Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
"කඩේ මැනේජර් ගෑනි වැඩේට ‘ඕකේ‘නේ…" රට පුරා මහා පරිමාණ ගේම ගැසූ බෙලිඅත්තේ ‘කෝටිපතියා’ අත්අඩංගුවට ගත් පොලිස් මෙහෙයුම...

- "කඩේ මැනේජර් ගෑනි වැඩේට ‘ඕකේ‘නේ…" රට පුරා මහා පරිමාණ ගේම ගැසූ බෙලිඅත්තේ ‘කෝටිපතියා’ අත්අඩංගුවට ගත් පොලිස් මෙහෙයුම...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

දෙදහස් විස්ස වසරේ ජනවාරි මස 16 දා දොම්පේ පොලිස් වසමේ පිහිටි ස්වර්ණාභරණ උකස්හලක් කොල්ලකන ලද්දේ මහ දවාලේය. එම උකස්හල හිමිකරු උකස්හල් කීපයකම හිමිකරුවෙකි.



යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු හෙල්මට් සහ ජැකට් පැලඳ උකස්හලට ඇතුළුවී එහි සේවයේ නිරත කාන්තාවන් දෙදෙනාට ගිනිඅවි එල්ලකර තර්ජනයකොට රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා ස්වර්ණාභරණ කොල්ලකා පලාගොස් තිබුණේ ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් ලෙස හැසිරෙමිනි.

එම කොල්ලයේ පැමිණිල්ල එසැණින් ලැබී තිබුණේ දොම්පේ පොලීසියටය. මාස කීපයක් ගත විය. විමර්ශනවල ඒහැටි ප්‍රගතියක් නොවීය. අනතුරුව එවකට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත එහි විමර්ශන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර කෙරිණි.

ඒ අනුව එම විමර්ශනය සිදු කෙරුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 1හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පතාදු සහ උපපොලිස් පරීක්ෂක ජී.එස්. ප්‍රියමන්ත ඇතුළු කණ්ඩායමය. සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ඉකුත් දා එම කොල්ලයේ සුලමුල අනාවරණය කරගෙන සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනුණේ එම පිරිස සිදුකළ තවත් එවැනිම මහා පරිමාණ කොල්ලකෑම් කීපයකම සුලමුල අනාවරණය කරගෙනය. මෙකී කොල්ලකෑම්වල ප්‍රධානියා වන චරිත් නමැත්තා පසුගිය කාලයේ ජීවත්වූයේ කෝටිපතියකු විලසිනි. එම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් ආකාරය සටහන් වන්නේ මෙලෙසිනි.

දොම්පේ පොලිස් නිලධාරින් උකස්හල කොල්ලයේ විමර්ශන දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගනිමින් විමර්ශන සිදුකර තිබිණි. එම දුරකතන විශ්ලේෂණ වාර්තාවලින් හෙළිවූ කරුණුවලට අනුව අනාවරණය වූ තොරතුරුවලින් පසු කොල්ලය සිදුවන විට උකස්හලේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ වාසනා නමැත්තිය සහ සෙසු කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා එම කොල්ලය පිළිබඳව දෙදෙනාගෙන් ප්‍රශ්න කළාය. 45 හැවිරිදි එම කළමනාකාරිනිය යුද හමුදා සේවයෙන් පසු ඉවත්වූ තැනැත්තියකි.

දුරකතන විශ්ලේෂණ වාර්තා පරීක්ෂාවේදී අදාළ කොල්ලය සිදුවන කාල පරාසය තුළදී කළමනාකාරිනි වාසනාගේ දුරකතනය සමඟ එක් දුරකතන අංකයක් දිගින් දිගටම සම්බන්ධ වී තිබෙන ආකාරය පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේය. ඇගෙන් එම දුරකතන අංකය අයත් පුද්ගලයා ගැන විමසද්දී ඔහු ඉෂාර නමැත්තෙක් බවත් මාවරමණ්ඩියේ පදිංචි අයෙක් බව හෙළි විය. ඉෂාර ඊට මාස දෙකකට පමණ පෙරදී එම උකස්හලේ සීසීටීවී කැමරා පද්ධතිය අලුත්වැඩියා කිරීමට පැමිණි පුද්ගලයා බවත් හෙළි විය.

එලෙස ඉෂාර ගැන හෙළිදරව් වීමත් සමඟ පොලිස් නිලධාරින් ඔහු කැඳවා ප්‍රකාශයක් ලබාගත්තේය. එහිදී හෙළි වූයේ ඔහු වාසනා සමඟ තිබූ පෙම්පලහිලව්වක් ගැනය. අනතුරුව පොලිස් නිලධාරින් ඒ ගැන විමසමින් වාසනාගෙන් සහ ඉෂාරගෙන් ප්‍රශ්න කළේ දෙදෙනා ස්ථාන දෙකක තබාගෙනය. එලෙස ප්‍රශ්න කරද්දී පොලීසියෙන් ගැලවීමක් නොමැති බව තේරුම් ගත් වාසනා ‘කතාවක්‘ කීවාය.

“සර්… ඔය කියන දවසේ කඩේට දෙන්නෙක් ආවා… මායි ඉෂාරයි දැනුවත්ව තමයි ඒ දෙන්නා ආවේ… සර් මං පොඩි ප්‍රශ්නෙකට මැදිවෙලා හිටියේ… ඉෂාරයි මගෙයි වුවමනාවට බොරු බිල් දාලා කඩෙන් සල්ලි අරගත්තා…. ඒ වෙද්දි ලක්ෂ හතර පහක් අරන් තිබුණේ… ඒ සල්ලි පියවන්න මං නොයෙක් දේ කළා… හැබැයි ඔය හොරකම සිදුවෙන්න ළඟ දවසක ඔඩිට් එකෙන් එනවා කියලා ආරංචියක් ආවා…“ යැයි ඇය පැවැසුවාය.

එලෙස උකස්හලේ ලක්ෂ හතරක පහක මූල්‍යමය හිඟය පියවීමට ඇය සහ ඉෂාර උපායක් සිතුවේය. ඒ අනුව ඉෂාරට සිහිපත් වූයේ නුගේගොඩ සිටින ඔහුගේ මිතුරු දිමුතුය. දිමුතුට මහරගම සහ නුගේගොඩ අවට නවාතැන්පොළවල් කීපයක්ම තිබිණි. ඔහු වර්තමානයේ නුගේගොඩ සහ මහරගම සිටියද දිමුතුගේ මුල් ගම වීරකැටියයි. ඉෂාරට, දිමුතු මුණගැසී තිබුණේ කැසිනෝ සූදුවට ගොස් සිටියදීය. දිමුතුට කුලුපග මිතුරන් දෙදෙනෙක් සිටී. වලස්මුල්ලේ පදිංචිකරුවන් වන ඔවුහු අපරාධකරුවෝය.

අනතුරුව ඉෂාර සහ දිමුතු කතිකා කරගත්තේ වලස්මුල්ලේ මිතුරන් දෙදෙනා ගෙන්වා උකස්හලට ‘ගේම‘ක් දීමටය. ඒ අනුව ඔවුන් මිතුරු අශෝක ලාල් හෙවත් ෂර්ලි ඒ පිළිබඳව දැනුවත් කළේය. ෂර්ලි ඒ සඳහා තවත් පුද්ගලයකු සොයාගත්තේය. ඔහු චරිත්ය. චරිත්, ෂර්ලිගේ මිතුරෙකි. චරිත්ගේ මුල් ගම වලස්මුල්ල වුවද ඔහුගේ වර්තමාන පදිංචිය බෙලිඅත්තේය. චරිත් මහා ධනවතකු ලෙස සුඛෝපභෝගී දිවියක් ගත කළේය.

දොම්පේ උකස්හල කොල්ලකෑමට සියලු දෙනා සූදානම් වීමත් සමඟ චරිත් 2020 ජනවාරි 15 දා බෙලිඅත්තේ සිට නුගේගොඩ දිමුතුගේ අවන්හලට පැමිණියේ ඔහුගේ පල්සර් වර්ගයේ යතුරුපැදියෙනි. ඒ වන විට ෂර්ලි කොළඹ සිටියේය. එදින සවස් යාමයේ දිමුතුගේ බෙන්ස් කාරයට නැඟුණු චරිත් සහ ෂර්ලි මාවරමණ්ඩියේ සිටින ඉෂාර මුණගැසීමට පැමිණියේය. අනතුරුව සිවුදෙනා අවන්හලකට ගොස් පසුදා සිදු කරන්නට යොදාගෙන තිබූ කොල්ලය වැඩිදුර සැලසුම් සකස් කළේය. එහිදී ඉෂාර කීවේ, “කඩේ මැනේජර් ගෑනි වැඩේට ‘ඕකේ‘නේ… ඒක නිසා සෙල්ලම් පිස්තෝල දෙකක් ගත්තම ඇති…‘ කියාය.

අනතුරුව සිවුදෙනා උකස්හල තිබෙන ස්ථානයද දැකබලාගෙන ඉෂාර ද නිවෙසෙන් බස්සවා සෙසු තිදෙනා නුගේගොඩ නවාතැන්පොළට පැමිණ එදින රාත්‍රිය ගත කළේය. පසුදා පෙරවරු 11ට පමණ ෂර්ලි සහ චරිත් කොල්ලයට යාමට සූදානම් වූයේ චරිත්ගේ යතුරුපැදියද ඊට යොදා ගැනීමට කටයුතු කිරීමෙන් පසුවය. ඒ අනුව දෙදෙනා යතුරුපැදියෙන් නුගේගොඩ සිට මාලබේ, කඩුවෙල, මල්වාන හරහා දොම්පේ ප්‍රදේශයට යද්දී දුරකතනය ඔස්සේ ඉෂාර සහ චරිත් සම්බන්ධ වී සිටියෝය. ඉෂාර උකස්හලේ කළමනාකාරිනි වාසනා සමඟ ද දුරකතනයෙන් සම්බන්ධ වී සිටියේය.

එම දුරකතන සබඳතාවන් මනාව කොළඹ අපරාධ කොට්ඨාස නිලධරයෝ අනාවරණය කරගත්හ. එලෙස කොල්ලයට පැමිණි චරිත් සහ ෂර්ලි සෙල්ලම් පිස්තෝල දෙක එල්ලකර උකස්හලේ සිටි කළමනාකාරිනිය සහ සෙසු කාන්තාව බිය ගන්වා රුපියල් ලක්ෂ 65ක පමණ රත්රන් බෑගයකට දමා යතුරුපැදියේ නැඟි පලා ගියේය. දෙදෙනා කොල්ලයට පැමිණීමට පෙර උකස්හලේ සීසීටීවී කැමරා පද්ධතිය අක්‍රිය කිරීමට කළමනාකාරිනිය සූක්ෂ්ම වූවාය.

කොල්ලයෙන් පසු දෙදෙනා නුගේගොඩ නවාතැනට ගොස් එදින රාත්‍රිය එම ස්ථානයේ ගතකොට පසුදා පෙරවරුවේම වලස්මුල්ලට ගොස් තිබිණි. එලෙස 2020 වසරේ ජනවාරි 16 දා සිදුවූ කොල්ලය ගැන දොම්පේ පොලීසිය විමර්ශන සිදු කරමින් දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් එමඟින් අනාවරණය වූ උකස්හලේ කළමනාකාරිනිය, ඉෂාර, දිමුතු ඇතුළු පිරිස දොම්පේ පොලීසියට කැඳවීය. ඊට අමතරව කොල්ලකෑම සිදුවූ මොහොතේ චරිත් භාවිත කළ සිම්පතේ හිමිකාරිනිය වූ වලස්මුල්ලේ පදිංචි මධුකා නමැති කාන්තාව ගැන හෙළිවීමත් සමඟ ඇයද දොම්පේ පොලීසියට කැඳවා ප්‍රශ්න කරන ලදි. එහිදී පොලිස් නිලධාරින් මධුකාගෙන් විමසුවේ අදාළ දින සිම්පත පාවිච්චි කළ පුද්ගලයා ගැනයි. ඇය කීවේ සඳරුවන් නමැත්තෙක් ගැනය. ඔහු ඇගේ පෙම්වතා බවය.

“සර්…. සඳරුවන්… දිමුතු අයියගේ ගෙස්ට් එකක වැඩ කළා… ඒ අතරේ තමයි එයා ඉෂාරත් එක්ක කතා කරලා ඔය දේ කරලා තියෙන්නේ…“ යැයි ඇය කොල්ලයට සඳරුවන් නමැත්තා ද සම්බන්ධ බව හෙළි කළේ ‘චරිත්‘ ඊට සම්බන්ධ නොවූ බව හඟවමිනි.

අනතුරුව දොම්පේ පොලීසිය සිදුකළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර කිරීමත් සමඟ කළමනාකාරිනියගෙන් සහ ඉෂාරගෙන් ප්‍රශ්න කරද්දී එම දෙදෙනාද මුලින් දොම්පේ පොලීසියට කී ආකාරයටම කොල්ලයට පැමිණියේ සඳරුවන් සහ ෂර්ලි බව නැවත කීවේය.

මීට මාසයකට පමණ පෙරදී සීසීඩී නිලධාරින් වලස්මුල්ලේ පදිංචි සඳරුවන් ගෙන්වා ප්‍රශ්න කරන ලදි. සඳරුවන් අයිස් මත්ලෝලියෙකි. ඔහු කලක් පොලිස් සේවයේද සිටි අයෙකි. පොලීසිය ප්‍රශ්න කරද්දී සඳරුවන් කීවේ තමන් දිමුතුගේ නවාතැන්පොළක රැකියාව කළද මේ කොල්ලයට සම්බන්ධ නොවූ බවය. පොලීසියට අනාවරණය වූයේ සඳරුවන් කොල්ලයට නොපැමිණියද ඔහු ඊට සම්බන්ධ වූවන් ගැන දැන සිටි බවත් කොල්ලයට භාවිත කළ සිම්පතක් සඳරුවන් ඊට පසු පාවිච්චි කර ඇති බවකි.

දිගින් දිගටම පොලිස් ප්‍රශ්න කිරීමේදී සඳරුවන්ගෙන් ‘චරිත්‘ නමැති නාමයක් හෙළි විය. චරිත් 2016 වසරේදී පමණ වෙනත් විවාහයක් කරගෙන සිටි කාන්තාවක සමඟ විවාහ වී සිටි අයෙකි. ඒ අතර චරිත් සහ මධුකා ද අනියම් ඇසුරක් පවත්වා තිබිණි.

පොලිස් නිලධාරින් සියල්ල අනාවරණය කරගැනීමත් සමඟ ඉකුත් දා චරිත් අත්අඩංගුවට ගත්තේ බෙලිඅත්තේ ඔහුගේ සුඛෝපභෝගී නිවෙසේ සිටියදීය. චරිත්ගෙන් දොම්පේ උකස්හලේ කොල්ලය ගැන ප්‍රශ්න කෙරිණි. මුලින් ඔහු කිසිවක් නොකීවේය. පසුව එම කොල්ලය ගැන අකුරක් නෑර හෙළි කළේය. ඒ අතරේ උපපොලිස් පරීක්ෂක ප්‍රියමන්ත ඇතුළු කණ්ඩායම ඊට පෙර විමර්ශන කළ 2021 වසරේ ගම්පහ ෆිනෑන්ස් ආයතනයක් කොල්ලකෑමේ සැකකරුවන් ගැනත් මෙමඟින් හෙළි විය. එම කොල්ලයේ දර්ශන ඇතුළත් සීසීටීවී කැමරා පරීක්ෂාවේදී චරිත්ගේ හැඩරුව ඇති පුද්ගලයකු ගැන හෙළි විය. ඒ පිළිබඳවද චරිත්ගෙන් ප්‍රශ්න කරද්දී එම කොල්ලයද චරිත් සහ ෂර්ලි සිදුකළ බව එලෙස හෙළි විය.

අනතුරුව හෙළි වූයේ 2020 සහ 2021 ස්වර්ණාභරණ කොල්ලකෑම් දෙකකදී කිලෝග්‍රෑම් 5කට අධික රත්රන් ප්‍රමාණය තිස්සමහාරාමේ පුද්ගලයකු මඟින් උණුකොට පසුව වලස්මුල්ල නගරයේ රන් භාණ්ඩ නිෂ්පාදනය කරන සුරේෂ් නමැති අයකු මඟින් වලස්මුල්ල නගරයේම රන් අලෙවිසැලක් පවත්වාගෙන යන රිෆ්දි නමැත්තාට ලබා දී ඇති බවය. රිෆ්දි එම උණු කළ රත්රන් ලබා දී ඇත්තේ වැලිගම අයෙක් වන රිම්සාන්ටය. රිම්සාන් ඒවා දී ඇත්තේ හාජි කෙනෙකු වන මිල්හාන්ටය. මිල්හාන් එම රත්රන් පසුව ඉන්දියාවට යවා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයෙන් හෙළි වේ.

ඒ අනුව ස්වර්ණාභරණ කොල්ලයට අදාළව චරිත්, සුරේෂ්, රිෆ්දි, රිම්සාන් සහ මිල්හාන් ද පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදි. කොල්ලයට ගිය ෂර්ලි ගැන සොයද්දී ඔහු සිය පුතු සමඟ 2023 වසරේදී තලංගම පොලිස් වසමේ වෙළෙඳසලක් කොල්ලකෑමට යාමේදී ගම්වැසියන් විසින් කොටුකර පොලීසියට භාර දීමත් සමඟ ඔහු මේ වන විට බන්ධනාගාරගතව සිටින බවද හෙළි විය.

චරිත්ගෙන් ප්‍රශ්න කරද්දී ඔහු සහ ෂර්ලි එක්ව, දොම්පේ උකස්හලට අමතරව, ගම්පහ ෆිනෑන්ස් කොල්ලය, තලංගම රෙදිපිළි වෙළෙඳසලක් කොල්ලකෑම, හෝමාගම ලක්ෂ දෙකහමාරක කොල්ලය, පිළියන්දල යතුරුපැදි සොරකම සහ හක්මණ, බඩබැද්දේදී බින්දු නමැත්තා සමඟ සිදුකළ ලක්ෂ 38ක මුදල් සහ රත්රන් කොල්ලය ගැන ද හෙළි විය. බින්දු එම කොල්ලයට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ කිසිම කොල්ලයකට චරිත් මීට පෙර පොලීසියට කොටු වූයේ නැත.

චරිත්ට අදාළ අධිකරණ 12ක පමණ නඩු පවතී. චරිත් අත්අඩංගුවට ගෙන ඔහුගේ බෙලිඅත්ත – තංගල්ල මාර්ගයේ නිවෙස පරීක්ෂා කෙරිණි. එම නි‍ෙවස තෙමහල් නි‍ෙවසකි. එහි වටිනාකම රුපියල් කෝටි හතකට අධික බව පොලිස් විමර්ශනවලින් හෙළි වේ. චරිත් මේසා මුදල් කන්දරාවක් උපයාගෙන ඇත්තේ 2020 වසරෙන් පසුව බවත් ඔහු එම සුඛෝපභෝගී නිවෙස ද ඉදිකර ඇත්තේ 2020 වසරෙන් පසු සිදුකළ මහා පරිමාණ මංකොල්ලකෑම්වලින් අනතුරුව බවත් හෙළි විය.
සිළුමිණ 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top