බිරිඳකගේ ජීවිතය උදුරාගත් මේ කතාව අපට ඇසෙන්නේ ඒ හලාවත අඹකඳවිල ප්‍රදේශයෙන්... සැමියා විසින් සිය බිරිඳ ගිනිතබා ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා...
සිය බිරිඳ වෙනත් පුරුෂයෙකු සමඟ සබඳතාවයක් පවත්වනවා යන සැකය පිට මෙම දෙදෙනා අතර අඩදඹර සිදුවූ බවයි වාර්තා වෙන්නේ...
කෙසේ වෙතත් මීට දින කිහිපයකට ඉහතදී මෙම සැමියා විසින් බිරිඳට ගිනිතබා ඇති අතර ඇය හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) ජීවිතක්ෂයට පත්වුණා...
මෙසේ ජීවිතක්ෂයට පත්වුණේ අවුරුදු 39ක් වූ කාන්තාවක්...