Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
26
ඔවුන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට අවස්ථාවක් උදාවේවිද..? ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..

- ඔවුන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට අවස්ථාවක් උදාවේවිද..? ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

අලුත්ම අලුත් වාහන ගැන පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා කළා.. ඒ අතරින් මේ කියන්න යන පිරිසට ලැබුණේ විශේෂ අවස්ථාවක්.. 


විදේශ ශ්‍රමිකයන් සඳහා වාහන ගෙන්වීමට ලබාදුන් පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර (E.V. Visa) මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සහ වංචාසහගතව ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කරගෙන තිබෙනවා..

මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය අප්‍රේල් 04 වැනිදා පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවේදී (කෝපා) ජාතික විගණකාධිපති විසින් නිකුත් කරන ලද වාර්තාවලින් හා ඒ සම්බන්ධයෙන් කරන ලද පුළුල් විමර්ශනවලින් පසුවයි..

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග කළ අල්ලස් කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිවී තිබුණේ මෙම වාහන බොහෝ ප්‍රමාණයක් ගැනීමට විදෙස් ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවා නැති බවත් ඒ වෙනුවට විදේශ ශ්‍රමිකයන්ගේ ලියකියවිලි පෙන්වා එම බලපත්‍ර විදෙස් ශ්‍රමිකයන්ගේ නමට ලබාගෙන එම බලපත්‍ර කොළඹ පිහිටි මෝටර් රථ සමාගම් කිහිපයකට අලෙවි කර ඇති බවයි..

තවද මෙම වාහන බහුතරයක් ආයතන දෙකක් හරහා ආනයනය කර ඇති බවට සැකයක් ඇති බවද එම ආනයනය හරහා මහා පරිමාණ වංචා සිදුවී ඇති ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග පවසනවා..

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඇතැම් බලපත්‍රලාභීන් විසින් එම වාහන ගෙන්වීම සඳහා කිසිදු මුදලක් යොදවා නැති බවත් එම බලපත්‍ර රුපියල් මිලියන දෙකක් හෝ තුනක් වැනි මුදලකට කොළඹ 05 පාක් රෝඩ්හි පිහිටි ආයතනයකට අලෙවි කර ඇති බවයි..

එම විමර්ශනවලදී වාහන ගැනීම සඳහා වැය කළ සම්පූර්ණ මුදල ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු විසින් බලපත්‍රලාභීන්ගේ ගිණුමට බැර කර ඇති බවටත් ඉන්පසු එම ව්‍යාපාරිකයා විසින්ම එම වාහන තම නමට පවරා ගැනීම සඳහා ව්‍යාජ අත්සන් යොදා ඇති බවටත් බරපතළ සැකයක් මතුවී තිබෙනවා..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙලෙස මෝටර් රථ 1500ක් පමණ මෙරටට ආනයනය කර ඇති බවයි.. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම වාහන ආනයනකරුවන් හා බලපත්‍රලාභීන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන යන අතර එමගින් ද මෙම මෝටර් රථ ගෙන්වීමේදී හා විකිණීමේදී මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියක් සිදුවී ඇති ද යන්න පිළිබඳ බරපතළ සැකයක් පවතින බව එම කොමිසම් ආරංචි මාර්ග පවසනවා..

එම නිසා එම කොමිසමට විදේශ ශ්‍රමිකයන් වාහන ගෙන්වීම සඳහා මුදල් බැර නොකොට එම මුදල් ලංකාවෙන් උණ්ඩියල් ක්‍රමයට යවා නැවත ලංකාවට ගෙන්වා ඇත්දැයි යන්න පිළිබඳව බරපතළ සැකයක් මතුව ඇති බව ආරංචි මාර්ග තවදුරටත් පවසනවා..

දිවයින පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top