ලංකාවේ අපි හැමෝම සුලභව කන එළවලුවක් තමයි මුරුංගා කියන්නේ..
ඒත් මේ කියන්න යන්නේ මුරුංගා ගැන ඇසෙන වෙනස් ආරංචියක්..
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.. එසේම මුරුංගා කිලෝවක තොග මිලද රුපියල් 1,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ..
එම ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝවක් අලෙවි කෙරුණේද රුපියල් 1,000 ක සිල්ලර මිලකට වන අතර, කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ක් දක්වාද, බීට් රූට් කිලෝවක මිල රුපියල් 700 ක් දක්වාද, ගෝවා ගෙඩි කිලෝවක මිල රුපියල් 500 ක් දක්වාද, තක්කාලි කිලෝවක මිල රුපියල් 700 ක් දක්වාද ඉහළ ගොස් තිබුණා..
කෙසේ වෙතත්, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක තොග මිල වූයේ රුපියල් 650 ක්.. එම මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝවක් රුපියල් 700 ත් 750 ත් අතර මිලකටද, කැරට් කිලෝවක් රුපියල් 500 ත් 600 ත් අතර තොග මිලකටද අලෙවි කෙරුණා...