ලෙඩ දුක් බාධක කරදරයන්ට පත්වීම් , අසනීප ඇතිවීම් සාමාන්‍ය දෙයක්.
අපේ පැරණි ජනතාව මෙවන් කරදරවලින් මිදීමට පාරම්පරිකව වැළඳගත් දැනුම් පද්ධතියක් තිබුණා. ඒ අතර කෙම් ක්‍රම ඉදිරියෙන්ම තිබෙනවා.
හෙළ වෙදකමේ වගේම ජෝතිෂයේත් කෙම් ක්‍රම වඩාත් ප්‍රබලව භාවිතා වුණා.
අද කතා කරන්න හදන්නේ ඉපැරණි කෙම් ක්‍රම කීපයක් පිළිබඳව.
මේ කෙම් ක්‍රම බොහොමයක් මුක පරම්පරා ගතව පැවත එන ඒවා..
01. විවාහ ප්‍රමාදයට නම් කරඳ කොළ මත කෙකටියා මල් තබා ඒ මතම තවත් දියේ පිපෙන මල් 07ක් (නෙළුම් හෝ මානෙල් ආදී) තබා සිකුරාදා උදේ 06.00ත් 07.00ත් අතර අනුහස් බෝධියකට පූජා කරන්න.
02. රසකිඳ වැල්, මුල් හා බෙලි මල් නැවුම් මැටි කළයකට දමා පැන් පුරවා සරස්වතී දැහැනින් 21 වර ජීවම් කර අධ්‍යාපනය සිදුකරන හෝ විභාගවලට පෙනී සිටින දරුවන්ට උදේ – සවස දෙන්න. නුවණ වර්ධනය වේ. අධ්‍යාපන බලය ලැබේ.
03. කේතු අපල තිබේ නම් වෙද බැබිල මල් සමඟ අබ තෙල් පහන් දල්වා බෝධියකට පූජා කරන්න.
04. යන ගමන සුබ වෙන්නත් ජය ගන්නත් ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ගාථාවෙන් 21 වර රත් හඳුන් ජීවම් කර නළලේ ගා නිවෙසින් පිටත්ව යන්න. සියල්ල ඉටුවේ.
05. නිවෙස්වල සන්ධ්‍යාවේ අමනුෂ්‍ය දුගඳ හෝ වෙනත් දෝෂ පවතින්නේ නම් කොහොඹ ඇට අභිසම්භිධාන පිරිතෙන් 21 වර පිරිත් කර තවත් සුවඳ කුඩු සමඟ මුසු කර සමස්ත නිවෙසටම දුම් අල්ලන්න.
06. බලවත්ව දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශීර්වාදය උදා කර ගැනීමට ඇහැළ කඳකින් සාදන ලද බෙරයක් දේව ආරාධනාවට නාද කරන්න. දෙවියන්ගේ පිහිට උසස්ව ලැබේ.
07. නිවෙසේ හෝ පිරිසුදු පවිත්‍ර තැනක හීන් උඳුපියලිය සිටුවා ඒ මත කුඩා දරුවන් තබන්න. නුවණ වැඩිවේ. යටගිය නුවණ මතු වේ. පෙනීමත් වර්ධනය වේ.
08. මී මැසි පාලනය සිදුකරන තැන්වල මී මැස්සන් වැඩි කර පැණිද වැඩි කර ගැනීම පිණිස හෙන්දිරික්කා මල් පැළ සිටුවන්න.
09. සෙනසුරුගේ හෝ කුජගේ රාහුගේ බලවත් අපල දෝෂ දුරු කරගන්නට පූජා පවත්වනවිට කටු කුරුඳු කොළ තබා ඒ මත අබ තෙල් පහන් 4ක් දල්වා පූජා තබන්න. ප්‍රතිඵල ඉක්මනින් ලැබේ. ඉක්මන් සුවය ලැබේ.
10. නොගැළපෙන අනියම් සම්බන්ධතා දුරු කරගන්නට නම් ඒ සබඳතා සහිත අයගේ නම් දෙක දිවිකදුරු කොළ දෙකක ලියා කර ගහේ කටු ගෙන අකුරු ගිනි කාරක දැහැනින් මතුරා පැඟිරි දර මත දමා පුලුස්සන්න. නොගැළපෙන අනියම් සම්බන්ධතා නවතී.
11. මී ඇට හා කොළ, ගුඩු පොල්, ඇටඹුරා කොළ එකට කොටා යුෂ ගෙන එයට තැඹිලි තෙල්ද මුසු කොට නැවත හොඳින් පදමට සිඳුවා ශරීරයේ තැළීම්, රිදුම් ඇති ස්ථානවල ගාන්න. ඉක්මනින් සුවය ලැබේ.
12. කලකට පසුව පිපෙන කඩුපුල් මල් පිපෙන වේලාව බලා කුඩා දරුවකු අතින් ඒ මල් කඩා අඹ ගසක් යට දී පත්තිනි මෑණියන්ට පූජා කරන්න. දරුවාට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේ.
උපුටාගැනීමක්