මේෂ
තනතුරු වෙනසක්
පවුලේ පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා පවුලේ කෙනෙකු පිළිබඳ සැලකිලිමත්විය යුතු කාලයකි. එමෙන්ම විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇති කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසේ. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති අවහිරතා කිහිපයක් මඟහැරී යයි. එමෙන්ම කය වෙහෙසා කරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. කරගෙන යන රැකියාවේ තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකියි. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථා උදා කරයි. ගණිත අංශයේ, තාක්ෂණික අංශයේ කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමි කරයි.
සෞඛ්‍යය
ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වතුරෙන් අගුණගෙන දෙන කාලයකි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. සති අන්තයේදී දතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි.
අය 07 වැය 04
ජය අංකය - 04
ජය වර්ණය - නිල්
සුබ දවස - සිකුරාදා
වෘෂභ
අලංකාරයට හිත යයි
වගකීමකින් නිදහස සැලසෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට අලංකාරවත්ව සිටීමට කැමැති කාලයකි. අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදේ. නිතර පිනට දහමට ළැදිව කටයුතු කරයි. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. හිතවතෙකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. සතිය මැද කාලයේදී දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
රැකියාව
වෙනදාට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. විදෙස් රැකියාවක් පිළිබඳ අදහසක් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට සූදානමක් ඇතිකරගන්නා කාලයකි.
අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත්ය. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති බාධා කිහිපයක් මඟහැරී යයි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින්වර මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත්ය. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.
අය 06 වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
මිථුන
රහස් ගමනක්
ඇසුරු කරන අය අතර ප්‍රියතාවයට පත්වන සතියක් වනන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6,7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. අමතර වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. තම වාසියට කටයුතු කිහිපයක් සිදු කරයි. රහස් ගමනකට කටයුතු සැලසේ.
රැකියාව
කය වෙහෙසා කරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි. සුළු සුළු වාසි සැලසෙන ස්වයංරැකියා මාර්ගවලට හේතු ඇති කරයි. ඇවිදිලි ඇති කරන රැකියා මාර්ගවලට ද කටයුතු යෙදේ.
අධ්‍යාපනය
තරගකාරි කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙහෙසෙයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදාකරයි. ධාරණ ශක්තිය බලවත් කාලයක් වන අතර, උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි.
සෞඛ්‍යය
උගුරේ අමාරු, දත්වල අමාරු ආදී අසනීපකම් වරින්වර මතු කරයි. එමෙන්ම ශරීර උෂ්ණාධික ගතිය හේතුවෙන් වරින්වර චර්මගත ආබාධ මතුවිය හැකිය. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි.
අය 06 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - දම්
සුබ දවස - සිකුරාදා
කටක
හදිසි තීරණයකින් වාසි ගෙනේ
වගකීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ කෙනකුගේ හමුවීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. හදිසි තීරණයකින් වාසි කිහිපයයක් සැලසේ. පවුලේ කෙනකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගැනීමට අවස්ථාව උදා කරයි. වෙහෙසකාරි ගමනක් යෙදෙන සතියකි. මෙතෙක් පැවැති නොසන්සුන්කාරී ගතිපැවැතුම් මඟහැරී යයි. රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. අමතර වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දෑතේ මහන්සියෙන් සිදුකරන රැකියා මාර්ගවලට හේතු යෙදෙන සතියකි.
අධ්‍යාපනය
නිතර කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. ගණිත අංශයේ, තාක්ෂණික අංශයේ කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙසීම් බහුල කරන සතියකි. ශරීර අභ්‍යන්තරයට ඇතිවෙන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ද සම්බන්ධ වීමට සිදුවන සතියකි.
අය 07 වැය 05
ජය අංකය - 09
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
සිංහ
අනවශ්‍ය වියදම් වැඩිවේ
නොසන්සුන්කාරී ගතිපැවැතුම් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස්කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4,5 යන භාවස්ථානවල ගමන් කරයි.
ගෘහ ජීවිතය
දියුණුවට සම්බන්ධ කටයුත්තකට උත්සාහ දරයි. සමාජීය කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත්කරයි. දේපළ ගනුදෙනුවකට සැලසුමක් ඇති කරයි. නිකරුනේ කරන වියදම් වැඩිවීමට ඉඩ ඇත. අහංකාරකමින්, ආඩම්බරකමින් කටයුතු සිදුකරයි. සහෝදර පක්ෂය සමඟ සිත් නොහොඳකමක් ඇතිවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස්කරයි. තනතුරු ලැබීම් සහිත කාලයකි. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු සැලසෙයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.
අධ්‍යාපනය
තාක්ෂණික කටයුතු ගණිත අංශයෙන් දක්ෂතා දක්වන කාලයකි. ඡ්‍යොතිෂය වැනි ගුප්ත අංශ පහසුවෙන් ප්‍රගුණ කළ හැකියි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට පදිංචියෙන් පිටට යාමට කටයුතු යෙදේ. එමෙන්ම පොතපත කියවීමට ආශාවක් දක්වන කාලයකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස, මහන්සිය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇතිකරන පාදයේ වළලුකර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
කන්‍යා
උත්සහවන්ත සතියක්
ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාව මතින් ගමන් කරයි.
ගාහ ජීවිතය
උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියකි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නිතර තමා හමුවට එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන සතියකි. පවුලේ මත ගැටුමක් සමතයකට පත් කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට කරුණූු යෙදේ.
රැකියාව
අලුත් රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
කරගෙන යන රැකියාවට අමතර රැකියා මාර්ග හිමිකරයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් අත්කරයි. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන කාලයකි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. අලුත් පොතපත මිලදී ගැනීමකට අවස්ථාව උදාකරයි.
සෞඛ්‍යය
පපුව, පෙනහැල්ල සම්බන්ධ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ජලය ආශ්‍රිත කටයුතුවලින් ඈත්වන්න. දේශීය ප්‍රතිකාර පතා දුර පළාතකට යන කාලයකි.
අය 08 වැය 06
ජය අංකය - 07
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා
තුලා
පරම්පරා උරුමයක් ලැබේ
පරම්පරාගත උරුම හිමිකමක් ලැබීමේ භාග්‍ය උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
බාහිර අලංකාරයට විනෝදයට ප්‍රියකරයි. හැමවිට සාධාරණත්වයට ගරුකරයි. පවුලේ අය අතර මෙන්ම සමාජයේ ද කැපී පෙනෙන කාලයකි. පැවැති වගකීමකින් නිදහස්වීමට කටයුතු සැලසේ. විදෙස් ගමනකට සැලසුමක් ඇති කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු උදෙසා පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. අමතර ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනයවන කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම සහජ දක්ෂතා ඉස්මතුවන කාලයකි. අමතර භාෂාවන් ඉගෙනීමට වෙහෙසෙයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා බවක් පෙනේ.
සෞඛ්‍යය
සෙම් දෝෂ බලවත්වීමෙන් පපුවේ මහන්සිය, ඇදුම වැනි රෝගපීඩා මතුවිය හැකි කාලයකි. ශරීර වෙහෙස, මහන්සිය ඇතිකරන කටයුතු යෙදේ. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත්වන්න.
අය 07 වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා
වෘශ්චික
අලුත් රැකියා අවස්ථා යෙදේ
අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදාකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. වෙනදාට වඩා තමා සොයාගෙන එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න. නිතර නිතර ආගමික කටයුතු කෙරෙහි වැඩි ඇල්මක් දක්වයි. අලුත් දැනහැදුණුම්කම්වලට සිත යොමුකරන සතියකි. රැකියාව
වෙනදාට වඩා වගකීමකින් රැකියාවේ කටයුතුවල නිරත වෙයි. අලුත් රැකියා අවස්ථාවලට අයදුම් කළ හැකි කාලයකි. අතමිට සරුකරන ස්වයංරැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය ලැබෙන කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායකයි. එමෙන්ම විශේෂ පාඨමාලාවකට යොමුවීමට ඉඩ ඇත. ගුරුවරු, වැඩිහිටියන්ගේ හිත දිනාගෙන කටයුතු සිදු කරයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය කෙරෙහි විමසිලිමත්වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි. එමෙන්ම ගර්භාෂගත රෝගයකට ද ඉඩකඩ ඇති බවක් පෙනේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද යොමුවීමට ඉඩකඩ ඇත.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - රතු
සුබ දවස - බදාදා
ධනු
තනතුරු ස්ථිර වෙයි
අවිවේකී වුවත් සැලසුම් කිහිපයක් සාර්ථක කර ගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තරමක කලබලකාරි ගතිපැවැතුම් ඇති කරයි. අසල්වැසි සුහදතාවයට බාධා වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. ළඟම ඥාතියකුගේ දානමය කටයුත්තක් වෙනුවෙන් සහභාගිවීමට හැකිවෙයි. දුර ගමනකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.
රැකියාව
රැකියාවේ තනතුරු ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර, පදිංචි ප්‍රදේශයෙන් බැහැරව රැකියාවේ කටයුතු කිරීමට ද අවස්ථාව උදාකරයි. ස්වයංරැකියා කටයුතුවලට ද යොමුවන බවක් පෙනේ.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසේ. දැනුම, බුද්ධිය, වැඩිදියුණුව අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. භාෂා ශාස්ත්‍රයට ඇල්මක් දක්වන කාලයකි.
සෞඛ්‍යය
සෙම් දෝෂ , පපුවේ අමාරු, වරින්වර මතුවීමට ඉඩ ඇත. ආහාරපානවලින් ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගන්නා කාලයකි. සෞඛ්‍ය පරීක්ෂණවලටද භාජනයවීමට සිදුවන බවක් පෙනේ.
අය 07 වැය 06
ජය අංකය - 09
ජය වර්ණය - දම්
සුබ දවස - සිකුරාදා
මකර
අන්සතු වස්තුවක් හිමිවේ
ගේ දොර කටයුතු කෙරෙහි විමසිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරයි. පවුලේ මෙන්ම සමාජයේදී කැපී පෙනෙන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති බවක් පෙනේ. එමෙන්ම නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩකඩ ඇති කරයි. පවුලේ වැඩිහිටියකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි.
රැකියාව
රැකියාවේ කටයුතු කෙරෙහි තරමක කලබලකාරී ගතිපැවැතුම් ඇති කරයි. විදෙස් රැකියාවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. අමතර වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. වෙනදාට වඩා ඉවසීමෙන් මෙන්ම දුරදිග බලා රැකියාවේ කටයුතු කරගෙන යායුතු බවක් පෙනේ.
අධ්‍යාපනය
ඉතා සැහැල්ලුවෙන් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. මෙතෙක් මඟහැරී තිබූ පාඩම් වැඩ කිහිපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදාකරයි. සෞන්දර්ය විෂයයන් කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන කාලයකි.
සෞඛ්‍යය
උගුර සම්බන්ධ ආබාධ, පපුවේ සෙම් ගතිය නිතර මතුවීමට ඉඩ ඇත. නිතර හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත්වීම වැදගත් වේ.
චජය අංකය 04
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - සඳුදා
කුම්භ
උත්සවයකට සූදානමක්
අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
මෙතෙක් පැවැති වෙහෙසකාරී බවින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. පරම්පරාගත දේපළක් පිළිබඳ ගැටලුවක් නිරවුල්කර ගැනීමට අවස්ථාව උදා කරයි. ආගමික භක්තිය දනවන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි.
රැකියාව
රැකියාවේ කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරයි. තනතුරු හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් ගැනීමට සිදුවෙයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. පොතපත කියවීමට ආශාවක් දක්වයි. ගණිත අංශයේ කටයුතු කෙරෙහි වැඩි දක්ෂතාවයක් දක්වයි.
සෞඛ්‍යය
සෙම් අමාරු, වැඩිවීමෙන් පපුව, සම්බන්ධ ආබාධ මතුවිය හැකිය. නිතර නිතර ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. රුධිරගත සීනි මට්ටම අධිරුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත් වන්න.
අය 07 වැය 04
ජය අංකය - 06
ජය වර්ණය - කහ
සුබ දවස - බ්‍රහස්පතින්දා
මීන
නිවෙසේ වගකීම් වැඩි වෙයි
නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් විය යුතු මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවමතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අලුත් ඥාති සබඳතාවලට කටයුතු උදාකරන සතියකි. පවුලේ වැඩිහිටියකු පිළිබඳ සැලකිලිමත්වන්න. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. යෝජනා ස්ථීරවීමක් සාර්ථක කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. නැතිවූ දෙයක් නැවත හිමිකරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වගකීම් වැඩිකරන කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරගෙන යන රැකියා මාර්ගවලට හේතු යෙදේ. ආයතන ප්‍රධානීන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සුබපල උදාකරන සතියකි.
අධ්‍යාපනය
දැනුම, බුද්ධිය වර්ධනය කර ගැනීමට කටයුතු උදාකරන බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා කාලයකි. අමතර දේ ඉගෙනීම උත්සාහ ගන්නා බවක් පෙනේ.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න. උදරගත ආබාධයකින් පීඩා අතිකරන සතියකි. ලේ විෂවීමේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරි බවක් අත්කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන ගැන සැලකිලිමත්වන්න.
අය 06 වැය 04
ජය අංකය - 06
ජය වර්ණය - කොළ
සුබ දවස - ඉරිදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..