මතුගම - නවුත්තුඩුව ප්‍රදේශයේ පැවති පොසොන් දන්සලක් අවසානයේ ඇති වු බහින්බස්වීමක් දුරදිග යෑමෙන් කළ පහරදීමකින් තරුණයෙකු මියගොස් එම තරුණයාගේ පියා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ මියගිය තරුණයාගේ මාමා කෙනෙකු විසින් එම පහරදීම සිදුකර ඇති බවයි.
ප්‍රදේශවාසීන් එක්ව දන්සල පැවැත්වීමෙන් අනතුරුව එය සංවිධාන කළ පිරිසක් මතුගම කඩවක ප්‍රදේශයේ පිහිටි අවන්හලක දී මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.
එහිදී ඇති වු බහින් බස්වීමක් අතරවාරයේදී මියගිය තරුණයාගේ සහෝදරයා විසින් සැකකරුට හෙල්මටයකින් පහරදී තිබුණා.
පසුව නවත්තුඩුව ප්‍රදේශයේ ඊයේ දිනයේදී අවමංගල්‍යක්ද පැවති අතර, සිය මාමාට හෙල්මටයකින් පහරදුන් තරුණයාද එම අවමංගල්‍ය පැවති නිවසට යෑමට සූදානම්ව සිට තිබෙනවා.
මාමා විසින් එහිදී ඔහුට පහරදෙනු ඇතැයි සැකකරමින් එම තරුණයාගේ පියා සහ සහෝදරයා අදාළ තරුණයාට එහි නොයන ලෙස දැනුම් දීම සඳහා ඔහුගේ නිවසට පැමිණෙමින් සිට තිබුණා.
ඔවුන් එන අතරමඟදී පහරකෑමට ලක් වූ මාමා ඔවුන්ට මුණ ගැසි තිබු අතර, එම අවස්ථාවේදී ඔහු අදාළ පිය පුතු දෙපලට තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අශේන් චාමික පෙරේරා නමැති 22 හැවිරිදි තරුණයෙකු වන අතර, ප්‍රදේශයෙන් පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.