Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
07
කැසිනෝවලට මම විරුද්ධ නෑ - වාසුදේව

- කැසිනෝවලට මම විරුද්ධ නෑ - වාසුදේවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,476 Views
කැසිනෝ මත පදනම් වූ ආර්ථික රටාවකට විරුද්ධ නමුත් කැසිනෝ ක්‍රීඩාවට තමාගේ විරුද්ධත්වයක් නැති බව ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා. කෙසේ නමුත් පසුගිය සතියේ සම්මත කෙරුණු ක්‍රමෝපාය සංවර්ධන පනත මගින් කැසිනෝ විවෘත කිරීමට අවසර දී නැති බවද අවධාරණය කර සිටිනවා.


"කැසිනෝ බලපත්‍රයක් දෙනවට මගේ විරුද්ධත්වයක් නෑ. මම සුචරිතවාදියෙක් නෙවෙයි. නමුත් සූදු කෙලින ආර්ථිකය මූලික කරගන්නවට මම විරුද්ධයි," යනුවෙන්ද ඇමතිවරයා සඳහන් කරනවා. සූදුව පදනම් කරගත් ආර්ථිකයක් මගින් රටක ආර්ථිකය ප්‍රපාතයට යන බව පවසන අමාත්‍ය නානායක්කාර, නීත්‍යානුකූලව කැසිනෝ බලපත්‍ර ලබා දෙන්නේ නම් එය විදේශ විනිමය පාලනයකට යටත් කොට, ශ්‍රී ලාංකිකයන්ට කැසිනෝ සූදුවට සම්බන්ධ විය නොහැකි බවට නීති සම්පාදනය කළ යුතු බවද සදහන් කරනවා.

එමෙන්ම දැන් ආණ්ඩුවේ වමේ පක්ෂ එකතුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල යුතුයැයි ජනධිපතිවරයාට බලපෑම් කරනබවද මේ දිනවල කතා බහ කෙරෙනවා. එහි මූලිකත්වයක් ගන්නේද වාසුදේව ඇමතිවරයායි.

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කොට යලි පාර්ලිමේන්තුව විධායක බලතල ලැබෙන ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

ව්‍යවස්ථාව සංශෝධනය කොට, මහ මැතිවරණයක් පවත්වා, විධායක අගමැතිවරයා ලෙසින් පාර්ලිමේන්තුවට පැමිණෙන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කිරීමට තමන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බව ඇමතිවරයා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නම්, "ඒකාධිපති බලතල හිමිවන" බව පැවසෙන දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සිය ඡන්දය දුන්නේ මන්දැයි විමසූ අවස්ථාවේ අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, පාලක සන්ධානයේ බෙදීමක් වලක්වා ගැනීම පිණිස එදා සිය ඡන්දය භාවිතා කළ බවයි.

විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ නම් පදවියෙන් ඉල්ලා අස්වීමට ඔහුට හැකියාව තිබුනා නොවේ දැයි විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ "ඉල්ලා අස් වුනා නම් අපේ අරමුණ ඉටු කරගන්න බෑනේ," යනුවෙනි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top