Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
22
ජ්‍යොතීර්වේදයට අනුව බොහෝ වැදගත් වෙන ඔබේ පක්ෂියා රජවෙන වෙලාව ඔබ දන්නවාද ? පක්ෂියා රජ වෙන දවසට බඹරේ වැල්ලෙත් කැරකෙනවා...

- ජ්‍යොතීර්වේදයට අනුව බොහෝ වැදගත් වෙන ඔබේ පක්ෂියා රජවෙන වෙලාව ඔබ දන්නවාද ? පක්ෂියා රජ වෙන දවසට බඹරේ වැල්ලෙත් කැරකෙනවා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
පක්ෂියා රජ කරන වෙලාවකියන්නේ ජ්‍යෝතිෂයට අනුව ඉතාමත් වටිනා සිද්ධාන්තයකට... කතාවට කියනවා පක්ෂය රජ වන දවසට බඹරේ වැල්ලෙත් කැරකෙනවා කියලා...

ඔබව වට්ටන්නත් නංවන්නත් පක්ෂියා රජ කරන වෙලාව බලපානවා...


මේ වටිනා ලිපිය ඒ ගැනයි

පංච පක්ෂි ක්‍රමය හෙවත් පක්ෂියා රජ වන අවස්ථාව ජ්‍යොතිෂයේදී විවිධ අවස්ථාවන් සඳහා, සෙත් කවි සෑදීමේදී මෙන්ම තවත් කටයුතු රාශියකදී බෙහෙවින් යොදා ගනු ලබයි.

එම ක්‍රමය සඳහා රජාලියා, බකමූණා, කපුටා, කුකුළා, හා මොනරා යන පක්ෂීන් 5 දෙනාත් ඔවුන්ගේ රජ, භෝජන, ගමන, නිදි හා මරණ යන අවස්ථා 5 යොදා ගනු ලබයි.

මෙහිදී රජ භෝජන ගමන යන පක්ෂි අවස්ථා 3 සුබ වන අතර නිදි හා මරණ යන අවස්ථා 2ක අසුබදායකවේ.

අපි කිසිවකු පරාජයට පත්වීමට හෝ පරාජයක් ලැබීමට අකමැති වෙමු.

සියලුම දෙනා ජයග්‍රහණය ලැබීමට යම් යම් ක්‍රියාවන්ට ඉදිරිපත්වීම සාමාන්‍ය සිරිතකි.

ජ්‍යොතිෂවේදයට අනුව තමන් දරන උත්සාහයන් සාර්ථක කර ගැනීමට පංච පක්ෂි ක්‍රමය අනුගමනය කිරීම, භාවිත කිරීම, වඩාත් උචිත වෙයි. තරග විභාග, සම්මුඛ පරීක්ෂණ, නඩු කීම, විවාහ කටයුතු, නව ගෘහ ආරම්භය, ගෘහ ප්‍රවේශය, වැදගත් ගමන් බිමන්වල යෙදීම, ආදී ශුභ කටයුතුවලදී ජයග්‍රහණය ලබා ගැනීමට පංච පක්ෂි ක්‍රමය යොදා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකිය.

සෑම පුදගලයකුටම තමන් උපන් නැකතට අයත් (හිමි) පක්ෂියකු සිටී. උපන් නැකත නොදනී නම් තමා භාවිත කරන මුල් නමේ ස්වරූපය අනුවද පක්ෂියා තෝරා ගත හැකිය.

ඔබේ උපන් නැකත,අස්විද, බෙරණ, කැති, රෙහෙන, මුව සිරස යන නැකත් 05න් එකක් වී නම් ඔබට අයත් පක්ෂියා වන්නේ භේරූඪයා නොහොත් රාජාලියාය.

අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකත් 06ට යෙදෙන්නේ පිංගල නොහොත් බකමූණු පක්ෂියාය.

උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකතකින් උපන් අයට යෙදෙන පක්ෂියා වන්නේ කාක නොහොත් කපුටාය.

අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ යන නැකත් 06ට යෙදෙන පක්ෂියා වන්නේ කුක්කුට නොහොත් කුකුළාය.

දෙනට සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකත් 05න් උපන් අයට මයුර නොහොත් මොණරා අයත් වෙයි.

තමන්ගේ උපන් නැකත තමුන් නොදනී නම්....

අ. ආ ස්වරවලට අයත් පක්ෂියා වන්නේ භේරූඪ (රාජාලියා) පක්ෂියාය.

ඉ, ඊ, ස්වරවලට බකමූණාය. (පිංගල)

උ, ඌ ස්වරවලට යෙදෙන පක්ෂියා වන්නේ කුකුළාය.

මයුර (මොණරා) අයත් වන්නේ ඔ, ඕ ස්වරවලටයි.

මෙම පක්ෂීන් පස් දෙනාගේ අවස්ථා පහක් වෙයි.

එකී අවස්ථා මෙසේය. රජ, භෝජන, ගමන, නිදි සහ මරණ වෙයි.

මෙම පංච පක්ෂි ක්‍රමවේදයේ පැය දෙකයි විනාඩි 24ක් යාමයක් ලෙස සැලකෙයි.

යාම ක්‍රමය අනුව දිවා කාලයට උදේ 6.00 සිට සවස 6.00 දක්වා යාම 05ක්ද, රාත්‍රි කාලයට සවස 6.00 සිට පාන්දර 6.00 දක්වා යාම 05ක්ද අයත් වෙයි.

පක්ෂියාගේ අවස්ථා පිළිබඳව සැලකිලිමත් වීමේදී පුර පක්ෂය හා අව පක්ෂයත්, දවාල සහ රාත්‍රියත් යෙදෙන අයුරු දැනගත යුතු වන්නේය. පුර පක්ෂයේ උදේ 6 සිට සවස 6 දක්වා වූ යාම පහ වෙන්වන්නේ මෙසේය. පළමු යාමය 6 සිට 8.24 , 2 වැනි යාමය, 8.24 සිට 10.48, තෙවැනි යාමය, 10.48 සිට 1.12, සිව්වැනි යාමය 1.12 සිට 3.36, පස්වැනි යාමය 03.36 සිට 6.00 දක්වා සිදු වෙයි. අවපක්ෂයටද යට කී අයුරින් කාලය වෙන්වෙයි. පක්ෂි අවස්ථා රජ, නිදි, මරණ, භෝජන සහ ගමන ලෙස වෙන්වේ.

උදේ 6 සිට 8.24 දක්වා භේරූඪ (රාජාලියා) භෝජන, 8.24 සිට 10.18 දක්වා ගමන 10.48 සිට 1.12 දක්වා රජ, 1.12 සිට 3.36 දක්වා නිදි, 3.36 සිට 6.00 දක්වා (සවස) මරණ යන අවස්ථාවල සිටී.

මේ අවස්ථා සෙසු පක්ෂීන්ට එනම් පිළිවෙළින් (බකමූණා), පිංගල, කපුටු, කුකුළා, මොණරා යන අයට යටකී වේලාවන්ට යෙදෙනවිට පිංගල (බකමූණා) පිළිවෙළින් ගමන, රජ, නිදි මරණ, භෝජන, අවස්ථාවලට ලක්වේ. කපුටා, රජ, නිදි, මරණ, භෝජන, ගමන යන අවස්ථාවල යෙදෙයි.

කුකුළා, නිදි, මරණ, භෝජන, ගමන රජ යන අවස්ථාවල යෙදෙයි. මොනරා, මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදේ. මෙම අවස්ථා යෙදෙන්නේ ඉරිදාට සහ අඟහරුවාදා යන දිනවලටයි.

සඳුදා සහ බදාදා දින දෙකට පිළිවෙළින් කලින් සඳහන් කළ කාලය තුළ, භේරූඪ පක්ෂියා මරණ භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදෙයි.

පිංගල පක්ෂියා භෝජන, ගමන, රජ, නිදි මරණ, යන අවස්ථාවල යෙදී සිටී. කාක පක්ෂියා ගමන, රජ, නිදි මරණ, භෝජන අවස්ථාවල යෙදේ. කුක්කුට පක්ෂියා රජ, නිදි, මරණ, භෝජන, ගමන යන අවස්ථාවල යෙදේ. මයුර පක්ෂියා නිදි, මරණ, භෝජන, ගමන, රජ යන අවස්ථාවල යෙදී සිටී. පිංගල මරණ, භෝජන, ගමන, රජ, නිදි යන අවස්ථාවල යෙදේ. කපුටා භෝජන, ගමන, රජ, නිදි මරණ අවස්ථාවල යෙදේ. කුකුළා ගමන රජ, නිදි, මරණ, භෝජන යන අවස්ථාවල යෙදේ. මොණරා රජ, නිදි, මරණ, භෝජන ගමන යන අවස්ථාවල යෙදේ.

මේ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවලද අවස්ථා 05ක් යට කී අයුරට වෙනස්ව සිදු වෙයි. රාත්‍රියටද මේ තත්ත්වය වෙනස් වේ.
අවපක්ෂයටද දිවා කාලයට සහ රාත්‍රි කාලයටද ඒ ඒ දින අනුව සහ කලින් සඳහන් කළ කාලවේලාවන් අනුව පක්ෂීන්ගේ අවස්ථා යෙදෙයි.
මෙහිදී රජ, භෝජන – ගමන යන අවස්ථා යෙදුණු පක්ෂියා ජයග්‍රහණය කරයි. ශුභ ඵල උදාකරයි. නිදි මරණ අවස්ථාවලදී අශුභ ඵල ලැබෙන නිසා එකී වේලාවන් යොදා ගැනීම සුදුසු නොවේ.

පක්ෂියා රජ හෝ භෝජන අවස්ථාවකට පිවිසි වේලාව පුර – අව මෙන්ම දවාලට හා රාත්‍රියට යෙදෙන ක්‍රම ගැන සැලකිලිමත්වීම වටී. ලංකා පංචාංග හා ඈපා යන ග්‍රහස්ඵුට ලිතෙන් මේ ගැන වැඩි විස්තර දැනගත හැකිය.

ඔබත් තමන්ට හිමි පක්ෂියා රජ හෝ භෝජන යන අවස්ථාවලට පැමිණි කළ තරග අවස්ථා හා විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ, රැකියා හා ගමන් බිමන් යාම, විවාහ කටයුතු වැනි වැදගත් කාර්යයන්වල යෙදීම මගින් යහපත් සුබපල අත්කර ගත හැකිය.

මව්බිම පුවත්පත ඇසුරිනි .
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top