ඒත් මේ ඇසෙන කතාව නම් ඒ වාහන ගැන ඒ තරම් සුබදායක එකක් නෙවෙයි..
ශ්රී ලංකා රේගුව තම සමගම විසින් ආනයනය කරන ලද BYD වාහන පමණක් රඳවා තබා ගන්නා බව ජෝන් කීල්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා..
ශ්රී ලංකා රේගුව තෝරා බේරා සහ වෙනස් කොට සැලකීමේ ආකාරයකින්, එම සමාගම විසින් ආනයනය කරන ලද BYD වාහන පමණක් රඳවා තබා ගන්නා බව ජෝන් කීල්ස් CG ඔටෝ (පුද්ගලික) සමාගම (JKCG) වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ පැවසු බව එම නිවේදනයේ සඳහන් වෙනවා..
අනෙක් ආයතන මගින් ආනයනය කරන ලද BYD වාහන ඇතුළු අනෙකුත් ආයතන විසින් ආනයනය කරන ලද අනෙකුත් සන්නාමවල විද්යුත් වාහන නිෂ්කාශනය කිරීමට අවසර දෙන බවත් එම නීතිඥවරයා මෙහිදී පෙන්වා දී ඇති බව එම නිවේදනයේ සඳහන්..
එම නිවේදනයට අනුව, 2025 සැප්තැම්බර් 3 වන දින අභියාචනාධිකරණය හමුවේ රිට් අයදුම්පත කැඳවන විට, ජෝන් කීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා ඇත්තේ, ශ්රී ලංකා රේගුව විසින් දැනට රඳවාගෙන ඇති අනෙකුත් BYD වාහන, කිසිදු පාර්ශවයක් විසින් වාණිජමය පදනමක් මත ආනයනය කර නොමැති බවයි..
කිසිදු හේතුවක්, පැමිණිල්ලක් හෝ නීතිය උල්ලංඝනය කිරීමක් පිළිබඳ සැකයක් නොමැතිව එම වාහන රඳවාගෙන ඇති බවද සමාගමේ නීතිඥවරයා පැවසු බව එම නිවේදනයේ සඳහන් වනවා..
මේ අතර ජෝන් කීල්ස් සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්රී ලංකා රේගුව වෙනත් කිසිදු විද්යුත් වාහනයක් ස්වාධීන පරීක්ෂණයකට භාජනය කර නොමැති බවත්, විවිධ කාලවලදී ශ්රී ලංකා රේගුව ඉල්ලා සිටි විස්තර සහ තොරතුරු, එම රිට් අයදුම්පත ගොනු කිරීමට පෙර පවා, බොහෝ අවස්ථාවලදී ලබා දී ඇති බවයි...
එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත්තේ ලෝකයේ විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා ලෙස ප්රසිද්ධ BYD නිෂ්පාදකයා විසින් සපයන ලද සාක්ෂි පිළිගැනීම ප්රතික්ෂේප කරන ලෝකයේ එකම රේගු පරිපාලනය ශ්රී ලංකා රේගුව බවයි..