එම විද්‍යාලයෙන් මෙවර දරුවන් පස් දෙනකු ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත්වී ඇති අතර ඉන් දරුවන් තිදෙනකු කඩඉම් ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති අතර අනෙත් දරුවන් දෙදෙනාද ලකුණු සියයට වැඩියෙන් ලබාගෙන තිබීම විශේෂත්වයක්...

නගරයේ පාසල්වල මෙන් පාරවල් පහසුකම් කිසිවක් නොමැති මෙම දරුවන් මෙම ජයග්‍රහණ ලබා ගෙන තිබෙනවා.. එම පාසලේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට උගන්වා සූදානම් කළ ගුරුවරියක වන ලෝචනා ඉසුරින්දි මහත්මිය දරුවන්ගේ ජයග්‍රහණය පිළිබඳව හඬමින් සිය මුහුණු පොතේ තැබූ සටහනක් මුළු රටේම අවධානයට, කතාබහට ලක්වුණා... පැය කිහිපයක් ඇතුළත එම වීඩියෝව මිලියන තුනක පිරිසක් නරඹා වෛරල්ව තිබුණා.. මේ ඒ පිළිබඳව සටහනක්...

රටේ සමස්ත ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් බැලූ කල මෙම පාසලට වඩා ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් සිටින පාසල් තිබෙනවා.. එහෙත් මෙම පාසලේ මෙම ජයග්‍රහණය පිටුපස හරි අපූරු කතාවක් ගැබ්ව ඇති අතර, කලවාන අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි පාසලක් වන පනහැටගල විද්‍යාලය ඉතා සුන්දර පරිසරයක පිහිටා තිබෙනවා..

එහෙත් එහි ඉගෙනුම ලබන දරුවන්ට හා ගුරුවරුන්ට දරා ගන්න වන දුෂ්කරතා එමටයි.. හරි මගක් තොටක් නොමැති පනහැටගල ගගෙන් පාරුවකින් එගොඩ වී පාසල වෙත යන ගුරුවරුන් වෙතින් එම දරුවෝ එහි අධ්‍යාපනය ලබනවා... මේ දරුවන් අත්දකින දුෂ්කරතා ඔවුන්ගෙන් මඟහරවා ලන්නේ ඒ පාසලේ විදුහල්පතිවරයා හා ගුරුවරුන් විසින්.. නගරයේ පාසල්වල මෙන් සුපිරි සැප පහසුකම් නොමැතිව දැනුම පිපාසයෙන් පැමිණෙන දරුවන්ගේ මනස සුවපත් කරමින් දරුවන්ට දැනුම ලබාදීම මෙහිදී ගුරුවරු සිදු කරනවා...

ඒ අතරින් සුවිශේෂී චරිතයක් වන්නේ අපේ කතා නායිකාව වන එම පාසලේ පහ ශ්‍රේණිය භාර ගුරුතුමිය වන ලෝචනා ඉසුරුන්දි ගුරුවරියයි..

මෙවර එම පාසලේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය පිටුපස විශාල කැපකිරීම් රාශියක් ඇය විසින් සිදු කර ඇති අතර, සම්මානලාභී රංගන ශිල්පිනියක් වන ඇය අවිවේකී ජීවිතයක් ගත කරනවා... එක පැත්තකින් ගුරු වෘත්තිය මෙන්ම අනෙත් පැත්තකින් රංගන ජීවිතය සමබර කරමින් කටයුතු කිරීමට ඇයට සිදුව තිබෙනවා.. කලවාන ප්‍රදේශයේ ජීවත් වන ඇය උදේ පාන්දර අවදී වී කිලෝ මීටර් ගණනක් දුර ගෙවා දමා පනහැටගල වෙත ගොස් පාරුවකින් පනහැටගල ගඟෙන් එගොඩ වී තවත් දුරක් දුෂ්කර මගක් ඔස්සේ පාසල වෙත යනවා.. එහි ගොස් දරුවන් වෙත උගන්වා නැවත නිවස වෙත අර දුෂ්කර ගමන පැමිණ කොළඹ හෝ අනුරාධපුර වැනි ඉතා දුර පළාත්වල තිබෙන රංගන කටයුතු සඳහා පිටත්ව යනවා..

ඇය ආපසු කලවාන වෙත පැමිණෙන්නේ දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීමට නැවත පාන්දර පාසල වෙත යෑම සඳහායි.. බොහෝ විට එම ගමන රාත්‍රී කාලය වන අතර හිතේ හයියෙන් ඇය පැමිණේ.. කෙසේ වෙතත් එහි ඉගෙනුම ලබන දරුවන් අධ්‍යාපනය ලබන්නේ අපූරු අද්දැකීම් සමගයි.. විටක කෙත් යායක ගොයම් කැපීමට දරුවෝ ඇය සමග කමත වෙත යයි. ඔවුහු සරුංගල් යවයි.. ඇය සමග සෙල්ලම් කරයි. ගම්මානයේ තියෙන කොස්, බර කොකු, මියණකොකු ආදිය කඩාගෙන විත් උයාගෙන කයි.. ගහක වැලක හැදෙන ගඩා ගෙඩි කඩන් කන්නේ පොලු වලින්, ගල් වලින් ගසා කඩා ගනී.. ඒ පිටුපස ලෝචනා ටීචර්ද දරුවන් සමග සිටියි..

මෙම ශිෂ්‍යත්ව ජයග්‍රහණය පිළිබඳව ලෝචනා ඉසුරින්දි මෙන්න මේ විදිහේ කතාවක් කියා තිබුණා..

"අද ඇත්තටම මට ඉතාම සතුටු දවසක්. මගේ දරුවන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේ පාසලෙන් හිටියේ දරුවෝ පස් දෙනයි.

එයින් තුන් දෙනෙක් කඩඉම් ලකුණු ලබා ගනිමින් සමත් වෙලා. අනිත් දරුවෝ දෙන්නත් ලකුණු එකසිය විස්සෙන් ඉහළ ලකුණු අරන් තියෙනවා. මේක මම තනියෙන් ලබා ගත්ත ජයග්‍රහණයක් නෙවෙයි, අපේ පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් දෙමාපියන් මට ලබා දීපු සහයෝගයෙන් ලැබිච්චි ජයග්‍රහණයක්. මොකද දෙමාපියන් මට අවශ්‍ය විදියට දරුවන්ට උගන්වන්න නිදහස ලබා දුන්නා.

හද්දා දුෂ්කර පාසලකට පාරුවෙන් ඇවිත් පයින් ඇවිත් තමයි මගෙ පන්තියේ ළමයි පහ ඉගෙන ගත්තෙ. හැබැයි මොන කටුකත්වෙ තිබ්බත් එයාලා සැප හෙව්වෙ නෑ.

නාගරික මෙන් දියුණු නොවුන ගමක ලස්සන අඩි පාරවල් දිගේ වතුර කඩිතිවලින් පැන පැන ඇවිත් එයාලා ඒ දේ කළා. 3, 4 සහ 5 ශ්‍රේණි ඒ කියන්නෙ අවුරුදු 3 ක් ළමයි 5 මගෙ තුරුලෙ හිටියා. ඉතිං අපි පවුලක් වගේ ඔහේ ජීවත් වුණා.

මගෙ ජීවිතේ අසීරුම කාලෙ පවා මාව සතුටින් තිබ්බෙ එයාල පස්දෙනා. Shooting ගිහිනුත් පහුවෙනිදට ඉස්කෝලෙ එන්නම ඕනි නිසා මහ රෑ තිස්සේ පාලු පාරවල්වල මහ මිනිහෙක් වගේ කොහොම හරි කලවානට එන හැටි මතක් වෙනවා මට. ඉතිං පාරක් පාරක් ගානෙ රස්තියාදු වෙලා සමහර දවස් පාන්දර 6.30ට ගෙදරට ඇවිත් එහෙන්මම ඉස්කෝලේ යනවා. ඒ ඔක්කොම මහන්සිය ඉවරයි උදේට පස්දෙනාව දැක්කාම. එයාලා ඒ මහන්සියට සාධාරණයක් කළා. වෙනදටත් මාව සතුටු කළේ මගෙ ළමයි පස්දෙනා. අද මට එයාලා දරා ගන්න බැරි තරම් සතුටක් දීලා තියෙනවා."


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top