Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
05
දේහ ලක්ෂණ අනුව එයාව හඳුන ගනිමු...

- දේහ ලක්ෂණ අනුව එයාව හඳුන ගනිමු...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views

ඉපැරණි ජ්‍යෝතිෂ හා දේහ ලක්ෂණ විද්‍යා පොත් පත් මෙන්ම මුඛ පරම්පරාවෙන් එන විස්තර අනුව බොහෝ දේ හෙළිදරව්වෙනවා... 


ඇත්තටම දේහ ලක්ෂණ අනුව එයා කොහොම කෙනෙක්ද කියලා දැන ගන්න කැමති කෙනෙක්ට මේ ලිපිය කියවලා ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්...

ස්ත්‍රී ලක්‍ෂණ

පාද :

මොලොක් පැතලි මස් වැඩි ලා රත් පැහැ පාද ඇති ස්ත්‍රීය ගුණ ධර්මයන් වඩන රාඡ භාර්යාවක් වන්නේය.

ගොරහැඩි රළු වියළි පා ඇති ස්ත්‍රීය අවාසනාවන්තියකි.

පයේ මාපට ඇගිලි උස්ව පිහිටා තිබෙයි නම් බොහෝ සැප ලබන්නියකි.

ගමන් කරන කල්හි දූවිලි ඇවිස්සේ නම් අවකල් ක්‍රීයාවෙහි යෙදෙන ස්ත්‍රීයක්ය.
පා ඇඟිලි එක පිට නැගී සිටිම වැන්දඹු බවේ ලක්‍ෂණයකි.

නිය :

පා, නියපොතු වටව උස්ව තඹවන් වුවහොත් ඈ භෝග සම්පත් ලබන්නීය.
පිට පතුළ අඳුරු වර්ණ හෝ නෙලුම් පෙත්තක පිට පැත්තේ හැඩයට සමානව පිහිටා ඇත්නම් පිනැති වේ.

උඩුපතුළ මැද නැමී ඇත්නම් දිළිඳු වේ.

පා මැද නහර ගැට ගැසුනේ නම් නිකරුනේ ඇවිදින්නියකි.

උඩු පතුලේ ලොම් ගැවසුනේ දාසියකි.

ඇස්වට :

බෝල යුග්මය සැඟවී නහර අඩු වුව හොත් ඈ පිනැති කාන්තාවකි.

විළුඹ :

සම වූයේ නම් පිනැතිය. උස්ව පිහිටියේ නම් අසුබය.

කෙණ්ඩ :

මස්වැඩි ලොම්නැති සිනිඳු සමින් වැසුනු කෙණ්ඩා ඇති කාන්තාව සැප ලබන්නීය.

දණහිස :

මස්වැඩි වටවූ දණහිස් ඇත්තී වාසනාවන්තියකි.

උකුල :
උකුල මහත්ව ඉඟටිය සිහින්ව ඇත්තී පින්වන්තියකි.
වැහැරී නැමී කුඩාව හෝ ලොම් ගැවසී ඇතොත් කනවැන්දුම් වීමේ ලක්‍ෂණයකි.

නිතඹ (තට්ටම) :

බිම්බාකාරව උස්ව හෝ මස් අධිකව පළල් වුවහොත් කම්සැප ලබන්නීය.
ලෙලෙන නිතඹ ඇත්තී කාමාධිකය.

යෝනි :
මුවකුරයක් වැනි වූයේ හා ඇත්කන්මුල් වැනි වූයේ නම් ශූභය.
වම්පස උස්වූයේ නම් ගැහැණු දරුවන් වැඩි බවද, දකුණු පස උස් වූයේ නම් පිරිමි දරුවන් වැඩි බවද පෙන්වන ලක්‍ෂණයකි.
සැවක් මෙන් රැළි ඇතුව වක්වූ යෝනිය ඇත්තී ගැබ් දැරීමට අසමත්ය.

වටොර (කලවා) :

ඉතා දික් වූ කලවා දෙකක් ඇත්තී පින්වන්තය.
මස් අධික වූයේ නම් ශූභය.
මස් අඩුව වැහැරී ගියේ නම් අශූභය.

වස්තිය (යටිබඩ) :

මහත නම් බොහෝ දරුවන් ලබන්නියකි.
මහත්ව මොලොක්ව උස්ව තිබේනම් යහපත්ය.
රේඛා වෙන් ගැවසුන හෝ ලොම් වලින් යුත්ත වූයේ හෝ නහර ගැවසුනේ නම් අශූභය.

නාභිය :

ගැඹුරුව දකුණට කරකැවී තිබේනම් භෝග සම්පත් ලබයි.
වමට කරකැවී තිබේ නම් අශූභය.

උදරය (බඩ) :

මහත නම් බොහෝ දරුවන් ලබයි.
ගෙමැඩියෙකුගේ ආකාරයට පෙනේ නම් රාජ දේවියකි. බලවත් සැමියෙකු ලබයි.
මිහිගු බෙරයක් යව ඇටයක් සමවූ පුත්‍රයෝ ලබති.
උඩට නැමී තිබේ නම් වඳ ස්ත්‍රියකි.
පුහුල් ගෙඩියක ආකාරයට රළු බඩ ඇති නම් බොහෝ දුක් විදී.
බඩ මැද රුළි තුනක් ඇත්තී කාමයෙහි ගිජු වේ.
වකුටු බඩ ඇත්තී සිත් තැවුලෙන් හා දුකින් කල් ගෙවයි.

පපුව :

උඩට බිදුනු ලොම් වලින් යුත් ස්ත්‍රීය සැමියා නසයි.
උස් වූ පිරුණු ලය ඇත්තී වාසනාවන්තියකි.
ළය පළල් වූයේ නම් වෙසඟනකි.
අඟල් 18 ක් පමණ ලය ඇති ස්ත්‍රිය සැප ලබයි.
ළය නොපිරිනු ස්ත්‍රිය අවාසනාවන්තය.
පපුවේ රෝම තිබීම කණවැන්දුම් බවේ ලක්‍ෂණයකි.

පයෝධර :

පිරුණු පයෝධර ඇත්තී වාසනාවන්තය.
මුල මහත්ව ක්‍රමයෙන් සිහින්ව ඇත්නම් වාසනාවන්තය.
වැහැරී ගියේ නම් අශූභය.
දකුණු පියවුර උස්‌වූයේ නම් පිරිමි දරුවන් ලබයි.
වම් පියවුර උස්වූයේ නම් ගැහැනු දරුවන් ලබයි.
සමව ඝනව දැඩිව ඇත්නම් පුරුෂයාගේ කාම වර්ධනය කෙරෙයි.
පියයුරු යුගලය අතර දුර වැඩි නම් ගුණවත් තැනැත්තියක් නොවේ.

උරහිස :

නැමුණු උරහිස පුතුන් ඇති ලක්‍ෂණයකි.
කෙටි වුවහොත් සැප ඇත්තියකි.
මස් වැඩුනොත් ඉතා කාමාධිකය.
මස් රහිත වූයේ නම් වැන්දඹු වෙයි.
සමව උරහිස් ඇත්තිය පින්වන්තය.

අත් :
අතේ මහපට ඇගිල්ල පියුම් කැකුලක්‌ බඳු වූයේ හා පිරිසිදු හා පැහැදිලි රේඛා අත්ලේ පිහිටියේ නම් ඇය පිනැත්තියකි.
අත්ල පියුමක් මෙන් මොලොක් වූයේ නම් සැප ලබන්නියකි.
තරාදියක ලක්‍ෂණ රේඛා පිහිටා ඇති නම් වෙළඳ භාර්යාවකි.
කොඩි කුඩ මත්ස්‍ය ස්වස්තික දුනු ආකාර ලක්‍ෂණ වලින් එකක් යම් කාන්තාවකගේ අත්ලේ පිහිටියේ නම් ඈ සැප ලබන්නියකි.
චක්‍ර යුධායුද ඡය සංකේත යන ලක්‍ෂණ වලින් එකක් පිහිටියේ නම් ඇය කිසිලෙසකින් දුක් නොවිඳින භාග්‍යය වන්ත කාන්තාවකි.
රෝම ගැවසුනු හා වළගැසුනු පිටි අල්ල ඇති කාන්තාව ස්වාමියාට අපල වෙයි.
නහර ඉලිප්පී ලොම් ගැවසුනු පිටි අල්ල ඇති ස්ත්‍රීය චිත්ත සන්තාපයෙන් කල් ගෙවන්නියකි.
මාපට ඇඟිල්ල මුල සිට සුලඟිල්ල දක්‌වා අල්ලේ රේඛා වැටී ඇති නම් ඇය ස්‌වාමියා නසන්නීය.
පැතලි වැහැරී කොට හැකිලුනු ඇඟිලි පුරුක් රෝග භිය ඇති කරයි.
වකුටු වූ හෝ රළු වූ නියපොතුද රෝග බිය ඇති කරන අතර නියපොතු වල සුදු බින්දු වැටීම අධික කාමාශාව ඇති බවෙහි ලක්‍ෂණයකි.

පිට :

ලෝම අධික පිට ඇත්තී වැන්දඹු වෙයි.

නහර සහිත නැමුණු පිට ඇත් නම් අසුභ වෙයි.

මසින් පිරුණු පිට ඇත්නම් ස්වාමියාට ප්‍රීය වෙයි.

ඇද නැතුව මසින් වැඩි සැගවුනු පිට කටුව ඇති ස්ත්‍රීය අනුභද්‍රා නම් වරංගනාවකි.

බෙල්ල :

වට වූ පිරුණු දිග් වූ බෙල්ල ඇති ස්ත්‍රීය ස්වාමියාට සැප ගෙන දෙයි.

බෙල්ල කෙටි වීම ස්වාමියාට සැප අඩු කරයි.

බෙල්ලේ රේඛා 3 ක්‌ පෙනේ නම් එය ඉතා සුභ ලක්‍ෂණයක් වෙයි.

බෙල්ල පැතලි නම් ස්වාමි සැප අඩුය.

කම්මුල :

මස් ඇති පිරුණු සිනා පිරි කම්මුල ඇත්තී වාසනාවන්තියක.

මස් අඩු රළු වකුටු කම්මුල ඇත්තී දුක් ලබන කාන්තාවකි.

සිනා සෙන විට මැද වල ගැසුණු කම්මුල් ඇති කාන්තාව නිතර ප්‍රීතියෙන් සිටින්නීය.

තොල් :

යටි තොල වටව සිනිදුව බඳු වදමල් මෙන් පැහැපත්ව තිබේ නම්, උතුමන් ප්‍රීය කරන කාන්තාවකි.
රළුව එල්ලා වැවෙන මස් රහිත කඑ වූ යටි තොල ඇති කාන්තාව ස්වාමි සැපය අඩු කරයි.

දත් :

සමව කුඩාව කිරිවන් පැහැ දත් දෙතිස ඇත්තී පින්වත් කාන්තාවකි.

කසාවන් හෝ කළුව මහත්ව පළල්ව සක් කැබලි වැනි දත් පිහිටියේ නම් පින් අඩු කාන්තාවකි.

යටි ඇන්දේ දත් වැඩි කාන්තාව මවගෙන් වෙන්වේ.

ව්කෘති ආකාර දත් ඇති කාන්තාව වැන්දඹු වේ.

නාසය :

කුඩා සිදුරු ඇති සම වට වූ පුට ඇති නාසය ඇත්තී පින්වන්තය.
අගින් වක්වූ නාසය ඇත්තී වැන්දඹු වේ.
පැතිලි නාසය ඇත්තී දාසියකි.
එල්ලෙන නාසය ඇතිනම් ඇය කලහා ප්‍රීය කරයි.

ඇස් :

මුවන්ගේ ඇස් වැනි ඇස්‌ඇතිනම් පින්වන්තය.
බළල්, මී, කොබෙයි යන සතුන්ගේ ඇස් වැනි ඇස් ඇති නම් ඇය නපුරුය.
දකුණ ඇස වපර වූයේ නම් වැන්දඹු වේ.
වම් ඇස වපර වූයේ නම් පරපුරුෂයන් සොයයි.
බිඟුවන් ඇස් ඇත්තී ස්වාමියා ධනවත් කරයි.
කළුපැහැ ඝන සැහැල්ලු ඇසිපිය ඇත්තී හිම්යාට ප්‍රියවන සුළුය.
නිතර ඇසිපිය ගසන්නේ මානය වැඩි ගුණ හීන කාන්තාවන්ය.
නීලවර්ණ මොලොක් ඇස්බැම ඇත්තී වාසනාවන්තය.
ඇස්‌ බැම දෙක හාචී නම් නිතර දුක් ලබන කාන්තාවකි.

කන් :

කන් දෙක එල්ලෙන ස්වභාව ඇත්නම් ඉතා යහපත්ය.

නළල :

නළල් තලය උස්ව මොලොක්ව අඟල් 3 ක ප්‍රමාණවත් ව අඩ සඳාකාරව ඇතිනම් වාසනාවන්තය.

මෞලි ලක්‍ෂණ (කොණ්ඩය) :

කෙස් වැටිය ඇතකුගේ කුම්භස්ථලය වැනි වූයේ නම් පුණ්‍ය ලක්ෂණයකි.

මී මැසි පෙළක් මෙන් පැහැතිව අගින් නැමුනු සිහින්ව කෙස් ඇතිවූයේ නම් එයද පුණ්‍ය ලක්‍ෂණයකි.

ඝනවූ රළුවූ හිස කෙස් ඇති නම් දුක් විදින කාන්තාවකි.

ලප කැළල් :

නළල මැද හෝ බැම දෙක අතර මැස්සකු වැනි ලපයක් ඇතිනම් හිමියාගේ සහකරුගේ හා මෙහෙකරුවන්ගේ සැප ලබන කාන්තාවකි.

කම්මුල් මැද ලපය රතු නම් මහ පින් ඇත්තියෙකි.

පියවුරු දෙක අතර රතු ලපයක් ඇති නම්, අවට ලෝකයාගේ ආදරය දිනාගනිමින් රජ සැප ලබන කාන්තාවකි.

නාසයේ අග රතු ලපයක් ඇතොත් ඕතොමෝ ධනවන්තියක් වේ. එය කළු වුවහොත් පරපුරුෂයන් කරා යයි.

නාභියෙන් පහත ලප කැළලක් ඇතොත් ඈ පින්වන්තයි.

නලලේ ත්‍රීශූල ලක්‍ෂණයක්‌ ඇතොත් ඈ සේනාධිපතිනියක් වන්නීය.

මේ ආකාරයටම පුරුෂ ලක්‍ෂණ ද පොත පතේ දක්වා ඇත.

ගමන් විලාශය අනුවද ශරීර ලක්‍ෂණ විවිධ වේ.

එම නිසා ආවේනික ලක්‍ෂණ හා ආරූඩ කරගත් ලක්‍ෂණද ඇති නිසා ඒවා වෙන වෙනම හඳුනා ගත යුතුය. එනම්,

යමෙකුගේ ශරීරයේ බමරුන් මෙන් කළු පැහැත් සිනිදු රෝමයන් තිබේ නම් උත්තම පුරුෂ ලක්ෂණයකි. එසේම යම් පුරුෂයෙකුගේ පපුවේ රෝම තිබීම සත් පුරුෂ ලක්‍ෂණයක් වන අතර රෝම නොමැති වීම අසත්පුරුෂ ලක්‍ෂණයකි.

නහය අගින් නැමුනේ නම් මෝඩයෙකි.

නිතර ඇස්පිල්ලම් ගසන්නේ නම් චංචල සිත් ඇති කපටියෙකි.

කථා කරන විට හිස කසන්නේ නම් එය කපටි කමෙහි ලක්‍ෂණයකි.

මසින් හීනවූ කම්මුල් ඇත්තා අවාසනාවන්තයෙකි.

රෝස පාට තොල් ඇත්තා බුද්ධිමතෙකි.

විෂම තොල් ඇත්තා බිය ගුල්ලෙකි.

මැදින් එබීගිය නාස ඇත්තා මෝඩයෙකි.

වක් හැඩය ගත් කුඩා නාසය ඇත්තා ගුණවන්තයෙකි.

එක් එක් පුද්ගලයාට ආවේනික වූ ගමන් විලාසද ඇත්තේය.

බිම බලාගෙන ගමන් කරන්නා කල්පනා කාරයෙකි.

හිතුවක්‌කාර අදහස්‌ ඔහු සතුව ඇත.

අභිමාවත් ලෙස සෘජුව ගමන් කරන පුරුෂයා යුක්ති ගරුක මෙන්ම නීති ගරුක පුද්ගලයෙකි. කරන දේ හරියට කිරීම ඔහුගේ කැපී පෙනෙන ලක්‍ෂණයකි.

අතේ ඇඟිලි නමාගෙන වටපිට බලමින් ගමන් කරන්නා දෙගිඩියාවෙන් කාලය ගෙවන්නෙකි.
ඇගිලි තදින් මිට මොලවාගෙන යන්නා ස්ථිර අධිස්ඨානය ඇති ධෛර්ය වන්තයෙකි. ඔවුන්ට තමාගේ සිත පාලනය කර ගැනීම අපහසුය.

අතක් වනමින් පිටුපස බලමින් ගමන් කරන්නා උපක්‍රමයෙන් ධනය උපයන්නෙකි.
නිතර පස්ස බලමින් ගමන් කරන්නා හිතේ සැකයක් ඇත්තෙකි.

පණ නැති අයෙකු මෙන් අත්දෙක දෙපසින් එල්ලාගෙන වාගේ ගමන් කරන්නා දැඩි ගොරෝසු සිත් ඇත්තෙකි.

පිටිපසට අත් බැඳගෙන යන්නා ඕනෑවටත් වඩා ප්‍රවේශම් වන්නෙකි.

පියවර මනිමින් අලස ස්වභාවයෙන් ගමන් කරන්නා ආත්මශක්තිය හීන අයෙකි.

ප්‍රමානවත් ලෙස අත් තබා ගෙන අඩි ඔසවමින් ගමන් කරන්නා සෘජු අවංක පුද්ගලයෙකි.

සාක්‌කුවේ අත් දමාගෙන යන්නා තම අදහස් සඟවා ගත්තෙකි.

මේ ආකාරයට ස්‌ත්‍රී පුරුෂ ලක්‍ෂණ රාශියක් අපට දැක්විය හැකිය.

උපුටාගැනීමක්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top