Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
01
"සමහර තැන්වල මම කැපෙයි කියලා හිතුණා.. ඇත්තටම ගොඩක් වෙනස් හැඟීමක් ඒ ගැන දැනෙන්නේ.." කාලයක් පෙරුම් පිරූ ඒ හීනය ළඟටම ආව නිලූෂි ආදර‍යෙන් කී ඒ කතාව මෙන්න..

- "සමහර තැන්වල මම කැපෙයි කියලා හිතුණා.. ඇත්තටම ගොඩක් වෙනස් හැඟීමක් ඒ ගැන දැනෙන්නේ.." කාලයක් පෙරුම් පිරූ ඒ හීනය ළඟටම ආව නිලූෂි ආදර‍යෙන් කී ඒ කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

ඇය කාගේත් ආකර්ශන‍ය දිනාගත්ත රූමතියක්.. නිලූෂි පවන්‍යා..

කාගේත් ආදරය දිනාගත් මේ සුපිරි තාරකාව ඔන්න දැන් හිරු මෙගා ස්ටාර් අවසන් මහා තරග රාත්‍රියේ නර්තනයෙන් තමගේ දක්ෂතා පෙන්වන්න සූදානමින් ඉන්නවා.. 


බලන්නකෝ අවසන් මහා තරගයට ලහි ලහියේ සූදානම් වෙන ඇය ඒ මේ තරගය ගැන, ඇගේ සූදානම ගැන අපට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්..

අවසන් මහා රාත්‍රිය මෙගා ස්ටර් මොන වගේ සූදානමක්ද තියෙන්නේ?

time නැති වුණත් Practice කරනවා. Hard workකරනවා.. ඉතිං අපි ගොඩක් එක එක දේවල් කරන්නේ.. ලස්සන ලස්සන Acts, ඉතින් මේකෙත් හොඳ තරගයක් දෙන්න සූදානම් වෙනවා.. ඇත්තටම තව දවස් කීපයයි තියෙන්නේ.. ඉතින් ඒකට හොඳ සූදානමක් තියෙනවා..

අවසන් මහා රාත්‍රිය මෙච්චර දවසක් දැක්ක තරගවලට වඩා විශේෂ වෙනවද..? කොහොමද ඒ ගැන පොඩි ඉඟියක් දෙන්න පුළුවන්ද..?

ඔව්... පොඩි වෙනසක් වෙයි... පොඩි වෙනසක්, ලොකු වෙනසක් නෙවෙයි ඉතින්... කොහොමත් මහන්සිවෙලා තරගයට හැමදාම මුහුණ දුන්නනේ..

මේ ආපු ගමන් මග ගැන දැනෙන සතුට එදා දවසේ අවසන් තරගයට ඔබ සුදුසුකම් ලැබුවා කියලා කියනකොට ඒ දැණුනු හැඟීම, මොන වගේද..? අපි ඒ ගැනත් කියමු...

ඇත්තටම ගොඩක් වෙනස් හැඟීමක් ඒ ගැන දැනෙන්නේ.. මම පළවෙනියට පටන් ගන්නකොට, මුලදී ඇවිල්ල සමහර තැන්වල මම කැපෙයි කියලා හිතුණා.. එහෙම හිතපු ගොඩක් තැන් තිබ්බා... ඉතින් එහෙම , කැපෙයි , කැපෙයි , මං කැපෙයිද ඒ වගේ හිතුණා.. ඒ වගේම Final මම තේරුණා කිව්වම ,මට මාර සතුටක් දැනුණා, සහ මම ඒකට රෙඩි වෙලා හිටියේ නැහැ.. මම තේරෙයි කියලා හැබැයි ගොඩක් කට්ටිය එක එක Comments දුන්නා.. ඔයා අනිවාර්යයෙන්ම Final 4වල ඉන්න ඕනි, එහෙම කියලා.. ඉතින් එහෙම අපි හිතන් නැතුව අවස්ථාවක් ආවම ඒක හරිම supris නේ... ඉතින් ඒ ගැන මම හරිම සතුටු වෙනවා... මෙච්චර දුර ඇවිල්ලා අවසන් හතරදෙන අතරට එන්න ලැබුණු එක ගැන...

අපි ඔබව දකින්නේ රංගනයෙන් ඒ වගේම නිරූපණයෙන්, දැන් නර්තන ශිල්පිනියක් හැටියට ඔබව හඳුනාගන්නවා.. ඒ හිරු මෙගා ස්ටාර් වේදිකාවෙන්... කොහොමද ඔබේ ඒ නර්තනයට තිබුණු කැමැත්ත, මේ හැකියාව හඳුනගත්තේ කවුද..? අපි ඒ ගැනත් මතක් කරමු..

මං චූටි කාලේ ගොඩක් Dancing, sports එහෙම තමයි කළේ.. මුලින්ම මට මතකයි මං චූටි කාලේ, අපෙන් හැමෝම අහනවනේ කවුරු වෙන්නද කැමති කියලා.. එතකොට මම කියන්නේ ටීචර් කෙනෙක්.. teacher කෙනෙක්ගෙනුත් මං කියන්නේ Dancing teacher කෙනෙක් වෙන්න කැමතියි කියලා.. ඇත්තටම මම university තේරෙන්නන කලින් අවුරුදු දෙකක් විතර international school එකක Dancing teacher කෙනෙක් විදියට වැඩ කරනවා.. ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මම උපාධිය හදාරනවා.. පහතරට තමයි මම ඉගෙන ගන්නේ හැබැයි මං Weston වගේ දේවල් කරලා නැහැ.. හැබැයි මට Traditional පුළුවන් චූටි කාලේ ඉඳන්..

එතකොට ඒ චූටි කාලේ ඉඳන් ඩාන්සින් කරන එක තිබුණා.. ඒකත් එක්ක පස්සේ මම කැම්පස් මම අවුට් වුණාට පස්සේ ලොකු කාලයක් මට Dancing Miss වුණා.. ඇත්තටම, ඒ කියන්නේ මං හිතන්නේ Miss වුණාට වැඩිය ගොඩක් අත් හැරුණා.. හැබැයි ඊට පස්සේ හිරු Mega Star නිසා තමයි ඩාන්සින් කියන දේ මගේ එලියට එන්නේ, සහ ඒ ගැන ගොඩක් අය දැන ගන්නේ.. සමහර අය දන්නේ නෑනේ කීපදෙනයි දන්නේ.. එතකොට ඒ අතරින් මං හිතනවා හිරු මෙගා ස්ටාර් මගේ Dancing Capacity එක ගැන ඒකට හරි සතුටුයි...

මේ ගමනේදී ඔබට ලොකු ශක්තියක් වෙන කෙනෙක් තමයි ඔබේ Partner, අපි නරේන්ද්‍ර ගැනත් කතා කරමු?

ඔව් නරේන්ද්‍ර කියන්නේ, මට Partner කෙනෙක් ඉඳලා, මට First act එක කරන්න තියෙනකොට Partner කෙනෙක් නැති වුණාට පස්සේ හරිම අමාරුවෙන් හොයාගන්න patner කෙනෙක්.. ඒ කියන්නේ ඇත්තටම එයාගෙන් පුළුවන්ද කියලා අහනකොට, එයා රංගන ශිල්පීයෙක්නේ.. ඒ නිසා එයා නටයිද කියන ප්‍රශ්නය මට තිබුණා.. ඒකත් එක්ක එයා මට මාර සපෝට් එකක් දුන්නා, සහ හැම act එකකටම මම හිතනවා, එයාගේ best එයා මේක ඇතුලේ කරනවා කියලා.. ඇත්තටම හොඳ සහයෝගයක් දෙනවා... මං හිතනවා ඒ නිසාම තමයි අපි දෙන්නාගේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ කියලා...

මේ තරගයට අනිවාර්යයෙන්ම ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කරන්න ඕනේ.. මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබෙන්නේ ?

මගේ පොඩි කාලේ ඉඳලා මම ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මගේ අම්මගෙන්..
ඒ කියන්නේ ජීවිතේ කඩා වැටීම්, පරාද වීම්, ඒ හැම දෙයක්ම.. පුංචි කාලේ ඉදන්ම මට ඒක අම්මගෙන් ලැබිච්ච දෙයක්... ඒ නිසාම මං ඒ ඕනිම දේකට Ready Girl කෙනෙක්... මං එහෙම අවස්ථාවල කට්ට කාගෙන අල්ලගෙන ඉන්නවා.. මට මගේ හැම දේකදිම වගේම අම්මා තමයි මගේ ජීවිතේදී හයිය.. අම්මා මට ගොඩක් Advice කරනවා වගේම එයා ඉන්නේ දුර මං ඉන්නේ කොළඹ, එයා මට ගොඩක් wish කරනවා Pray කරනවා..
මගේ ජීවිතය මං හිතන්නේ ඒක තමයි මට ලැබිලා තියෙන ලොකුම තෑග්ග..

මේ තරගාවලියේදී ඔබට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා.. අපි ඒ ගැනත් කතා කරමු... මොකද හිතන්නේ බාධක මැද ආපු ඒ ගමන ගැන..?

ඔව් මං ඒක හිතුවෙම නැහැ.. සමහර අය හිතන්නෙ මං ඒක Voting ගන්න කරපු දෙයක් කියලා.. හැබැයි මේ වෙනකොට අපි පොලිසියේ complain එකක් කරලා ඒකට ඒ නම්බර් චෙක් කරලා, අපට දැන් තියෙන්නේ ඒ කෝල් කළේ කවුද කියලා හොයාගන්න විතරයි.. දැන් වෙනකොට සියලුම තොරතුරු හොයාගෙන ඉවරයි.. තව පොඩි දෙයක් විතරයි තියෙන්නේ.. මම දැන් ඒක කියන්නේ නැහැ.. ඒ කවුද කියලා හොයාගන්න.. මට දැනගන්න ඕනි එක කවුද කළේ කියන එක.. ඒක මම බලාපොරොත්තු නොවිච්ච දෙයක්.. මේ වගේ තරඟයකට ඇවිල්ල මනුස්සයෙක් එහෙම කරයිද කියන එක ඇත්තටම හිතාගන්න අමාරුයි... හැබැයි පොලිසිය කරන්න ඕනි දේ මේ වෙද්දී කරලා තියෙනවා.. අපිට ඒකට ඕන තොරතුරු හම්බවෙලා තියෙනවා.. අපි තාම පොඩ්ඩක් Silent වෙලා ඉන්නවා Mega Star ඉවර වෙනකන්...

ඊට පස්සේ අපි බලනවා ඒක කළේ කවුද කියන එක.. හැබැයි කරපු කෙනා හිතන්නෙ නැතුව ඇති මෙච්චර දුරක් අපි ඇවිල්ලා එයා කියපු දේට බයවෙලා සද්ද නැතිව ඉඳියි කියලා.. මොනවා හරි අපරාධයක් වුණත් මේ ලෝකෙ ඕන තරම් හොයාගන්න විදි තියෙනවනේ... එයා දුක් වෙයි කළේ ලොකු මෝඩකමක් කියලා..

මාස ගණනක කැප කිරීමක් අවසන් මහා තරගයට ඔබ තේරුණා කියලා වේදිකාව මත එදා ඔබේ නම කියන කොට ඒ මොහොතේ දැනුණේ මොන වගේ හැඟීමක්ද..?

මම මුලින් එනකොට අයින් වෙන කතාව හදාගෙන ආවේ.. ඒකට හේතුව තමයි මට ආපු අර තර්ජනයි... ඒවත් එක්ක මං හිතුවේ මාව කපන්නනේ හදන්නේ, මොකද ඒක කරන්නෙත් අපිත් එක්ක ඉන්න කෙනෙක් වෙන්න එපැයි, කියන එක තමයි මගේ ඔළුවේ තිබුණේ.. එතකොට මම අවසාන පස් දෙනාගෙන්, අපි අද කැපෙනවා වගේ Mind එක තමයි මම හිටියේ... ඒකට ඕන කතාව, හැමදේම මම ලෑස්ති කරගෙන තමයි ආවේ.. එතකොට ඒ මොහොතේ මම තේරුණා කිව්වහම මට ලොකු සතුටක් දැනුනා.. මං හිතුවේ නෑ, මං හිතුවේ අද නම් හරි ෂොට් එක වදිනවා.. හැබැයි මාරම සතුටුයි ෆයිනල් එන්නනේ හැමෝම ට්‍රයි කරන්නේ , මං හිතනවා මේ තරඟය මම දින්නත් පැරදුනත් මම ෆයිනල් ආවනේ කියලා..

අවසන් මහා තරග රාත්‍රිය හරිම උත්කර්ෂවත්.. එදා දවසේදී ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණොත් කිරුළ ඔබේ වුණොත්..., දැන් ඒ ගැන හිතනකොට මොන වගේ හැඟීමක්ද ඔබට දැනෙන්නේ..?

සතුටුයි, හැබැයි මම අර, කොහොමත් මේ හතර දෙනාගෙන් එක්කෙනයිනේ Win කරන්නේ එක එක්කෙනාගේ එක එකට Talents තියෙන්නේ.. මං මට කිරුළ හම්බවෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් කිරුළ වෙනුවෙන් තියාගෙන නැහැ මම ට්‍රයි කරනවා..
ලැබුණොත් සතුටක් දැනෙයි.. මං Final Four වෙන්නවත් හිතපු නැති කෙනෙක්නේ.. ඒක ලැබුණොත් මට නම් හිතාගන්නවත් බැරි වෙයි.. හැබැයි මං හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.. හම්බුනොත් මට ගොඩාක් සතුටු හිතෙයි... බලමු ඉතින්

අවසන් වශයෙන් මේ ආපු ගමන් මගේ ඔබට ස්තුතිවන්ත වෙන්න කෙනෙක් ඉන්නවනම් ඒ අය මතක් කරමු?

මුලින්ම මගේ ගෙදර අය මගේ අම්මා, තාත්තා මගේ පවුලේ අය.. එතකොට මගේ ඩාන්සින් හදන්නේ තරංග.. එයාව මං ආදරෙන් මතක් කරනවා, එයා මට මගේ Dancingවලට මාර Creations කරලා දුන්නා.. මගේ නැටුම්වලට එක එක Styles, එයා මට කරල දෙනවා... ඉතින් "Tharanga dance academy" අනිවාර්යයෙන් එයාව මතක් කරන්න ඕනේ..
මොකද මම කොහේ හරි තැනක එක එක Variationsවලින් නටනවා නම්, ඒක එළියට අරගෙන එන්නේ එයානේ.. ඉතින් ඒක මතක් කරන්න ඕනි ඒවගේමම නරේන්ද්‍ර වගේම රුවිනි, මම මෙගා ස්ටාර් පටන් ගන්න කලින් ඉඳන් මට මාර ශක්තියක් වෙච්ච කෙනෙක්, ඒ වගේම මගේ හෙයා ඇන්ඩ් මේකප් කරපු අය... මලිත්, ලක්ඛිත, තීක්ෂණී අක්කා, පසිඳු, මගේ ඇඳුම් ලස්සනට හදලා දෙන චිරන්ත පියුමාල් , ඒ හැමෝම මතක් කරනවා මං ආදරෙන්..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top