ඉතිං මේ දේවල් කරන්න එපා... නීරෝගිව සුවෙන් ඉන්න කැමතියි නම්...
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ අපගේ ප්‍රතිශක්තිය අඩු වීමට බලපාන කරුණු මීට වසර දහස් ගණනකට පෙර සිටම සඳහන් කර තිබෙනවා...
අධික ලෙස වෙහෙසට පත් වීම
බඩගින්නේ සිටීම
අධිකව කල්පනා කිරීම
රළු ආහාර/පාන වැඩිපුර ගැනීම
අඩුවෙන් ආහාර ගැනීම
එකම ආහාරය දිගටම ගැනීම
අධික ලෙස ශීතල සුළං හෝ අව්රශ්මිය දැනීම
නිතරම බියෙන් ජිවත් වීම
නිතර කණගාටුවෙන් සිටීම
ශරීර සෞඛයයට අහිතකර ආහාර පාන වර්ග නිතර ගැනීම
නිදි වැරීම
ශරීරය ධාරණය කරන ධාතු කොටස් අධික ලෙස පිටවීම (රස, රක්ත, මාංශ, මේධස් ආදී...)
අධික ලෙස රුධිරය පිටවීම
අධිකව මළ පිටවීම
වයස්ගත වීම
මෙයින් අපට පාලනය කළ හැකි කරුණු වලින් හැකි පමණ වැළකීමට සිටීමට උත්සාහ කළ යුතුය. එවිට ඔබේ ප්‍රතිශක්තිය ආරක්ෂා කර ගැනීමට එමඟින් හැකි වෙනවා...
උපුටාගැනීමක්