Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
15
ලග්නයට අනුව වාසනාව ගෙනෙන පාට තෝරාගමු....

- ලග්නයට අනුව වාසනාව ගෙනෙන පාට තෝරාගමු....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10 Views

ජෝතිර්වේදය කියන්නේ ඉපැරණි දැනුම් පද්ධතියකට. 


ලොව පුරා බොහෝ ජනයා ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරන අයට උපතේදී වෙලාව අනුව ලග්නයක් ලැබෙනවා. අද කතා කරන්න හදන්නේ ලග්නේ අනූව වාසනාව ගේනන පාට ගැන.

ඔබේ ලග්නයට අනුව ඔබට ගැළපෙනම, වාසනාවන්ත වර්ණයන්වලින් ඔබට අවශ්‍යම දේවල් තෝරාගැනීම තුළින් ඒ ඒ කටයුත්තට අදාලව ඔබගේ උනන්දුව, උත්සාහය වැඩි වෙනවා කියලා දන්නවද ?

උදාහරණයක් ලෙස ඔබගේ නිවාස තුළ, නැතිනම් ව්‍යාපාර ස්ථානය තුළ ඔබ වැඩියෙන් ගැවසෙන කාමරයන්හි ඔබට ගැළපෙනම වර්ණ ආලේප කරන්න.

ඔබේ කාර්යාලීය මේසය උඩ ඔබට වාසනාව ගෙනෙන ඔබේ ලග්නයට අදාළ පැහැයන් වැඩිපුර ඔබේ ඇසට පෙනෙන සේ තබන්න.

ජ්‍යොතිෂයට අදාලව ඒ ඒ දිනයන් උදෙසා ගැළපෙන වර්ණයන් නිර්දේශ කර ඇත.

ඉරිදා දිනට රන්වන් පාටද, සඳුදා දිනට සුදු පාටද, අඟහරුවාදා දිනට රතු පාටද, බදාදා දිනට කොළ පාටද, බ්‍රහස්පතින්දා දිනට කහ පාටද, සිකුරාදා දිනට විවිධ වර්ණද (වෛවර්ණ), සෙනසුරාදා දිනට නිල් පැහැයද භාවිත කෙරේ.

ඒ අනුව ජීවිතය සාර්ථක කරගන්නට නම් වර්ණ සඳහාද ඉහළ වටිනාකමක් ලබා දිය යුතුය.

එපමණක් නොවේ , උත්පත්තියේදී ඔබට හිමිවන ලග්නයට අදාලව වර්ණ තෝරා ගැනීම තුළින් ජීවන ගමනේ දියුණුව උදෙසා ඔබ කරන කියන දේ වඩාත් සාර්ථක වනු ඇත.

එසේනම් ඔබේ ලග්නය අනුව ඔබට වාසනාව ගෙනෙන වර්ණ මොනවාදැයි අපි බලමු.

මේෂ ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ රතු, රෝස සහ සුදු වර්ණයන්ය. අඟහරුවාදා, සෙනසුරාදා හා සිකුරාදා දිනයන් ඔබට සුබ වන අතර අනෙක් දවස් ඔබට එතරම් සුබ නොවේ. වියදම් වැඩි වේ.

වෘෂභ ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ රෝස සහ සුදු වර්ණයන්ය.

ජයග්‍රාහී දිනය බදාදා වන අතර සිකුරාදා දිනයද යහපත් ප්‍රතිඵල උදා කරයි. සෙනසුරාදා දිනය ඔබට එතරම් යහපත් නොවේ.

මිථුන ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ කොළ සහ කහ වර්ණයන්ය. රතු වර්ණයෙන් ඔබ දුරස්වන තරමට යහපත් වේ. සඳුදා දිනයේදී ආදායම වැඩි වන අතර අඟහරුවාදා දිනයද සියලු කටයුතුවලට යහපත් වේ. බ්‍රහස්පතින්දා යනු ඔබේ ජයග්‍රාහී දිනයයි.

කටක ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ සුදු හා කහ වර්ණයන්ය. කොළ වර්ණ අසුබ වන අතර අඟහරුවාදා හා සිකුරාදා දින ඔබට යහපත් වෙයි. රැකියාමය සහ අධ්‍යාපනිකමය කටයුතු සඳහා ඔබට සඳුදා දිනය වඩාත් සුදුසුයි.

සිංහ ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ රතු සහ කොළ මිශ්‍ර කහ වර්ණයන්ය.

නිල් හා සුදු වර්ණ ඔබට අසුබ ප්‍රතිඵල උදා කරයි. ඉරිදා දිනය ඕනෑම වැඩකට සුබ වේ. සඳුදා දිනය සුබ නොවේ. අඟහරුවාදා ඉතාම සුබ දිනයක් වන අතර දීර්ඝ ගමනක් යෑමට හා තරග විභාගවලින් ජය ගැනීමට එය උපකාරී වේ.

කන්‍යා ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ කොළ සහ කහ වර්ණයන්ය. රතු සහ නිල් වර්ණයන්ගෙන් ඔබ ඈත් වන තරමට යහපත්ය.

බදාදා දිනය ඔබට ඉතාමත් වාසනාවන්ත දිනයකි.

සිකුරාදා ධනය ලැබේ. අඟහරුවාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයන් ඔබට අසුබ වේ.

තුලා ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණය වන්නේ තැඹිලි වර්ණයයි.

සුදු හා රතු වර්ණද ඔබට මංගල කටයුතු සඳහා තරග විභාග කටයුතු සඳහා යහපත් ප්‍රතිඵල උදා කරයි. ඉරිදා හා සඳුදා දිනයන් ඔබට වාසනාවන්ත වන අතර සෙනසුරාදා දින විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙනු ලබයි. බ්‍රහස්පතින්දා දිනය ඔබට අයහපත් වේ.

වෘශ්චික ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ කහ සහ රතු වර්ණයන්ය. උසස් නිලධාරීන් හමුවන්නට යෑමට, රැකියාමය කටයුතු සඳහා ඉරිදා දිනය ඔබට යහපත් වේ.

බැංකු කටයුතු සහ මංගල කාරණා සම්බන්ධයෙන් ඔබට යහපත් දිනය වන්නේ බ්‍රහස්පතින්දාය.

නීතිමය කාරණාවන් සඳහා ඔබට සෙනසුරාදා දිනය යහපත් නොවේ.

ධනු ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ සුදු, ක්‍රීම්, කොළ, තැඹිලි සහ ළා නිල් වර්ණයන්ය. රතු සහ මුතු වර්ණයන් ඔබට අසුබ වේ.

බදාදා හා සිකුරාදා දිනයන් ඔබට ඉතාමත් වාසනාවන්ත වන අතර සඳුදා දිනය කරදරවලින් සිත් තැවුල් ඇති කරයි.

මකර ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ සුදු, රතු සහ නිල් වර්ණයන්ය. කහ සහ ක්‍රීම් වර්ණයන්ගෙන් ඔබ ඇත්වන තරමට යහපත්ය. ව්‍යාපාර කටයුතු සඳහා සිකුරාදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයන් සුබ වේ. බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනයන් ඔබට වියදම් අධික කරවයි.

කුම්භ ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ කහ, රතු, සුදු සහ ක්‍රීම් වර්ණයන්ය. බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ අඟහරුවාදා යන දිනයන් ඔබට ඉතාමත් සුබ වන අතර බදාදා සහ ඉරිදා දිනයන් එතරම් සුබ නොවේ.

මීන ලග්නය හිමි ඔබට ගැළපෙනම වර්ණයන් වන්නේ රෝස, රතු සහ තැඹිලි වර්ණයන්ය. බ්‍රහස්පතින්දා දිනය රැකියාමය කටයුතු උදෙසා යහපත් වන අතර අඟහරුවාදා දිනය දීර්ඝ ගමන් හා මිල, මුදල් කටයුතු සඳහා සුබ වේ..

උපුටාගැනිමක්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top