1 Views
“මෙවරත්, ශ්‍රී ලංකා මහජන පක්ෂ සංස්කෘතික සංවිධානය හා විජය කුමාරණතුංග අනුස්මරණ සංසකෘතික පදනමේ අපි එකතු වෙලා ලොකු වැඩක් කරනවා. එහිදී සමස්ථ ලංකා කෙටි නාට්‍ය තරගය සහ විජය කුමාරණතුංග අනුස්මරණ සම්මාන උළෙල දැන් ආරම්භ වී තිබෙනවා. උත්සවය ඔක්තෝබර් 08 වැනිදා සවස 2.00ට මරදාන ඒල්ෆින්ස්ටන් රගහලේදී පැවැත්වෙනවා.. විජේ මහත්තයා වෙනුවෙන් අපි මේ වැඩ සටහන් මාලාව හැමදාම කරනවා.
ඒ් විතරක් නෙමෙයි, ලබන අවුරුද්දේ එතුමා වෙනුවෙන් හැමදාම අපි කරන ‘විජය ගී තරුව’ තෝරන ගායනා තරගයටත් මේ දවසස්වල අපි අයදුම්පත් කැදවනවා. ඒ් අයදුම් පත්, සැප්තැම්බර් 15 වැනිදට පෙර 453, නුවර පාර, කඩවත ලිපිනයට එවිය යුතුයි. අපි මේ හැමදේම කරන්නේ අපේ මානව හිතවාදී රටක් ආදරය කළ මනුස්සයා වෙනුවෙන්. මෙහෙම කිව්වේ රංගන ශිල්පි, අනුර ශ්‍රීනාත්.

