Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
02
2025 කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පී තරගාවලියේ දී සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පියා

- 2025 කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පී තරගාවලියේ දී සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පියාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

වනජීවී ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum) විසින් සංවිධානය කරනු ලබන ලෝක ප්‍රකට Wildlife Photographer of the Year (WPY) තරගාවලියේ දී සම්මානයක් දිනා ගනිමින් යළිත් වරක් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දී තිබෙනවා.


'වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මාන' ලෙසින් හඳුන්වනු ලබන මෙම තරගාවලියේදී දෙවැනි වතාවටයි ඔහු මෙම සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබෙන්නේ.

ඒ අනූව වසර 61ක ඉතිහාසය තුළ මෙලෙස දෙවතාවක් සම්මාන ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට ඔහු ඉතිහාසගත වෙනවා.

1965 වසරේදී ආරම්භ කරන ලද මෙම WPY තරගාවලිය සඳහා මෙවර රටවල් 120 කට වැඩි සංඛ්‍යාවකින් වාර්තාගත ඡායාරූප 60,636ක් ලැබී තිබෙනවා.

ඉන් ඡායාරූප 100ක් පමණක් ජයග්‍රාහී ලෙස තෝරා ගෙන ඇති බවයි සඳහන්.

ලක්ෂිතගේ සම්මාන ලැබූ 'Toxic Tip' නම් ඡායාරූපය අම්පාර දිස්ත්‍රික්කයේදී ගනු ලැබූවක්.

එහිදී ඔහු වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ අලි - මිනිස් ගැටුම් සහ අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීමන් සිදුවෙන බලපෑම් පිළිබඳව තොරතුරු රැස් කර තිබෙනවා.

මෙම ඡායාරූපය තුළ දැවැන්ත කසළ ගොඩක ආහාර සොයන තනි අලියෙකු නිරූපණය වෙන අතර, ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ට පොලිතීන්, ප්ලාස්ටික් සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීරගත වීමෙන් එල්ල වන හානිකර තර්ජනය පිළිබඳව එහි පිළිබිඹු කරනවා.

විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වා දී ඇත්තේ මෙවැනි අපද්‍රව්‍ය ශරීරගත වීමෙන් අලි ඇතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අවහිරවීම, විෂවීම සහ ආයු කාලය කෙටි වීම සිදුවන බවයි.

වාසස්ථාන අහිමි වීම, කෘෂිකාර්මික ව්‍යාප්තිය, වනාන්තර විනාශය, අවිධිමත් සංවර්ධනය, ආහාර සහ ජලය සඳහා ඇති තරගය සහ දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණය හේතුවෙන් ශ්‍රී ලංකාව දැනටමත් ආසියාවේ අලි මිනිස් ගැටුම් ඉහළ අගයක පවතින බව වාර්තා වෙනවා.

එමගින් වාර්ෂිකව අලි ඇතුන් 400ක් පමණ සහ මිනිසුන් 100ක් පමණ මිය යන බවයි සඳහන්.

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් "මේ සම්මානය මට පමණක් හිමි වූවක් නෙවෙයි. අපගේ අපද්‍රව්‍ය සහ ජීවන රටාවන් වන සතුන්ට බලපාන ආකාරය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවට මෙය ඉතා වැදගත් සිහි කැඳවීමක්. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට අලි ඇතුන් අපගේ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් වන අතර, ඔවුන් ආරක්ෂා කිරීම අපගේ උරුමය ආරක්ෂා කිරීමක්." යනුවෙන් ලක්ෂිත කරුණාරත්න පවසනවා.

මේ අනූව ඔහු දැනට ශ්‍රී ලංකාවේ වඩාත් කීර්තිමත් වනජීවී ඡායාරූප ශිල්පියකු ලෙස පත්ව සිටිනවා.

ඔහු ජාත්‍යන්තර සම්මාන රැසක් දිනාගෙන ඇති අතර ඔහුගේ නිර්මාණ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍යවල පළ වී තිබෙනවා.

61 වැනි WPY සම්මාන උළෙල 2025 ඔක්තෝබර් 13 වන දින ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනූව ලක්ෂිතගේ 'Toxic Tip' ඡායාරූපය ලොව පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය දහස් ගණනක් විසින් පළ කරන ලද මුල් ගෝලීය මාධ්‍ය නිවේදනයේ ඇතුළත් ඡායාරූප 15න් එකක් බවට පත්ව තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top