මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ කතාවයි..
මේෂ
තනතුරු වෙනසක්
වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියකි. වෙනදාට වඩා පවුලේ අය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. නිතර පින් දහම් කටයුතුවල නිරතවන කාලයකි. හදිසි ගමන් ගැන සැලකිලිමත් විය යුතු සතියකි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් ගැනීමට සිදුවෙයි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බලන්න. කරගෙන යන රැකියාවට අමතර රැකියා වාසි සැලසෙන කාලයකි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. සුළු සුළු ස්වයං රැකයා මාර්ගවලට හිමිකම් ඇති කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන සතියකි. වෙනදාට වඩා පොත්පත් කියවීමට උනන්දුවක් දක්වයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
පපුව, පෙනහැල්ල ආශ්‍රිත ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත්වන්න. සෙම් දෝෂයක් හේතුවෙන් පීඩා අත්කරන කාලයකි.
අය 06 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - නිල්
සුබ දවස - බදාදා
වෘෂභ
ණයකින් නිදහස්
අමතර ලැබීම් සහිත කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. හදිසි තීරණයක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. පවුලේ කෙනකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගැනීමට අවස්ථාව උදාකරයි. වෙහෙසකාරි ගමනක් යෙදෙන සතියකි. මෙතෙක් පැවැති ණය ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇති කරයි. අමතර වෙහෙසීම් බහුල කරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දෑතේ මහන්සියෙන් සිදුකරන රැකියා මාර්ගවලට හේතු යෙදෙන සතියකි.
අධ්‍යාපනය
නිතර කණ්ඩායම් වැඩසටහන්වලට සම්බන්ධවන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කරගන්නා කාලයකි. ගණිත අංශයේ, තාක්ෂණික අංශයේ කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙසීම් බහුල කරන සතියකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂාවකට ද සම්බන්ධ වීමට සිදුවන සතියකි.
අය 07 වැය 05
ජය අංකය - 09
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
මිථුන
ගෙදර වැඩට වෙහෙසෙයි
ලැබීම් සහිත සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. අන් අය අතර කැපී පෙනෙන කාලයකි. නිතර සමාජසේවා කටයුතුවල නිරත වෙයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙහෙසීම් වැඩි කරයි. දුර ගමනකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුර දිග සිතා බලන්න. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.
අධ්‍යාපනය
සෞන්දර්යාත්මක කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ වරප්‍රසාද කීපයක් හිමිකරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සිය ඇති අතර සතියකි. වරින්වර හටගන්නා ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. රුධිරගත සීනි මට්ටම අධි රුධිර පීඩනය කෙරෙහි සැලකිලිමත්වන්න.
අය 06 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය කොළ
සුබ දවස - බදාදා
කටක
නව දැනුම සොයා යයි
වගකීම් බහුල කරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 9, 10, 11,12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොකරයි. තැන තැන ඇවිදිලි ඇතිකරන කටයුතු කීපයක් යෙදේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව යෙදෙයි. දරුවකුගේ දියුණුවක් දැකිය හැකි කාලයකි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අලුත් වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුබදායක කාලයකි. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනයට සැලසුමක් ඇති කරයි. නව දැනුම සොයා යන මාර්ගවල නිරතවන බවක් පෙනේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන සතියකි.
සෞඛ්‍යය
පාදයේ වළලුකර ආශ්‍රිත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර පතයි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත් වෙයි. වාත අමාරු, තුනටිය සම්බන්ධ ආබාධ වරින්වර මතුවීමට ඉඩ ඇති කාලයකි.
අය 07 වැය 05
ජය අංකය 02
ජය වර්ණය - රතු
සුබ දවස - බ්‍රහස්පතින්දා
සිංහ
රැකියා ස්ථිර වෙයි
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගන්නා සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10,11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තරමක කලබලකාරි ගතිපැවැතුම් ඇති කරයි. අසල්වැසි සුහදතාවයට බාධා වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන සතියකි. ළඟම ඥාතියකුගේ දානමය කටයුත්තක් වෙනුවෙන් ශ්‍රමය වැය කිරීමට සිදුවෙයි.
රැකියාව
රැකියාවේ තනතුරු, ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු උදෙසා ඇවිදිලි වැඩිකරන කාලයක් වන අතර, පදිංචි ප්‍රදේශයෙන් බැහැරව රැකියාවේ කටයුතු කිරීමට ද අවස්ථාව උදා කරයි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව සැලසේ. දැනුම බුද්ධිය වැඩිදියුණුවන අන්දමේ කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි. භාෂා ශාස්ත්‍රයට ඇල්මක් දක්වන කාලයකි.
සෞඛ්‍යය
සෙම් දෝෂ පපුවේ අමාරු වරින්වර මතුවීමට ඉඩ ඇත. ආහාරපානවලින් ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගන්නා කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලට ද භාජනය වීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 04
ජය අංකය - 09
ජය වර්ණය - දම්
සුබ දවස - සිකුරාදා
කන්‍යා
වෘත්තීය අපේක්ෂා ඉටු වෙයි
සැනසිලිදායක ලෙස සතිය ආරම්භ කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 7,8,9,10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි. ළඟම හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු සැලසෙයි. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදාකරයි.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ඇවිදිලි ඇතිකරන රැකියා මාර්ගවලට හේතු යෙදේ. අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට කටයුතු උදාකරයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලද හේතු යෙදෙන සතියකි.
අධ්‍යාපනය
සාහිත්‍ය හා කලා අංශවලින් උසස් අධ්‍යාපන කටයුතුවල නිරතවන කාලයකි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට ද සැලසුමක් ඇති කරයි. අලුත් පොත්පත් මිලදී ගැනීමකටද කටයුතු සැලසෙන බවක් පෙනේ.
සෞඛ්‍යය
කොන්ද හා පාද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ඇවිදිලි වැඩිකරන කටයුතු හා බර ඉසිලීම් වැනි ක්‍රියාකාරකම්වලින් ඈත්වී සිටීම යහපත්ය. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න.
අය 06 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - කහ
සුබ දවස - සිකුරාදා
තුලා
ප්‍රමාද වූ සැලසුම් සාර්ථකයි
අවිවේකී ලෙස උදා වන මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
අවිවේකී වුවත් ප්‍රමාද වූ සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අසල්වැසියකු නිසා ඇති වූ කරදරයකින් නිදහස උදා කරයි. අමතර ලැබීම් ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. සහෝදර සිත් අමනාපයක් මඟහැරී යන සතියකි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි.
රැකියාව
තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. ඉතා වෙහෙසකාරි ලෙස රැකියාවේ කටයුතු කරගෙන යයි. කරගෙන යන රැකියාවට අමතර ලැබීම් හිමිකරන සුළු සුළු රැකියා මාර්ග හිමිකරයි. ජලයට සම්බන්ධ රැකියා කටයුතුවල නියැළී සිටින අයට අතමිට සරුකරන බවක් පෙනේ.
අධ්‍යාපනය
අතපසු වූ අධ්‍යාපන කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විවිධ ජයග්‍රහණ හිමිකරයි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට පෙළඹෙන කාලයකි.
සෞඛ්‍යය
පපුව, පෙනහැල්ල ආශ්‍රිතව හටගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියකි.
අය 08 වැය 06
ජය අංකය -04
ජයවර්ණය – තැඹිලි
සුබ දවස - සඳුදා
වෘශ්චික
විදෙස් රැකියාවට යොමුවේ
යන එන තැන කැපී පෙනෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7,8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
වෙනදාට වඩා අලංකාරයව සිටීමට කැමැති කාලයකි. අමතර ලැබීම් සහිත කටයුතු යෙදුණත් වැයපස අධිකවන බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. හිතවතෙකු සමඟ හදිසි ගනුදෙනුවකට අවස්ථාව උදා කරයි. සතිය මැද කාලයේදී දුරගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.
රැකියාව
වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. අලුත් රැකියා ලාභ හිමිකම් ඇති බවක් පෙනේ. විදෙස් රැකියාවක් පිළිබඳ සැලසුමක් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමට සැලසුම් කරන කාලයකි.
අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත්ය. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින්වර මතුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත්ය. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන සතියකි.
අය 07 වැය 05
ජය අංකය - 04
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බදාදා
ධනු
වගකීම් බහුල වෙයි
දුර දිග සිතා බැලිය යුතු කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කාලයකි. අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වීමට සිදුවිය හැකියි. ආර්ථික අතින් විවිධ ගැටලුකාරී බවක් ඇති කරයි. අවිවාහකයන්ගේ බලාපොරොත්තුවක් බිඳ වැටේ. වගකීම් බහුල සතියකි. උරුමහිමිකම් ගැටලුවක් විසඳා ගන්නා කාලයකි.
රැකියාව
ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට යොමුවීමට ඉඩ ඇත. එමෙන්ම දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලද නියැළෙන කාලයකි. රැකියාවේ කටයුතු උදෙසා දුරබැහැර ප්‍රදේශයකට යාමට සිදුවෙයි.
අධ්‍යාපනය
දැනුම බුද්ධිය වර්ධනය වන කාලයකි. ගණිත අංශයට දක්ෂතාවයක් දක්වයි. ඡ්‍යොතිෂ ගුප්ත විද්‍යාව වැනි විෂයයන් ස්වාධීනව ඉගෙන ගැනීමට හැකියාවක් පවතී.
සෞඛ්‍යය
ගර්භාෂගත රෝග, සෙම් අමාරු, උගුරේ ආබාධ වරින් වර මතුවීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද භාජනය වීමට සිදුවෙයි. සීතල ආහාර ජලය සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත්ය. පරම්පරාගත රෝගයක් ඉස්මතුවිය හැකි කාලයකි.
අය 07 වැය 06,
ජය අංකය - 04,
ජය වර්ණය - කහ,
සුබ දවස - බදාදා
මකර
ණය ගනුදෙනුවකට වෙහෙසෙයි
අමතර වගකීම් කීපයක් දරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන සතියකි. පවුලේ අය අතර පැවැති මතභේදයක් මඟ හැරී යයි. ණය ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. විවාහ ගිවිසුමක් සාර්ථක වන බවක් පෙනේ. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරයි.
රැකියාව
අලු.් රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතවන කාලයකි. රැකියා ස්ථානයේ තරමක ඉහළින් වැජඹී සිටීමට අවස්ථාව උදාකරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලටද, අතමිට සරුකරන ස්වයංරැකියා මාර්ගවලට ද යොමුවීමට ඉඩ ඇත.
අධ්‍යාපනය
ඉගෙනීමට පැවැති බාධා මඟහැරී යයි. කණ්ඩායම් වැඩසටහනකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. දහම් අධ්‍යාපනික කටයුතුවලට යොමුවන කාලයක් වන අතර විවිධ තරග විභාග ආදියටද සහභාගිවීමට අවස්ථාව උදාකරයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය පිළිබඳ අවධානයෙන් පසුවන්න. ගර්භාෂගත ආබාධයක් හේතුවෙන් පීඩා අත්කරන කාලයකි. හදිසි වැටීම් තැලීම් ආදියට ද ඉඩ ඇත. සති අන්තයේදී දතක අමාරුවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 04
ජය අංකය - 02
ජය වර්ණය - කොළ
සුබ දවස - සිකුරාදා
කුම්භ
දැන හැදුනුම්කම් අලුත් වෙයි
උත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
පවුලේ වැඩිහිටියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. අලුත් දැන හැඳුණුම්කම්වලට අවස්ථාව සැලසෙන සතියකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ. අසරණ අයකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. අලුත් ඥාති සබඳතාවලට අවස්ථාව උදාකරයි.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතුª යෙදේ. තනතුරු වෙනසක් සිදුවීමෙන් නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් රැකියාවකට සැලසුමක් ඇතිකරයි. කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි.
අධ්‍යාපනය
පොතපත කියවීමට ආශාවක් දක්වයි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයක් යෙදේ. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන සතියකි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.
අය 07 වැය 03
ජය අංකය - 03
ජය වර්ණය - කහ
සුබ දවස - සඳුදා
මීන
ලැබීම් සහිත සතියක්
ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1 , 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහ ජීවිතය
තරමක කලබලකාරි ගතිපැවතුම් ඇති කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. නිතර තමා හමුවට එන කෙනෙකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන සතියකි. අවිවාහකයන්ට සුබදායක කාලයකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි.
රැකියාව
රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. කරගෙන යන රැකියාවට අමතර රැකියා මාර්ග හිමිකරයි. තනතුරු වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් අත්කරයි. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන කාලයකි. තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. අලුත් පොතපත මිලදී ගැනීමකට අවස්ථාව උදාකරයි.
සෞඛ්‍යය
පපුව, පෙනහල්ල, සම්බන්ධ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා ජලය ආශ්‍රිත කටයුතුවලින් ඈත්වන්න. දේශීය ප්‍රතිකාර පතා දුරපළාතකට යාමට සිදුවිය හැකියි.
අය 06 වැය 04
ජය අංකය - 06
ජය වර්ණය - තැඹිලි
සුබ දවස - බ්‍රහස්පතින්දා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..