Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
31
අක්මාවේ ගැටලු පෙන්වන සංඥා මොනවද කියල දන්නවද ? මෙන්න විස්තරේ

- අක්මාවේ ගැටලු පෙන්වන සංඥා මොනවද කියල දන්නවද ? මෙන්න විස්තරේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

අපි හැමෝම කැමතියි නීරෝගි ජිවිතයක් ගෙවන්න.. 


ලෙඩක් දුකක් හැදුනාම කොච්චර අසරණ වෙනවද ? ඉතිං සුවෙන් ඉන්න නම් අපි ලෙඩ රෝග හැදෙන හැටි ගැන දැනගෙන ඉන්න එක වටිනවා ...

අක්මාව අපේ ශරීරය තුළ ඉතාම වැදගත් කාර්‍යභාරයන් රැසක් ඉටුකරන බව අපි කවුරුත් දන්නවා.

දැඩි වෙහෙසකින් යුතුව ක්‍රියාත්මක වෙලා අපේ ශරීරය මනාව සහ සුමටව පවත්වා ගෙන යන්න කටයුතු කරන, ඉතාම ක්‍රියාකාරී කර්මාන්තශාලවක් වගේ කියල අක්මාව හඳුන්වන්නෙ ඒ නිසයි.

ප්‍රධාන වශයෙන්,

Bile නම් සං‍යෝගය නිපදවීම මඟින් මේදය බිඳහෙලා අනෙකුත් පෝෂක ශරීරයට අවශෝෂණය කිරීම තුළින් ආහාර ජීර්ණ ක්‍රියාවලයටත්,

විෂ සහිත ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර, අප ගන්නා ඖෂධ ශරීරයේ අනෙක් කොටස් වලට අවශෝෂණය වීමට පහසු විෂ නොවන ආකාරයට පත් කිරීමෙන් ශරීරයේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහ තුවාලයක් හෝ කැපුමක් ඇතිවූ විට නොනවත්වා රුධිරය පිටවීමෙන් වැළැක්වීම සඳහා රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියටත් අක්මාව ප්‍රධාන වශයෙන් දායක වෙනවා.

මේ කරුණු නිසාම අක්මාව නීරෝගීව, නිසි ක්‍රියාකාරීත්වයකින් යුතුව පවත්වා ගැනීම ඉතාම වැදගත්.

පැරසිටමෝල් වැනි ඖෂධ නිර්දේශිත ප්‍රමාණ ඉක්මවා අධිමාත්‍රාවෙන් ගැනීම,

විෂ ශරීරගත වීම,

හෙපටයිටිස් ඇතුළු සමහර වෛරස් රෝග වැළඳීම,

කම්පන තත්වයන් සහ අධික උෂ්ණත්වයෙන් යුතු පාරිසරික තත්වයන් තුළ වෙහෙස වී කරන ශාරීරික ක්‍රියාකාරකම් වැනි හේතු නිසා අක්මාව නිසි ලෙස ක්‍රියාත්මක වීම සිදුනොවී දීර්ඝකාලීනව උග්‍ර අක්මා අකර්මන්‍යතා පවා ඇතිවීමේ අවදානමක් ඇති බවයි සඳහන් වෙන්නෙ.

ඉතිං, මේ විදිහට රෝගී වෙමින් පවතින ඔබේ අක්මාව තම ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවන බවට විවිධ විවිධ සංඥා ලබාදීම තුළින් ඔබව දැනුවත් කිරීම සිදුකරනවා.

මේ සංඥා එකක් හෝ කීපයක් ඔබට දකින්න ලැබෙනව නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක් මුණගැසිලා ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි.

එහෙනම් දැන් අපි බලමු මේ විදිහට අක්මාවේ ගැටළු පෙන්වන සංඥා මොනවද කියල?

Spider Angiomas
Spider angiomas එහෙමත් නැත්නම් telangiectasis කියන්නෙ අක්මා රෝග විශේෂයෙන්ම සිරෝසිස් ඇති පුද්ගලයන් අතර බහුලවම දකින්න ලැබෙන තත්වයක්.

නමුත් ගර්භණී කාන්තාවන් සහ උපත් පාලනයට ගිලින පෙති (cocp / combined oral contraceptive pills) භාවිතා කරන කාන්තාවන් අතරත් මේ තත්වය දැකගැනීමට පුළුවන් වගේම ඔවුන්ට මේ තත්වය ඇතිවීම හානිකර වෙන්නෙත් නෑ.

අක්මාව ඊස්ට්‍රජන් ඇතුළු හෝමෝන ක්‍රියාත්මක කිරීම සිදුකරන අතර අක්මාවට හානි වූ අවස්ථාවන් වලදී එම ඊස්ට්‍රජන් නිසි පරිදි පරිවෘත්තීය ක්‍රියාවලියකට ලක්කරන්න අක්මාවට හැකියාවක් ලැබෙන්නෙ නෑ.

ඒ නිසා රුධිරයේ ඇති ඊස්ට්‍රජන් මට්ටම වැඩි වී spider angiomas ඇති වීමට තුඩුදෙන රුධිර වාහිනී ප්‍රසාරණය වීම් සිදුවෙන්න පුළුවන්.

Finger clubbing
මේ තත්වයේදී ඇඟිලි තුඩු අග ඉඳිමුණු ස්වභාවයට පත්වීමත්, ඇඟිලි වලට යටින් සම වක්‍රකාරව ඉඳිමී රවුම් ස්වභාවයට පත්වීමත් මෙහිදී දකින්න ලැබෙනවා.

ඇඟිලි තුඩු වල ඇති සම්බන්ධක පටක ප්‍රමාණය වැඩිවීමත් සමඟ අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබී යාම නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්.

අක්මාවේ ක්‍රියාකාරීත්වයේ ඇති දුර්වලතා වගේම නිදන්ගත පෙණහළු රෝග, හෘද රෝග සහ බඩවැල් ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් විවිධ තත්වයන් නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන් නිසා මෙවැනි රෝග ලක්ෂණ නොසලකා නොහැර හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

සමේ කහ පැහැය
ඔබේ සම කහ පැහැයට හැරීම අක්මාවේ දුර්වලතා වගේම සමහර පිළිකා තත්වයන් සහ ඔබේ ශරීරය රුධිර සෛල බිඳ දමන තත්වයට පත්වී ඇති බව ඔබට ඉඟි සපයනවා.

බිලිරුබීන් ඔබේ ජීර්ණ ක්‍රියාවලියට උදව් කරන අක්මාවෙන් නිකුත් කරන බිලිරුබීන් තවදුරටත් නිපදවීමේ හැකියාවක් නොලැබීම නිසා ඔබේ ශරීරයේ අනෙකුත් ස්ථානවල බිලිරුබීන් නිපදවීම ආරම්භ කරන්න පටන් ගන්නවා. මේ නිසා ශරීරය කහ පැහැයට හැරීම දැකගන්න පුළුවන්.

ඒ නිසා ඔබේ සමේ වර්ණය විශේෂයෙන්ම ඔබේ ඇස් වල වර්ණය පිළිබඳව සැළකිලිමත් වීම ඉතාම වැදගත්.

රතු පැහැ අත්ල
අත්ලේ රුධිර පරිවහනය වැඩිවීම නිසා අත්ල මෙලෙස රතු රෝස පැහයට හැරීම සිදුවෙන්න පුළුවන්.

අක්මාවේ ගැටළු නිසා වගේම හෝමෝන වල වෙනස්වීම් නිසත් මේ තත්වය ඇතිවීමේ ඉඩකඩ ඇති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නෙ.

පියයුරු විශාල වීම
රුධිරයේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාම නිසා පියයුරු වල ප්‍රමාණය වැඩි වීම නිසා මේ තත්වය ඇතිවීම දැකගන්න පුළුවන්.

අක්මාවේ දුර්වලතා වගේම හෝමෝන වෙනස්වීම්, සමහර ඖෂධ සහ විශාල ප්‍රමාණයන්ගෙන් නිතරම මත්ද්‍රව්‍ය පානය කිරීම නිසාත් මේ තත්වයන් ඇතිවෙන්න පුළුවන්.

ඇඟ කැසීම
කිසිදු තුවාලයක් හෝ කැළලක් ඇති නොවී නොනවත්වා පවතින සිරුර පුරා කැසීමේ තත්වයත් අක්මාවේ යම් යම් ගැටළු ඇතිබව ඔබට පෙන්වන වැදගත් සංඥාවක් බව වෛද්‍යවරු ප්‍රකාශ කරනවා.

දුර්වල වූ අක්මාවෙන් තවදුරටත් විෂ ඉවත් කිරීම සහ බිලිරුබීන් නිෂ්පාදනය සිදු නොකරන නිසා ඒ සියළු විෂ, අපද්‍රව්‍ය සහ බිලිරුබීන් රුධිරය හරහා ශරීරය පුරා ගමන් කිරීම නිසා මේ තත්වය ඇතිවෙන බව හඳුනාගන්න පුළුවන්.

සමේ ඇතිවෙන කහ පැහැ ගැටිති
යටි පතුල්, අත්ල, වැළමිට යන ප්‍රදේශ වලත් බොහෝ විට ඇස් ආශ්‍රිතවත් ඇතිවෙන කහ පැහැ ඉලිප්පුනු ගැටිතිත් ඔබේ අක්මාවේ දුර්වලතා පෙන්නුම් කරන සංඥා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගන්නවා.

අක්මාව ශරීරයේ කොලෙස්ට්‍රෝල් ක්‍රියාකාරීත්වය සඳහා හොඳ කාර්‍යභාරයක් ඉටු කරන අතර දුර්වල වූ අක්මාවට තවදුරටත් එම කාර්‍යභාරය ඉටු කිරීමේ හැකියාවක් ලැබෙන්නෙ නෑ.

ඒ නිසා කොලෙස්ට්‍රෝල් ගැටිති රුධිරය හරහා ශරීරය පුරා ගමන් කර විවිධ ස්ථාන වල තැම්පත් වීම නිසා මේ තත්වය හටගන්නවා.

පහසුවෙන් තැලීම් ඇතිවීම සහ තුවාලයක් සිදුවූ විට නොනවත්වා ලේ ගැලීම
අක්මාව රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන බව අපි මුලින්ම සඳහන් කරා ඔබට මතක ඇතිනේ.

අක්මාව දුර්වල වීම නිසා මේ ක්‍රියාවලිය තවදුරටත් නිසි පරිදි ක්‍රියාත්මක වීම සිදුනොවීම නිසා මේ තත්වය ඇතිවීම දැකගන්න පුළුවන්.

ඇඟිලි දිග හැරීමට අපහසු වීම
අත්ල තුලට නැමූ ඇඟිලි නැවත දිඟ හැරීමට අපහසු ලෙස ශක්තිමත් සහ තද ගතියට පත්වීම සිදුවී ඇතිබව දැනෙනව නම්, එයත් අක්මාව දුර්වල වීම රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්.

මෙයට හේතුව පමණට වඩා කොලැජන් නිපදවීම බවයි සඳහන් වෙන්නෙ.

ඉතිං, මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවනන් තවත් ප්‍රමාද නොවී හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක් මුණගැහිලා අවශ්‍ය උපදෙස් ගන්න කියල අපි මතක් කරන්නෙ හරිම ආදරෙන්.


උපුටා ගැනීම – අන්තර්ජාලය..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top