මේ කියන්න යන්නේ මේ සතියේ ඔබේ ලග්නයට කොහොමද කියලා.. ඉතින් ඔබේ ලග්නයට අදාල පලාඵල හරියටම දැනගෙන සතිය සැලසුම් කරන්න..
මේෂ
රැකියාවේ විශේෂ වරප්‍රසාද
පවුලේ වගකීමක් තමා වෙත පැවරෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ප්‍රමාදවූ ගනුදෙනුවක් සාර්ථක කරන කාලයකි. එමෙන්ම කලබලකාරි ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇති සතියකි. නිතර ඇසුරු කරන අයකු නිසා කරදරකාරි බවක් ඇති කරයි.
රැකියාව
රැකියාවේ විශේෂ වරප්‍රසාද කීපයක් හිමි කරයි. එමෙන්ම ආයතන ප්‍රධානීන්ගේ හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමේ අවස්ථා උදා කරයි. අතමිට සරුකරන සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලද නිරතවන කාලයකි. පදිංචි ප්‍රදේශයෙන් බැහැරව රැකියාවේ කටයුතු කරගෙන යයි.
අධ්‍යාපනය
අලුත් පොත්පත් මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට වෙහෙසෙන කාලයකි. නව දැනුම සොයා යන මාර්ගවල නිරත වෙයි. ගණිත අංශයේ, තාක්ෂණික අංශයේ කටයුතුවලින් විශේෂ දක්ෂතා දක්වයි.
සෞඛ්‍යය
පපුව, පෙනහැල්ල සම්බන්ධ ආබාධයක් හේතුවෙන් පීඩාවිඳින කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ. සෞඛ්‍ය පරීක්ෂණයකට ද යොමුවීමට ඉඩ ඇත. හදිසි වැටීම් තැලීම්වලටද ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - නිල්
සුබ දවස - සිකුරාදා
වෘෂභ
ව්‍යාපාර දියුණුව සැලසෙයි
විශේෂ සැලසුමකට කටයුතු උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙහෙසකාරි කටයුතු කිහිපයක් යෙදෙන සතියකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. සමිති සමාගම්වල නිලතල දැරීමට සිදුවෙයි. සතිය මැද කාලයේදී පවුලේ ආගමික කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙයි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි කරයි. රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකි කාලයකි. කරගෙන යන ව්‍යාපාරයක දියුණුවක් දැකිය හැකි කාලයකි.
අධ්‍යාපනය
සාහිත්‍ය හා කලා අංශයට ළැදි කාලයකි. එමෙන්ම දැනුම, බුද්ධිය, වර්ධනය වන වැඩකටයුතුවලට සම්බන්ධවීමට ආශාවක් දක්වයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.
සෞඛ්‍යය
හදිස්සියේ ඇතිවන කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම වරින්වර ඇතිවන ක්ලාන්ත ගතියකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 03
ජය අංකය - 04
ජය වර්ණය - කහ
සුබ දවස - බදාදා
මිථුන
අලුත් දේ මිලදී ගනී
සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට අවස්ථාව උදා කරන සතියකි. ළඟම හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ඇවිදිලි ඇතිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු උදා කරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට ද හේතු යෙදෙන සතියකි.
අධ්‍යාපනය
සාහිත්‍ය හා කලාකටයුතුවලින් උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන කාලයකි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට ද සැලසුමක් ඇති කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට ද කටයුතු සැලසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
කොන්ද හා පාද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ඇවිදිලි වැඩිකරන කටයුතු හා බර ඉසිලීම් වැනි ක්‍රියාකාරකම්වලින් ඈත්වී සිටීම යහපත් කරයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය 02
ජය වර්ණය - කහ
සුබ දවස - සිකුරාදා
කටක
හදිසි ගමන්
සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. බාහිර වැඩකටයුතුවලට උනන්දුවක් දක්වයි. අසල්වාසියකු සමඟ සුහදවීමට අවස්ථාව උදා කරයි. හදිසි ගමන් බිමන් යෙදෙන කාලයකි. අලුත් සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි.
රැකියාව
අලුත් රැකියාවක නිරතවීමට අවස්ථාව උදා කරයි. පාලක පක්ෂය සමඟ සුහදව කටයුතු සිදුකරයි. අන් අයගෙන් වැඩ ගැනීමට දක්ෂතාවයක් දක්වන කාලයකි. බොහෝ දෙනා එක්ව කරන රැකියා මාර්ගවලට හේතු යෙදෙන බවක් පෙනේ.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි. එමෙන්ම තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. එමෙන්ම අලුත් පොත්පත් කියවීමට ද කැමැත්තක් දක්වන බවක් පෙනේ.
සෞඛ්‍යය
පපුව, පෙනහැල්ල ආශ්‍රිත රෝග පීඩා මතුවිය හැකි කාලයකි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම යහපත් කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද භාජනයවීමට සිදුවන බවක් පෙනේ.
අය 07 වැය 04
ජය අංකය 06
ජය වර්ණය - දම්
සුබ දවස - සිකුරාදා
සිංහ
ගනුදෙනුවලින් වාසි
විශේෂ කෙනකුගේ ඇසුරකට කටයුතු උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් පැවැති සැලසුම් කීපයක් වෙනස් කරයි. වෙනදාට වඩා සැහැල්ලුවෙන් එදිනෙදා කටයුතු කරගෙන යයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ළඟම හිතවතකුගෙන් තෑගි බෝග හිමිකරයි. රාත්‍රී ගමන් බහුල කාලයකි. වාහන ගනුදෙනුවකින් වාසි සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ සැලසුම් කීපයක් වෙනස්කරයි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. සුළු සුළු ලාභ ලැබෙන ස්වයං රැකියාවලට හිමිකම් ඇති කරයි.
අධ්‍යාපනය
තරමක බාධා යෙදුණත් අධ්‍යාපන කටයුතු උනන්දුවෙන්, උත්සාහයෙන් කරගෙන යයි. උසස් අධ්‍යාපන වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. නව දැනුම සොයායන මාර්ගවල නිරත වෙයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. කොන්ද, තුනටිය සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි. හදිසි ආයුර්වේද ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සැලසුමක් ඇති කරයි.
අය 08 වැය 07
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - සඳුදා
කන්‍යා
විශේෂ කෙනකුගේ හමුවීමක්
ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ අය අතර කැපී පෙනෙන සතියකි. දරුවකුගේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. සහෝදර සහෝදරියන්ට ළැදි කාලයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදු කරයි. අනාථ අසරණ කෙනෙකුට උපකාර කරයි. සතිය මැද කාලයේදී පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දුරබැහැර ප්‍රදේශයකට රැකියාවේ කටයුතු සඳහා යාමට සිදුවෙයි. රැකියා ස්ථානයේ අය අතර හොඳහිත දිනාගෙන කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසේ. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදා කරයි. ආගම දහම ඉගෙනීමට විශේෂ කැමැත්තක් දක්වයි. විදෙස් අධ්‍යාපන සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ.
සෞඛ්‍යය
උෂ්ණාධික අසනීප තත්ත්වයකට ප්‍රතිකාර පතයි. වරින්වර උගුර සම්බන්ධ ආබාධයකට මුහුණපායි. හදිසියේ ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 05
ජය අංකය - 07
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා
තුලා
ගුප්ත කටයුතුවලින් පිහිට
හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අලුත් දේ මිලදී ගැනීමට කටයුතු සැලසෙන සතියකි. උත්සාහයෙන්, උනන්දුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. සතිය මැද කාලයේදී හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. පවුලේ පැවැති මත ගැටුමක් සමතයකට පත්වන බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරයි.
රැකියාව
හදිසි රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. එහෙත් රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. රැකියා ස්ථානයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියුතුª අයට විශේෂ වාසි කිහිපයක් උදා කරයි.
අධ්‍යාපනය
ඉගෙනීමේ කටයුතුවලට පැවැති උදාසීන ගති මඟහැරී යයි. සංගීතයට, කලා අංශයට ළැදි කාලයකි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින් වර මතුවීමට ඉඩ ඇත. ශරීර සෞඛ්‍යය පිළිබඳ නිතර සැලකිලිමත් වන්න. පාදයේ හටගන්නා ආබාධයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර පතයි.
අය 05 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - කහ
සුබ දවස - බ්‍රහස්පතින්දා
වෘශ්චික
ස්වයං රැකියා අවස්ථා
වගකීම් බහුල කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අමතර ලැබීම් හිමිකරන කටයුතුª කීපයකට යොමුවීමට ඉඩ ඇත. යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. මවු පාර්ශ්වයේ ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරන කාලයකි. සතිය මැද කාලයේදි පදිංචිය සම්බන්ධ ගැටලු කීපයක් මතුවීමට ඉඩ ඇත.
රැකියාව
ආර්ථික අතින් දියුණුවක් ගෙන දෙන ස්වයං රැකියාවකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. එමෙන්ම උගත්කමට සරිලන රැකියා මාර්ගවලටද හේතු යෙදෙන බවක් පෙනේ. කරගෙන යන රැකියාවක තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇත.
අධ්‍යාපනය
පැවැති උදාසීන ගති මඟහැරී යමින් ඉගෙනීමට උනන්දුවක් දක්වයි. දැනුම බුද්ධිය වර්ධනය වන කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන සතියකි.
සෞඛ්‍යය
නිතර රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. නිසි ආහාරපාන ක්‍රීඩා හෝ ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා කාලයකි. එහෙත් වරින් වර හදිසි අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීමටද සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 05
ජය අංකය 09
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සිකුරාදා
ධනු
ගනුදෙනුවකින් නිදහස
උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පවුලේ වගකීමක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙයි. පැවැති ගනුදෙනුවකින් නිදහස අත්වන බවක් පෙනේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. පවුලේ සතුට, සැනසීම වෙනුවෙන් කැපකිරීම් කිරීමට සිදුවන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කරගෙන යන කාලයකි. එමෙන්ම රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. ශරීර වෙහෙසීම් වැඩිකරන රැකියා මාර්ගවලට හේතු ඇතිකරයි. රැකියාවේ කටයුතුවලින් අන් අයගේ ප්‍රශංසාවට ලක්වීමට ඉඩ ඇත.
අධ්‍යාපනය
කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා කාලයකි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යෑමට සිදුවන සතියකි.
සෞඛ්‍යය
නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා අත්කරයි. වෙනදාට වඩා ශරීර වෙහෙස මහන්සිය ඇති කරයි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 06 වැය 03
ජය අංකය - 09
ජය වර්ණය - කහ
සුබ දවස - ඉරිදා
මකර
හිතවතකුගෙන් දුරස්ථ වෙයි
අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. හදිසි ගමන් යෙදෙන සතියකි. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ළඟින් ඇසුරු කළ හිතවතෙකුගේ දුරස්වීමක් සිදුකරයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. විවාහ ගිවිස ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති වගකීමකින් නිදහස සැලසේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. කලා ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ කණ්ඩායම් වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
ඥාන ශක්තිය ධාරණ ශක්තිය යහපත්ය. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට යොමුවෙයි. ගණිත අංශයට මෙන්ම සියුම් කටයුතුවලට දක්ෂතාවයක් දක්වයි. ගුප්ත කටයුතු කෙරහිද වැඩි උනන්දුවක් දක්වන කාලයකි.
සෞඛ්‍යය
ගර්භාෂගත ආබාධ හිසේ ආමරු, වරින්වර මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වන්න. ඇසක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.
අය 06 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා
කුම්භ
උගත්කමට සරිලන රැකියා
උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදෙනු ඇත. අමතර වෙහෙසීම් බහුලකරන කටයුතු කීපයක් යෙදේ. අසල්වැසි සුහදතාවයට හේතු ඇති කරයි. සතිය මැද කාලයේදි පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යෑමට සිදුවෙයි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. මෙතෙක් වෙහෙසකාරි ලෙස කරගෙන ගිය රැකියාවේ කටයුතුවලින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි.
අධ්‍යාපනය
පොතපත කියවීමට තද ආශාවක් දක්වයි. එමෙන්ම දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරයි. ස්වාධීනව සිතාමතා තීරණ ගැනීමේ හැකියාව පවතී. ගණිත අංශයේ කටයුතුවලින් විශේෂ දියුණුවක් දැකිය හැකි කාලයකි.
සෞඛ්‍යය
නිතර ඇතිවන උගුර, හිස සම්බන්ධ ආබාධයකින් පීඩාකාරි බවක් ඇතිකරයි. එමෙන්ම වරින්වර ඇතිවන ඇඟේපතේ වේදනාවට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 04
ජය අංකය - 07
ජය වර්ණය - ළා නිල්
සුබ දවස - බදාදා
මීන
ණය ගනුදෙනුවක් පියවයි
අලුත් ඥාති සබඳතාවලට කටයුතු සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12,1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා දුරදිග බලා කටයුතු සිදු කරයි. ගේදොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන සතියකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාවෙයි. අලුත් සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.
රැකියාව
අලුත් රැකියා මාර්ග යෙදෙන කාලයකි. හෝටල් කර්මාන්තයට සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමටද අවස්ථාව සැලසෙන බවක් පෙනේ. තනතුරු ස්ථිරවීම් බලාපොරොත්තු වන අයට සුබදායකයි.
අධ්‍යාපනය
ධාරණ ශක්තිය බලවත්වන කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් සම්මාන සහතික ලබා ගැනීමට හැකි වෙයි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි, උගුර සම්බන්ධ ආබාධ වරින්වර මතුවීමට ඉඩ තිබේ. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වී සිටීම යහපත් වෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවේ.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..