Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
04
කොළඹ හතේ ගස් සිටුවන අරණට පෙම්බැඳී අපූරු මිනිසෙකු ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න ....

- කොළඹ හතේ ගස් සිටුවන අරණට පෙම්බැඳී අපූරු මිනිසෙකු ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න ....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ගස් කියන්නේ අපේ ජීවනාලිය වගේ දෙයක්... ගහට කොළට සොබදහමට ආදරේ කරන අපුරු මිනිසෙකු ගැන වටිනා කතාවක් සති අන්ත පුවත්පතක පළවී තිබුනේ මෙන්න මේ විදියටයි... කියවලා බලන්නකෝ ... මේ වගේ අපුරු වටිනා මිනිස්සුත් ඉන්නවා කියලා ඔබට හිතේවි... පරාර්ථය වෙනුවෙන් කැපවෙන එවන් මිනිසුන් රටකට වාසනාවක්... 


උදා හිරු රැස් වැටීමෙන් සෙවණ ගහකොළ මැදින් ඇවිදින මංතීරුව මතින් නිදහස් චතුරස්‍රය පැත්තේ සිට කුරුඳුවත්ත පොලීසිය දෙසට පැමිණෙමින් සිටියේ මගේ පාසලේම ඉගෙනගත් සොහොයුරියක සමඟිනි. ව්‍යායාමයේ යෙදෙන දෙතුන් දෙනකු හැරෙන්නට ඒ, උදෑසන ඒ, මාවත් ජනයාගෙන් තොරය. කුරුඳුවත්ත පොලීසියට මඳක් එහාට වන්නට මෝටර් රථයක් නතර කර, අවපැහැ ගැන්වුණු කලිසමක් ටී-ෂර්ට් එකක් හැඳි මහතෙක් කිරිපිටි පැකට් කිහිපයක සිටුවන ලද පැළ කිහිපයකුත් උදැල්ලක්ද රැගෙන ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පැත්තට එමින් සිටියේය.

බැලූ බැල්මට කම්කරුවකුත් නොවන මේ මිනිසා මේ පැළ කොහි සිටුවන්නට යන්නේද? මසිතට ඇතිවුයේ කුහුලකි. ගමන් වේගය අඩුකර මම ඔහුට ළං විමි. මඳක් ඔහු පසුකර ගිය තැන ‘නෑ… මං අහනවා කවුද කියලා…’ එසේ සිතමින් ඔහු පසුපස යන්නට වීමි.

“මහත්මයා…” දෙතුන් වරක් ඇමතීමෙන් පසු ඔහු නතර වූයේ ප්‍රශ්නාර්ථ බැල්මකිනි.

“මේ මහත්තයා කවුද? මට එහෙම අහන්න හිතුණේ මේ පැළත් අරගෙන උදැල්ලකුත් අරගෙන යන නිසයි.”

“ඇයි එහෙම අහන්නේ? මං මේවා හිටවන්න යන්නේ. ඔයා කවුද?”

ඔහු මගෙන් ඇසීය. රැකියාව සඳහා කොළඹට එන්නට විත් වසර විසිපහකට වැඩිය. ඒ කාලය තුළ කිසි දිනෙක මෙවැන්නකු දැක නැත. එනිසාම ඔහු ගැන සොයා බලන්න හිතුණ බවත් මා රැකියාව කරන තැනත් ඔහුට කීවෙමි.

“යමුකෝ එහෙනම් හෙවණකට…”

ඒ වන විට අප සිටියේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ගසින් සෙවණ වූ තැනකය.

“දැන් මා ගැන දැනගන්නට නේද ඕනෑ?”

මම හිස වැනීමි.

“මම කාලයක් තිස්සේ කොළඹ අවට ගස් හිටුවනවා. දැන් ඒක මගේ දින චරියාව වෙලා. තද පෑවිල්ල කාලෙට හිටවපු ගස්වලට වතුරත් දානවා. පහුගිය කාලේ හිටවපු ගස් පල දරන්නත් ළඟයි. මම කවදාවත් වැඩකට නැති ගස් හිටුවන්නේ නෑ… පාරේ යන කෙනෙක්ට වුණත් කඩාගෙන කන්න පුළුවන්, එහෙමත් නැත් නම් කඩාගෙන ගිහිල්ලා විකුණගන්න පුළුවන් පලතුරු ජාති, කොස් තමයි හිටුවන්නේ… ගෙදරදි පැළ කරලා හදාගත්ත නමිනං පැළ ටික හිටවන්න තමයි මං මේ අද ආවේ. මේ තියෙන්නෙත් මම හිටවපු ගහක්. තරමක් උසට වැඩුණු ඇඹරැල්ලා ගසක් පෙන්විමන් ඔහු පවසයි.

“මහත්මයා මොනවද කරන්නේ?”

“ඉස්සර නම් ව්‍යාපාර කළා. දැන් ඒ ඔක්කෝම දරුවන්ට භාරදීලා ඉන්නේ. දැන් මම මේ වගේ දේවල් තමයි කරන්නේ.”

“ඔබේ නම?”

“මගෙ නම කමිල් වීරසේකර.”

“මම කැමැතියි ඔබ ගැන ලිපියක් ලියන්න…”

“ඒ ගැන නම් හිතන්න ඕනෑ… මොකද මම මේ දේවල් කරන්නේ කිසිම ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.”

“එහෙනම් පින්තුරයක් ගනිමුද?”

ඔහු ඊට කැමැත්ත පළ කළේය.

“අනගාරික ධර්මපාලතුමා කියන්නේ මගෙ සීයා…”

“ඒ කොහොමද?”

සමු ගන්නා මොහොතේ ඔහු පැවසුවේ තව තවත් ඔහු ගැන ලියන්න තිබූ ඕනෑකම වැඩි කරමිනි. අවසානයේ මාත් ඔහුත් සමු ගත්තේ දුරකතන අංක හුවමාරු කරගැනීමෙනි. අප හමු වී වෙන් වූ කාලය වසරකට වැඩිය. එනමුදු වරින් වර දුරකතනය ඔස්සේ කෙටි කතාබහක් සිදු විය. පසුගිය දිනෙක ඔහු මට කතා කළේය:

“එන්න දවසක අපේ ගෙදර. මගෙ අම්මට දැන් අවුරුදු අනූ ගණනක් වෙනවා. ඇය බොහෝම හොඳින් ඉන්නවා.”

වසර එකහමාරකට වැඩි කාලයක් කෙනකු වෙනුවෙන් ලිපියක් ලියන්න බලා සිටි මට ඒ දිනය උදා විය. ඉකුත් දිනෙක ඡායාරූප ශිල්පි දුෂ්මන්තත්, මමත් එහි ගියෙමු. සැබැවින්ම එය අපූරු දිනයකි. තවමත් ලස්සන මැකී නොගිය ඇය අප පිළිගත්තේ බොහෝ ආදරයෙනි.

“අම්මාට අවුරුදු 91 වුණාට ඇය බොහෝම කඩිසරයි. තවමත් ලියකියවිලිවලට අත්සන් කරන්නේ අම්මා. ඒ වගේම ගම්පහ වීරසේකර ළමා නිවාසය ගැනත් බලන්නේ අම්මා. ඇය මාලා හේවාවිතාරණ. ඒ කියන්නේ ඇය අනගාරික ධර්මපාල තුමාගේ සහෝදරයාගේ දුව”. කමිල් සිය මව ගැන කීවේ එලෙසිනි.

“දොන් කරෝලිස් හේවාවිතාරණ, මල්ලිකා හේවාවිතාරණ යුවළගේ වැඩිමහල් පුතා තමයි අනගාරික ධර්මපාල තුමා. මගෙ සීයා, ඒ කියන්නේ එඩ්මන් හේවාවිතාරණ. ඔහු අනගාරික ධර්මපාලතුමාගේ සොහොයුරා. එතුමන්ගේ අනෙක් සොහොයුරා සීමන් හේවාවිතාරණ වයස අවුරුදු 38දී මියගිහිල්ලා. සයිමන් හේවාවිතාරණ වයස අවුරුදු 94ක් වෙන කල් ජීවත් වෙලා තියෙනවා. එහෙත් ඒ යුවළට දරුවන් ඉඳලා නැහැ. චාලට් හේවාවිතාරණ කාන්තා විද්‍යාලයේ පළමුවෙනි ශිෂ්‍යාව. ඇය තමයි ඒ පවුලේ එකම ගැහැනු ළමයා. එඩ්මන් හේවාවිතාරණ පවුලේ වැඩිහමල් දරුවා තමයි නීල් හේවාවිතාරණ. මගෙ තාත්තා රාජා හේවාවිතාරණ. මට හේමමාලා කියලා නම තියලා තියෙන්නේ අනගාරික ධර්මපාල තුමා.

“මම විවාහ වුණේ සිංහ වීරසේකර සමඟ. සිංහ වීරසේකර කියන්නේ පීටර් වීරසේකර මුදලිතුමාගේ එකම පුතා. සිංහ වයස අවුරුදු හයක් වන විට මවත් පියාත් දෙදෙනාම අහිමි වුණා. සිංහ උපන් දා ඔහුට නම තියලා තියෙන්නෙත් පිටර් වීරසේකරගේ ඒ කියන්නේ සිංහගේ තාත්තාගේ සමීපතම යහළුවකු වූ අනගාරික ධර්මපාල තුමා. ඒ නම තමයි ජගත්සිංහ චන්ද්‍රවංශ. සිංහව පුංචි කාලේ හදාවඩාගෙන තියෙන්නේ නීල් හේවාවිතාරණ. ඒත් කෙටි කලකින් නීල් හේවාවිතාරණ මියගිහින්. ඔහුට ගැහැනු ළමයි හය දෙනෙක් ඉඳලා තියෙනවා. ඔහුගේ බිරිය තමන්ගෙ දුවලා හය දෙනත් එක්ක සිංහවත් හදාගෙන. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත්තා. පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලබලා තියෙන්නේ. දෙවැනි ලෝක යුද්ධය කාලේ මේ හැමෝම බණ්ඩාරවෙල ප්‍රදේශයට පදිංචියට ගිහිල්ලා. 1952 අවුරුද්දේ ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගේ ලියලා, ඉන් පස්සේ සිංහ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන්වල ගැටන් කෘෂිකාර්මික විද්‍යාලයට ඇතුළත් වෙලා. අවුරුදු විසි හතරෙදි තමයි සිංහ දොන් කරෝලිස් ආයතනයට බැඳිලා තියෙන්නේ. මගේ තාත්තා රාජා හේවාවිතාරණ.

“අපේ පවුලේ – මගෙ අම්මා මල්ලිකා රාජකරුණා. අම්මයි තාත්තයි විවාහ වෙලා තියෙන්නේ 1930දී. මට ලලිත් සහ ජයරාජ් කියලා සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. ජයරාජ් මල්ලි උණසන්නිපාත රෝගය හැදිලා පුංචිම කාලේ මැරුණා. එතකොට ඔහුට වයස අවුරුදු නවයයි. මගෙ අම්මත් ශල්‍යකර්මයකදි නිර්වින්දනය කරන්න දීපු එන්නතේ මාත්‍රාව වැඩි වෙලා මියගියා. තාත්තයි මමයි ලලිත් මල්ලියි තනි වුණා.”

මාලා සිය දිගු අතීත කතාව සිහි කරන්නේ එලෙසිනි. කොළඹ කාන්තා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ මාලා පාසල් සමයේදී දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවකි. එකල ඔස්ට්‍රේලියාවේ පැවති බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් ලංකාව නියෝජනය කරමින් එතෙර ගිය සිසුන් අතුරින් එක් අයෙක් වන්නේ ඇයයි. මාලා 1956 වසරේදී සිංහ විරසේකර හා විවාහ වේ. විවාහයෙන් පසු දොන් කරෝලිස් සහ පුත්‍රයෝ සමාගමේ සහාය අධ්‍යක්ෂිකාවක බවට පත් වේ. මේ දෙපළට නිවුන් දියණියෝ දෙදෙනෙක් හා පුත්තු දෙදෙනෙක් සිටිති. මේ තරම් දිගු ඉතිහාස කතාවක් කියන්නට වූයේ අපේ කතානායකයා වන කමිල් වීරසේකර ගැන කියන්නටය. කමිල් වීරසේකරගේ මවුපස මෙන්ම පියපස ඥාතීන් රටක් හඳුනන මෙරටට බොහෝ සේවය කළ මිනිසුන් වීම ඔහුට සතුටකි. දියණියන් දෙදෙනකුගේත් පුතකුගේත් මුනුපුරු මිනිපිරියන්ගේත් ආදරය මැද හිඳින වීරසේකර යුවළ දවස ගෙවන්නේ බොහෝ සතුටිනි.

කමිල්ගේ දවස ඇරඹෙන්නේ හිමිදිරියේමය. ඔහු දිනකට වතාවක් හෝ සිය මව දකින්නට මහ ගෙදරට යන්නේය. ඒ අතරම තමා අතින් සිටුවූ ගහ-කොළ බලන්නද අලුත් පැළයක් සිටුවන්නද අමතක නොකරයි.

“ගස් හිටුවලා මම පුදුම සතුටක් ලබනවා. ඒ ගස් දැන් පල දරන්න සූදානම්. මම කාවවත් දැනුවත් කරලා කාගෙන්වත් අවසර අරගෙන ගිහින් ගස් හිටුවන්නේ නැහැ. මොකද, එහෙම කරන්න ගියාම මුකුත්ම කරන්න බැරි වෙනවා. ඒ නිසා මම ගස් හිටුවනවා. ඒවා වැඩෙනවා. ඒවා නිසා දවසක කාගේ හරි කුසක් පිරේවි, හිසට සෙවණක් දේවි කියන සතුට මට තියෙනවා. මේ වන විට මගේ වයස අවුරුදු හැටපහක්. මම දරුමුනුපුරන් සමඟ බොහෝම සතුටින් ඉන්නවා. ගහක් හිටුවනවා කියන්නේ හිතට පුදුමාකාර සැනසිල්ලක්. ඇත්තම කිවුවොත් මට ඒ සැනසිල්ල තියෙනවා. මගෙ අම්මත් ගහට කොළට ආදරේ කරන කෙනෙක්. මම මේ මහ පොළොවට හරි ආදරෙයි…”

අතීත තොරතුරු පවසන අතරේ අප ඔහු සමඟ පැමිණියේ කොළඹ කෞතුකාගාරය ඉදිරිපස පාරේ ඇති රූස්ස කුඹුක් ගහ අසලටය.

“මේ ගහත් අපේ පවුල් ඉතිහාසයට සම්බන්ධයි. මේ කොළඹ තියෙන බොහෝ ගස් සිටුවා තියෙන්නේ අපේ පවුලේ අය.” එසේ කියමින් ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන පාර දෙපස මෙන්ම පාර මැද සිටුවා ඇති තරමක් උසට වැඩුණු පලතුරු ගස්ද අපට පෙන්වන්න වූයේ මහත් සතුටිනි.


උපුටා ගැනීමක්..
ඉනෝකා සමරවික්‍රම
සිළුමිණ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top