Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
03
ටක්ගාලා සීනි බහින බෙහෙත මෙන්න...

- ටක්ගාලා සීනි බහින බෙහෙත මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

අප විසින් ආහාරයට ගන්නා බොහෝමයක් ආහාරවල පිෂ්ඨය හා සීනි අඩංගු වේ. 

මේ දෙවර්ගය අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස්ය. එමඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබේ. එබැවින් මේවා අඩංගු ආහාර ශක්ති ජනක ආහාර ලෙසින් ද හැඳින්වේ. මෙමඟින් ශරීරයට ශක්තිය ලබාගැනීමේදී සරල සීනි බවට පත්වී ලේවලට උරා ගැනේ. ඉන්පසුව ශරීරයේ සීනි මට්ටම පැය දෙකක් පමණ වනතුරු ඉහළ යයි. මේ කාලයේ දී ඉන්සියුලින් නැමැති හෝමෝනය මඟින් ලේවල ඇති සරල සීනි නොහොත් ග්ලුකෝස් සෛලවලට උරා ගැනේ. එවිට ශක්තිය ලැබේ.

ඉන්සියුලීන් නැමැති හෝමෝනය අප ශරීරය තුළ නිපදවන්නේ අගන්‍යාශයට. අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය අඩපණ වුණහොත් මේ ඉන්සියුලින් නිපදවීම නිසියාකාරව සිදුවන්නේ නැත. එවිට පිටතින් ඉන්සියුලින් ලබාදීම සිදුකෙරේ. මේ තත්ත්වය ඇතැමුන් තුළ කුඩා කලදීම දැකිය හැක. තවත් අයගේ එම තත්ත්වය ඇතිවන්නේ පසුකාලීනවයි.

විවිධ ආසාදන හේතුවෙන් අගන්‍යාශයට හානිවීම නිසාත් මේ තත්ත්වය ඇතිවීමට පුළුවන. එමෙන්ම නිතර නිතර පැණි රස හා පිටි සහිත ආහාර ගැනීම නිසාත්, නිතරම අගන්‍යාශයට ක්‍රියාකාරී වීමට සිදුවේ. සාමාන්‍යයෙන් මහන්සිවී වැඩකළ විට තෙහෙට්ටුවක් දැනේ. ඇතැම්විට ඒ පුද්ගලයන්ට ලෙඩ වූවා සේ ඒ මහන්සිය තදින්ම දැනේ. අපගේ ශරීර කොටස් ද සෛල රාශියක එකතුවකින් සෑදී තිබෙන බැවින් එම කොටස් ද අකර්මණ්‍ය විය හැකියි. එබැවින් ඉන්සියුලින් නිපදවීම නිසි පරිදි සිදුනොවේ.

රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් අපගේ ශරීරයට සිදුකරන බලපෑම:-
සීනි මට්ටම යම් ලෙසකින් වැඩි වුවහොත් එය රුධිරයේ ඉතිරි වන නිසා වැඩිපුර සීනි ඉවත් කිරීමට වකුගඩු අනවශ්‍ය ලෙස වෙහෙසවීමට සිදුවේ. එවිට වකුගඩු රෝගී විය හැකිය. එමෙන්ම ශරීරයට අවශ්‍ය ශක්තිය නොලැබී යාම හේතුවෙන් අවශ්‍ය ශක්තිය ලබාගැනීමට තෙල් හා ප්‍රෝටීන දහනය කිරීමට වෙහෙසීමෙන් වෙනත් රෝග ඇතිවිය හැක.

විශේෂයෙන්ම වකුගඩුවලට, අක්මාවට, අගන්‍යාශයට, ස්නායුවලට, ඇස්වලට මෙයින්  බලපෑම් ඇතිවිය හැකි වීම භයානක තත්ත්වයකි. එබැවින් දියවැඩියා රෝගියකු මෙන්ම රෝගයට තවමත් ගොදුරු නොවූ අයකු වුවද සීනි මට්ටම පාලනය කරගැනීමට සුදුසු ආහාර රටාවකට යාම ඉතා වැදගත් වේ.

බොහෝ දෙනෙකු තුළ දියවැඩියා ලක්ෂණ ඇතිවන්නේ ඇයි:-
අතීතයේ දී මිනිසා ආහාර ගැනීමත් සමඟ තම කය වෙහෙසා වැඩ කළේය. එකල ගත් ආහාර වේල් හිතාමතා නොවුණ ද තුලිත ආහාර වේලක් ද විය. එම ආහාර වේලේ පිෂ්ඨය, ප්‍රෝටීන්, විටමින් හා ඛනිජ ලවණ ද අන්තර්ගත විය. එමෙන්ම ඔවුහු නිතරම තම ගෙවත්තෙන් පිරිසිදු පළතුරු ද ආහාරයට ද ගත්හ.

නමුත් වර්තමානයේ දී කෘත්‍රිම රසායනික අඩංගු පිටි සහිත හා තෙල් සහිත ආහාර නිතරම ආහාරයට ගැනීම සිදුකෙරේ. එමෙන්ම බොහෝ දෙනෙකු දිනකට අවම වශයෙන් මීටර් දෙසීයක්වත් පා ගමනින් යන්නේ ද නැත. බොහෝ දෙනා අද ගමන් කරන්නේ වාහනයකිනි. රෙදි සෝදන්නේ මැෂිමෙනි. නිවසේ ඉතිරි කාර්යයන්ද යන්ත්‍ර සූත්‍රවලට බාරකර ඇත. එබැවින් ශරිරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩුවේ. එබැවින් අප ගන්නා ආහාරවල පවතින සීනි මට්ටම පාලනය කිරීමට අගන්‍යාශයට වැඩිපුර නිතරම වෙහෙසන්නට සිදුවේ. එවිට එහි ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු වී යාහැක.

දියවැඩියාව පාලනය කරගැනීමට ගෙදරදීම කළහැකි දේ:-
♦ රණවරා ගසේ පස්පංගුව තම්බා බොන්න. මෙය දියවැඩියාව පාලනය කරගැනීමට මෙන්ම බොහෝ රෝගවලට ගුණදායක වේ.
♦ මදටිය කොළ මැල්ලුම රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. නමුත් මෙම මැල්ලුම නිතරම ආහාරයට ගන්න එපා.
♦ “මස් බැද්ද” නම් වැල් කොළත් සමඟ කොටා අඬු කෝප්ප පමණ බොන්න. සීනි මට්ටම ඉතා වේගෙන් පහළ බසී. නමුත් මෙය වෛද්‍ය උපදෙස්වලින් තොරව නොගත යුතුය.
දියවැඩියා රෝගියකු නොකළ යුතුදේ:-
♦ දියවැඩියා රෝගියකු පුළුවන් තරම් තම කට පරිස්සම් කරගත යුතුය.
♦ රතු නිවුඩ සහිත සහල්වලින් පිසූ බත ආහාරයට ගන්න. තුන් වේලටම බත් නොකා, කඩල, මුංඇට, කව්පි වැනි ධාන්‍ය ආහාරයට ගන්න. බත් හැන්දක් පමණක් ගෙන එළවළු වැඩිපුර කෑමට එකතු කරගන්න.
♦ දියවැඩියා රෝගියෙකු කොස්, දෙල්, අල වර්ග වැඩිපුර ගැනීමෙන් වැළකීම අවශ්‍යය.
♦ වැඩිපුර පැණි රස, සීනි යෙදූ ආහාර ගැනීමෙන් වළකින්න.
දියවැඩියා රෝගීන් කළයුතු - නොකළ යුතු දේ
♦ කෝවක්කා කොළ සම්බෝලය ද සීනි මට්ටම පහළ බසී. මෙය දිගින් දිගටම ආහාරයට ගැනීමෙන් වළකින්න.
♦ තෙබු කොළ සම්බෝලය ද දියවැඩියාවට ඉතා ගුණදායක සම්බෝලයක් නමුත් මෙයද සතියකට වතාවක් දෙකක් භාවිත කරන්න. දිනපතා ආහාර වේලට එක්කරගන්න එපා.
♦ කටු ආත්ත පළතුර දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක පළතුරකි.
♦ ඉතා ඇඹුල් කෙසෙල්වලට වඩා භාගයට ඉඳුණු ඇඹුල් කෙසෙල් කෑවාට වරදක් නැත.
♦ බෙලි, නාරං, නෙල්ලි දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක වේ.
♦ ඉඳුණු වෙරළු දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක පළතුරක් වන අතර දිනකට ඉඳුණු වෙරළු ගෙඩි දහයක් වුවද කෑවාට වරදක් නැත. නමුත් රාත්‍රී කාලයේ දී ඉඳුණු වෙරළු කෑම සීමා කරන්න. ආහාර ජීර්ණයට ප්‍රමාද වීම එයට හේතුවකි. එමෙන්ම වෙරළු බීම සතියකට වතාවක්වත් බීම ඉතා ගුණදායක වේ.
♦ ඇඹරැල්ලා අමුවෙන් හෝ සීනි නොදැමූ ව්‍යාංජනයක් ලෙසින් ද ආහාරයට එක්කරගන්න.
♦ එමෙන්ම වෙනිවැල් ගැට තම්බා සතියකට වතාවක්වත් බීමට හැකිනම් දියවැඩියාව මෙන්ම වෙනත් බොහෝ රෝගාබාධාවලට ඉතා ගුණදායක ඖෂධයක් වේ.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top