මේ කියන්න යන්නේ ඔවුන් වෙනුවෙන් වෙන්වුණු තවත් විශේෂ දවසක් ගැනයි.. මේ ඒ දවස වෙනුවෙන් ලියැවුණු තවත් එක් විශේෂ ලිපියක්..
"කාන්තාව දරාගැනීමේ සංකේතයයි. ගැහැනු දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු දිනයේ සිටම කාන්තාවන් විසින් විඳ දරා ගන්නා දෑ ඔබට අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නොවේ. කාන්තාවට සමාජයේ ගෞරවය එලෙසම ලබාදෙන බහුතරයක් දෙනා අතර එසේ නොකරන සුළුතරයක් ද සිටියි. විශේෂයෙන් මෙහිදී ඔබ ගෞරවය යන්න වරදවා නිර්වචනය කර නොගත යුතු අතර කාන්තාවට හිමි විය යුතු ගෞරවය යනු දුටු තැන ආචාර කිරීමක් හෝ මුදුන් පත් කිරීමක්ම නොවේ. සමාජයේ පුරුෂ පාර්ශවයට හිමි සම ස්ථානය හා අයිතිවාසිකම් කාන්තාවට ද ලබාදීම ඇයට හිමි විය යුතු ගෞරවයයි.
කාන්තාවන්ගේ සමානාත්මතා දිනය යනු පිරිමින් සමග සම තත්ත්වයෙහි සිටිමින් රට පුරා කාන්තාවන්ට ඡන්ද බලය හිමි කරදීම සිහිකිරීමට සෑම වසරකම එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරෙන දිනයකි. 1920 අගෝස්තු 26 දිනයේදී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය නීතියක් ලෙසින් බලාත්මක කළ අතර එක්සත් ජනපදයෙහි කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබාදුනි. මෙකී කාරණා පිළිබඳව මෙම දිනයේදී සාකච්ඡා කෙරේ.
ස්ත්‍රිය සහ පුරුෂයා එකම මට්ටමක සිටිය යුතුය. ස්ත්‍රීභාවය සහ පුරුෂභාවය උපතින් ලිංගිකත්වය මත හිමි වේ. නමුත්, ස්ත්‍රී, පුරුෂ සමාජභාවය යනු ඔවුන්ට සමාජ සංස්කෘතිය මගින් ලබාදෙන ආචාර ධර්ම හා විවිධ කරුණු මත පදනම් වූවක් ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළින් ස්ත්‍රීය එක් රාමුවකට පමණක් කොටු කරයි. මෙහිදී “ගැහැණිය යනු, දරුවන් රැකබලා ගනිමින්, නිවසේ කටයුතු කරමින් සිටින ලඳ බොළඳ, ළාමක, සාප්පු සවාරි යන චරිතයක්” ලෙස දකියි. සැබැවින්ම මෙම අර්ථය
ගැහැණියගේ අගය සහ කාර්ය නිවැරදිව නොදකියි. පුරුෂයා මූලික රටවල්වල විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල ස්ත්‍රීය පහත් කොට සැලකීමක් සිදු කරයි. සෑම විටම ස්ත්‍රීය ලිංගික පීඩිතයෙක් ලෙස, සංවේදී, විලාසිතාවලට හුරු වූ අයෙක් ලෙස දකින අතර පුරුෂයාව ලිංගික ප්‍රහාරකයෙක්, දැඩි අයෙක් ලෙස දකියි. අතීතයේ සිටම කාන්තාව අවප්‍රමාණයට ලක් වේ. කාන්තා සමානාත්මතාවය ගැන සාකච්ඡා කිරීමට ලෝකයේ මෙවැනි දිනයන් ද යෙදී ඇති බැවින් කාන්තාව යනු උත්තරීතර චරිතයකි.
ලෝකය පුරාම කාන්තාවට සමානාත්මතාවය ලබාදෙයි. සමානාත්මතාවය ලබා දෙන්නට උත්සාහ කරයි. එවැවින් ලංකාව තුළ ද ස්ත්‍රීය සහ පුරුෂයා අතර ඇති අසමානතාවය තුරන් කර සමානාත්මතාවය ළඟා කිරීම වැදගත් ය."