Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
"මම මේ ලෝකේ දැකපු පුදුමාකාරම දේ තමයි ජීවිතය " සුදර්ශන බණ්ඩාර එක්ක හදවතින්ම කතාබහක් - photos

- "මම මේ ලෝකේ දැකපු පුදුමාකාරම දේ තමයි ජීවිතය " සුදර්ශන බණ්ඩාර එක්ක හදවතින්ම කතාබහක් - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views

ඔහු සුදර්ශන බණ්ඩාර ... ඔහු අතිදක්ෂ රංගන ශිල්පියෙක් ... කලාව ඇතුලේ ලස්සන ගමනක් යන චරිතයක්... හිත හොඳ තරුවක්... මහ පොළවේ පය තියාගෙන ඉන්න කෙනෙක් විදිහට තමයි ඔහු ගැන දන්න අය සුදර්ශනව හඳුන්වන්නේ... ඉතිං රිදී තිරය , පුංචි තිරය , වගේම වේදිකාවෙත් තමගේ නම සළකුණු කරන මේ දක්ෂ නිහතමානී චරිතය එක්ක කතාබහ කරන්න අපි හිතුවා...  


ජීවිතේ ගැන ඔයා මොනවද හිතන්නේ?

මගේ අම්මේ ජීවිතය ගැන ඉතින් එහෙම වචනෙකින් දෙකකින් කියන්න බැහැ...ජීවිතය කියන්නේ හරි සංකීර්ණයි..මම තාම ජීවිතය තේරුම් ගන්න උත්සාහ කරනවා...ඒ කියන්නේම...
මේ ලෝකේ දැකපු පුදුමාකාරම දේ තමයි ජීවිතය..මිනිස්සු මිනිසුන්ගේ විතරක් නෙමේ සත්තුන්ගේ වුණත් ජීවිතය හරි කෙටි. ඉතාම කෙටි අවස්ථාවක් අපිට හම්බවෙලා තියන...
ඉතිං ඒක ඒ කියන්නේ මරණයෙන් පස්සේ ජීවිතයක් තියෙනවද..මරණින් පස්සේ නැවත ලෝකයක් තියෙනවද..උපදින්නත් කලින් අපි කොහේ හරි තලයක ඉඳලා ආවද මේක මම හරියට දන්නේ නැහැ..

මොකද ඒක දන්නෙ නැත්තේ මං අත්විඳලා මට මතක තියෙන දෙයක් නොවෙන හින්දා..

විවිධ ආගමික සංකල්පවල කියනවා පෙර ආත්ම තිබ්බා මරණින් මතු ආත්ම තියෙනවා කියන එක සංකල්පයක් විදියට විශ්වාස කරනවා ඇරෙන්න..මට ඒ ගැන අත්දැකීමක් නැති නිසා මට ඒක කියන්න තේරෙන්නේ නැහැ...ඒ හින්ද අපි පොඩි කාලසීමාවක්නේ ජීවත් වෙන්නේ..ඉතින් ඒ ජීවත්වෙන කාලසීමාවේ කාටවත් කරදරයක් වෙන්නැතුව ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ...


එතකොට සුදර්ශනට ජීවිතය ලැබුණු වටිනම අවවාදය මොකක්ද ?

අවවාද මට ගොඩක් ලැබිලා තියෙනවා... මම හිතන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එක...

ඕශෝ එක පාරක් කියලා තියෙනවා , ඔබ මලකට ආදරේ කරනවනම් ඒ මල ගහෙන් නෙලන්න එපා කියලා.
ඒක මම ටිකක් පිළිපදින දෙයක්...ඒ කියන්නේ ඕනෙම දේකට..ආදරේ කියන එක විවිධ විවිධ පැතිවලට බෙදෙනවානේ එතකොට මම ඕනම දෙයක්. ඒ කියන්නේ සජීවී හෝ අජීවී දෙයක් ගැන උනත් මම හිතන්නේ එහෙමයි..කියන්නේ මම මට අයිති කරගන්න උත්සාහ කරන්නේ නෑ කියන එක..ඉතිං ඒක මම ටිකක් පිළිපදිනවා... ඒක අවවාදයක් විදිහට මම පිළිපදින දෙයක්..

මේ මොහොතේ ඔයා ප්‍රේමය අත්විඳිනවද?

ප්‍රේමය...ප්‍රේමය කියන එක මම අත්විඳිනවා..

ඒ කියන්නේ පෞද්ගලික ,,දැන් මම කලින් කියපු කාරණාවට ඒක ටිකක් අදාලයි...ඒ කියන්නේ මම මටම කියලා පෞද්ගලිකව ප්‍රේමයක් අත්විඳින්න ගියහම ඒක මට නැති වෙනවා...

ඔයාට තේරෙනවද කියන එක..ඒ කියන්නේ මං කලින් ගත්තු උදාහරණයටම සමානයි..අපි මලක් කඩා ගත්තොත් උදේ කඩා ගත්තොත් හවස පරවෙනවා...හැබැයි ගහට ආදරේ කරන්න පුලුවන්නම්... ගහ පෝෂණය කරන්න පුළුවන් නම් ... හැමදාම මල් දකින්න පුළුවන්...

ඉතිං ඒ හින්ද ප්‍රේමය සම්බන්ධයෙනුත් මම දරන්නේ ඒ මතයම තමයි.. ඒ හින්ද මම ප්‍රේමය පෞද්ගලික කරගන්න කැමති නැහැ...


මේ ප්‍රශ්නයට ඔයාට කැමතිනම් උත්තර දෙන්න පුළුවන් ඔයා වැඩිපුරම ආදරය කරන්නේ කාටද ?

වැඩිපුරම මම ආදරේ කරන්නේ මගේ අම්මට

නළුවෙක් වෙන්න ඕනි කියලා හීනයක් තිබ්බද?

මං හිතන්නේ මට නොතේරෙන කාලේ ඉඳලා පුංචිම වයස ඉඳලා මට ඒ හීනේ තිබ්බා ඒ කියන්නේ පුංචිම කාලේ ඉඳලා...

වයස මතක නැහැ නැහැ ඒ කියන්නේ ඉතාම කුඩා අවදියේ ඉඳලා මට ඒ හීනය තිබ්බා...මතකය මට තිබුණා ඒ කියන්නේ ඉතාම කුඩා අවදියේ ඉඳලා නළුවෙක් වෙන්න ඕනේ කියන සංකල්පය මා සතුව තිබුණා..පුංචිම කාලෙ ඉඳලා...කියන්නේ අවුරුදු පහේ හය ඉඳලා වගේ


නළුවෙක් උනේ නැති උනා නම් සුදර්ශන අයියා කවුරු වෙයිද ?

ඒත් මම ගොඩක් දුරට කලාව සම්බන්ධයෙන් දෙයක් කරයි කියලා හිතෙනවා...

ඒ කියන්නේ මම කලාවේ විවිධ පැති ස්පර්ශ කරලා තියෙනවා විවිධ මට්ටම් වලින්. ඉතින් ඒ නිසා මම මියුසික් කරලා තියෙනවා එතකොට සමහරවිට වැඩිපුර ඒ පැත්තට යොමු වෙන්න ඉඩ තිබුනා...ම්...මම චිත්‍ර කරලා තියෙනවා,මම විෂයක් විදියට හදාරල නෑ. ඒ උනාට ප්‍රායෝගිකව මම කරලා තියෙනවා...

සමහර විට මම ඒ පැත්තට යොමු වේවි.. බැරිවෙලා හරි මම නළුවෙක් නොවුනානම්. මම කලාව ඇතුළෙම තමයි ජීවත් වෙන්නේ කියලා මට විශ්වාසයි...

ඒ කියන්නේ මේකයි අදටත් මම අත්සන් කරන අත්සන මම හදාගත්තේ අට වසරෙදි එතකොට තවමත් මම අත්සන් කරන්නේ ඒ අත්සන.. ඒ කියන්නේ මට එහෙම ටාගට් එකක් තිබ්බා.ඒ කියන්නේ මට ගෝල් එකක් තිබ්බා.. ඉතින් තාමත් මම කියන්නේ නැහැ මම සාර්ථකවම ඇචීව් කරගත්තා කියලා...තවමත් මම ඒක හොයනවා හදාරනවා...


ඔයා වැඩිපුරම ආදරේ කරන්නේ වේදිකාවටද පුංචි තිරයටද ?

මම වැඩිපුරම ආදරේ කරන්නේ වේදිකාවට.ඒක සජීවී නිසා මම වැඩිපුර ආදරෙයි.සහ මම වැඩිපුර ඉඩක් දීලා තියෙනවා ඒකට.හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මම ටෙලි කරන්න අකමැතියි කියන එක.ටෙලි නාට්‍යයකදී කරනවට වඩා ගොඩක් දෙයක් වේදිකාවකදී කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

දැන් කලාවට බොහෝ අය එකතු වෙනවා...සමහරු කලාවට එනවා ඉතාම හොඳින් හැදෑරීමක් කරල..තවත් සමහරු වෙනවා උපතින්ම ගේන හැකියාවක් එක්ක... ඔබ මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදියට මේ දෙකෙන් මොකක්ද විශ්වාස කරන්නේ? කලාවට එන්න දෙකෙන් මොකක්ද විශ්වාස කරන්නේ? කලාවට එන්න හැදෑරීමක් අත්‍යවශ්‍යයිද ?

පවතින්න නම් කලාව හදාරන්නම ඕන...අපි උදාහරණයකට ගත්තොත් කලාවේ විවිධ පැති තියෙනවා නමුත් කිසියම් කලා නිර්මාණයක් අපි ගත්තොත් නැටුම් සංගීත චිත්‍ර..ඒ ඒ අංශයෙන් ගත්තත් සාහිත්‍ය පැත්තෙන් ගත්තත් අපි නිරන්තරයෙන්ම ඒකේ යෙදුනොත් විතරයි අපිට ඒකේ පැවැත්ම තියාගන්න පුළුවන්..

.ඒවගේම අධ්‍යයනයක් තිබුණේ නැත්නම් ඒක එක තැනකදී නවතිනවා..උදාහරණයකට ගත්තොත් මම චරිත වශයෙන් මම නිරූපණය කරනවනම් චරිත දහයක් පහළොවක් විතර හිතේ තියෙන්නේ ඒ ටික විතරයි...ඒ කියන්නේ අපි ගාව බඩු තියෙන්න ඕනේ...බෙදා හරින්න නම්...එලියට දෙන්න දෙන්න දෙන්නනම් අපි ඇතුලාන්තය පුරෝගන්න ඕනේ...


එතකොට ඒ අත්දැකීම් පුරෝගන්න පුළුවන් වැනි අපි දැනුමෙන් පෝෂණය වුණොත්ත් විතරයි..ඒ කියන්නේ අධ්‍යාපනය නැත්නම් මේක හැදෑරීම තුළින් තමයි ඒක ලබාගන්න පුළුවන්.

හැදෑරීම කියන එක මේකයි ඒක මේ විශ්ව විද්‍යාලයට ගිහිල්ලා හරි පාසලෙන් හරි එහෙම නෙමෙයි , සමාජයෙන් හදාරන්නත් පුළුවන් එහෙම හදාරපු උදාහරණ අපට තියෙනවනේ..උදාහරණයක් විදියට ජෝ අබේවික්‍රම වගේ නළුවෙක් ගත්තොත් සම්පූර්ණයෙන්ම සමාජයෙන් තමයි එයා හදාරලා තියෙන්නේ.ඉතින් එයා මැරෙනකම්ම හැදෑරුවා...


හැබැයි එයත් එක්ක එක්තරා කාලෙක මම චිත්‍රපටයක වැඩ කරපු නිසා මම දන්නවා.. ඔහුත් එක්ක මම පෞද්ගලිකව බොහෝ දේවල් කතා කරල තියනව කලාව සම්බන්ධයෙන් ඔහුට විශාල දැනුම් සම්භාරයක් තිබ්බා සංගීතය ගැන නැටුම් ගැන චිත්‍ර කලාව ගැන , විශේෂයෙන්ම සංගීතය ගැන ඉතින් ඒවා එයා හදාරලා තිබුණා .

රංගනයට අමතරව එතුමා විශ්ව විද්‍යාලයට ගිහිල්ලා ඉගෙන ගෙන තිබුණෙ නැහැ...මම කියන්නේ අධ්‍යාපනය කියන එක තමන් නියැලෙන කුමන විශේෂේත්‍රයෙන් වුණත් හදාරන්න පුළුවන්...පොතක්පතක් කියවල හරි ඒක හදාරන්නන පුලුවන්..හැබැයි විශේෂයෙන්ම ඇක්ටින් වගේ දෙයක් පොතපතෙන් විතරක්ම හදාරන්න බැහැ ...ඒ දැනුම ප්‍රායෝගික වෙන්න ඕනි..

තියරි විතරක් තිබිලම නළුවෙක් වෙන්න බැහැ.. ප්‍රායෝගික පැත්ත වැඩිපුර හදාරන්නත් ඕනි...

ඒ කියන්නේ හදාරලා තමයි ඉස්සරහට යන්න පුළුවන්..උප්පත්තියෙන් එන එක මොහොතකදී නවතින්න පුළුවන්...

එයාට අත්දැකීම් නැත්නම් අපි කියනවනේ උපතින් අරන් එනවා කියල දෙයක්.මොකක් හරි හැකියාවක් එක්තරා මොහොතක නවතින්න පුළුවන්...හැබැයි ඒක දියුණු වෙන්න සතතාභ්‍යාසයත් එක්ක , ම්.. සතතාභ්‍යාසය කියලා අපි කියන්නේ ඒකට.හරිද ඕකට ඉතින් ලොකු නිර්වචන තියෙනවා...

අනිවාර්‍ය්යෙන්ම අපි අභ්‍යාසයේ යෙදෙන්න ඕනේ...


ජීවිතය බලපු හොඳම වේදිකා නාට්‍යය මොකක්ද?

ලංකාවේ වේදිකා නාට්‍යවලින් බලපු හොඳම වේදිකා නාට්‍ය... ම්..එහෙම එකක් කියල කියන්න බැහැ.. ඒක අමාරු වැඩක්... හැබැයි බලපු නාට්‍ය අතරින් විශේෂ කීපයක් තියෙනවා... අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ සන්ධිස්ථාන කීපයක් තියෙනවා...

ඒ කියන්නේ සිංහල නාට්‍ය කලාව පෝෂණය වෙච්ච නාට්‍ය...මම ඒවයෙන් ම්... අන්දරේලා වගේ නාට්‍යයක් ගත්තොත්...ඊට පස්සේ මම ඉන්න නිසා මම එහි චරිතයක් නිරූපණය කරන නිසාම නෙමෙයි ඒ වගේ සමහර නාට්‍ය තියෙනවා සර්වකාලීන නාට්‍ය,කියන්නේ හැම කාලෙකටම ගැලපෙන,

අපේ රට ඇතුලේ පොදු මාතෘකාවක් බවට පත්වෙන නාට්‍ය තියෙනවා...

එතකොට සිංහල නාට්‍ය මට මතකයි ප්‍රසන්න ජයකොඩිකරා සෙවනැලි සහ මිනිස්සු කියලා නාට්‍යයක්, මම ඉස්කෝලෙ යන කාලේ බැලුවේ ඒ නාට්‍යය, ඒක ටිකක් විකාර රූපී ශානරයට වැටෙන නාට්‍යයක් .ඒක මම ඉතාමත් කැමති නාට්‍යයක්...

ඉතිං අපේ රටේ පරිවර්තන නාට්‍ය ගොඩාක් බිහිවෙලා තියෙනවා,ඉතාමත් හොඳ මට්ටමේ,ඔය ස්වතන්ත්‍ර ගණයේ තියෙන නාට්‍යවලින් බැලුවොත් විශේෂයෙන්ම මධුර ජවනිකා ඊට පස්සේ අන්දරේලා, සෙවනැලි සහ මිනිස්සු,සිංහබාහු,මගෙ නාට්‍යවලට මම ගොඩක් කැමතියි සහ ඒ වගේ කතා කරන ගැඹුරු මාතෘකාවලට මම කැමතියි...


ඔබ රඟපාන්න කැමතිම නිළියක් ඉන්නවද?

ඇත්තටම මම රංගන ශිල්පිනියන් එක්ක වැඩ කරලා තියෙනවා...මෑතකම බිහිවෙච්ච රංගන ශිල්පිනියන් එක වැඩ කරලා තියෙනවා අඩුයි නමුත්මම ගොඩක් ආසාවෙන් හිටියා මාලනී ෆොන්සේකත් එක්ක රඟපාන්න ...මම හිතුවා මට ඇයත්  එක්ක කවද හරි දවසක රඟපාන්න ලැබෙනවනම් කියලා කියලා. නමුත් මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ.. මං හරි ආසාවෙන් හිටියා...

මං අයිරාංගනී සේරසිංහ මහත්මියත් එක්ක රඟපාපු අභිනික්මන චිත්‍රපටිය ඇය මගේ අම්මට රඟපෑවා... මම ඒ ඇයත් එක්ක රඟපාපු ඒ චිත්‍රපටියට අමතරව තව ටෙලි නාට්‍යයකද කොහෙද රඟපාලා තියෙනවා..නමුත් ගොඩක් සමීපව රඟපෑවේ ඒකෙ...

ඒ දවස් වල තමයි මට හිතුනේ ඇත්තටම මාලනී ෆොන්සේකා කියන අපේ නිළි රැජින එක්ක රඟපාන්න අවස්ථාවක් ලැබෙනවානම් හොඳයි කියලා..

නමුත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ...


අතීතෙට ගිහිල්ල වෙනස් කරගන්න චාන්ස් එකක් ලැබුණොත් මොකක්ද වෙනස් කර කරගන්නේ?

ඇත්තටම මම නාට්‍ය කලාව ඒලෙවල් වලින් පස්සෙ හදාරල ඉවර වෙලා විශ්ව විද්‍යාලයේ ඉල්ලුම් පත්‍ර පුරවන කොට ඒක පිරෙව්වේ මගේ ගුරුතුමා මගේ ඒ කාලෙ හිටපු නාට්‍ය ගුරුතුමා ,මම ඒ ලෙවල් වලට නාට්‍ය හැදෑරුවේ මුදු රංජිත සිල්වා...

මම එයාගේ ගාලු නඩේ වීදි නාට්‍ය කණ්ඩායමේ මම සාමාජිකයෙක් වෙලා හිටියා...එතකොට එයා තමයි එයාගේ විශ්වවිද්‍යාලයට,මම ආස වෙලා හිටියා ජපුරට යන්න අකමැති වෙලා හිටියේ නැහැ මම,මගේ පළවෙනි තේරීමට සර් දැම්මේ ජපුර,දෙවැනි තේරීමට දැම්මේ කැලණිය මට ආවේ ජපුර, ජපුරේ ඩ්‍රාම හදාරන්න...නාට්‍ය හා රංග කලාව ස්පෙෂල් කරන්න අවස්ථාවක් නැහැ ඒ කියන්නේ දැනටත් මම දන්න විදියට එහෙම අවස්ථාවක් නැහැ ,මම දන්නෙ නැහැ තියෙනවද කියලා .

එතකොට සිංහල හා ජන සන්නිවේදන අධ්‍යනාංශය එක විෂයක් විතරයි නාට්‍ය හා රංග කලාව... එතකොට මම හැදෑරුවේ ජන සන්නිවේදනය .මම මාස්ටර්ස් කරේ හැබැයි කැලණියේ...

එතකොට ඒ දෙකේම මට උපරිම ප්‍රතිඵල ගන්න ලැබුණා..නමුත් මට කැලණියට යන්න අවස්ථාව ලැබුණා , නම් නාට්‍ය කලාවෙන් ඉස්සරහට යනවාට අමතරව මට විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙක් වෙන්න , ඒ කියන්නේ රජයේ විශ්ව විද්‍යාලයක කතිකාචාර්යවරයෙක් වෙන්න හැකියාවක් තිබුණා...මට එහෙම බලාපොරොත්තුවක් තිබුණා..ඉතින් මට ඒ අවස්ථාව ගිලිහුණා ...මොකද හැම වෙලේම ෆස්ට් ඩිග්‍රි එක බලනවා ...

කථිකාචාර්යවරු තෝරන කොට...එතකොට මගේ මාස්කොම් ෆස්ට් ඩිග්‍රිය එක තිබිලා, masters drama තිබිලා, මට ඩ්‍රාම ඩිපාට්මන්ට් එකේ ලෙක්චර් කෙනෙක් වෙන්න බැහැ.මම පෞද්ගලික විශ්ව විද්‍යාලවල කථිකාචාර්යවරයෙක් විදියට වැඩ කරලා තිබ්බත් මට රජයේ විශ්ව විද්‍යාලයක වැඩ කරනකොට ඒගොල්ලො අනිවාර්යෙන්ම බලන්නේ first ඩිග්‍රි එකට එයා කරල තියන ප්‍රධාන විෂය මොකක්ද කියන එක...

අන්න එතෙන්දි මම පොඩි වැරැද්දක් කරා... ඒක හදාගන්න පුළුවන්නම් මං ඇත්තටම අතීතයට ගිහිල්ලා ඒක වෙනස් කරගන්නවා...


අන්තිම ප්‍රශ්නෙ ඔයා හැබෑ කරගන්න කැමති හීනයක් තියෙනවද?

හීනයක් නේද...ම්...හීන එකක් නෙමෙයි. හීන ගොඩක් තියෙනවා...

හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ..හීන නැත්තං ඒ අයට බලාපොරොත්තුවක් නෑ...

හීන කියන්නේ බලාපොරොත්තු වලට...එතකොට ඒ බලාපොරොත්තු එක්ක තමයි අපි ජීවත් වෙන්නේ...

අපි හිතනවා ඊළඟ මාසේ මේ දේ කරන්න ඕනි නැත්නම් ලබන අවුරුද්දෙ මේ දේ කරන්න ඕනි...ඒ වගේ එක එක අයට බලාපොරොත්තු තියෙනවා මං හිතන්නේ ඒවා තමයි හීන කියන එක...

ඉතිං මම රංගනයට අමතරව මං අධ්‍යක්ෂණය පැත්තට එකතුවෙන්න කැමතියි...2018 තමයි මම මගේ පළවෙනි ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ...


2020 තමයි මං දෙවැනි අධ්‍යක්ෂණය කරන්නේ...ඉතින් මං බලාපොරොත්තු වෙනවා..චිත්‍රපටයක් කරන්න...
ඉතින් ඒ බලාපොරොත්තුව කොයි මොහොතකම හරි හැබෑ කරගන්නවා ඉන්න කියන ප්‍රාර්ථනය මත තමයි මම ඉන්නේ ....

ඔයාට ස්තුතියි අපි සුබ පතනවා ඔයාගේ ජීවිතේ ඒ හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම හැබෑ කරගන්න ලැබෙන්න කියලා....ඉතින් ස්තූතියි ...
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top