Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
"ඇයද කාන්තාරයේ කුසුමකි..." ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ...

- "ඇයද කාන්තාරයේ කුසුමකි..." ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43 Views

මේ 72 වන ලෝක රූ රැජිණ තරඟාවලියේ Head to Head Challenge වටයෙදී ඇහෙන තවත් දුක්බර කතාවක්.



ලෝක රූ රැජිණ තරගය අතරතුර මේ විදියට ලෝකයම හැඬවූයේ සෝමාලියානු රූ රැජිණ වුණු Zainab Jama.

ඇගේ ළමා විය පිළිබඳව සිදු කළ ඒ කම්පන සහගත හෙළිදරව්ව මේ වන විට ලෝකයේම අවධානයට යොමු කිරීමට සමත් වෙලා තියෙනවා.

එය ඇගේ මව්බිමේ දිගුකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් වූ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම පිළිබඳ ඛේදනීය තත්ත්වය පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමු කරවීමක් වුණා.

වෛද්‍ය නොවන ක්‍රියා පටිපාටියක් ඔස්සේ ලිංගික අවයව ඡේදනය කිරීම හේතුවෙන් ඇයට ජීවිත කාලය පුරාවට අත් විඳීමට සිදු වූ ශාරිරික සහ චිත්තවේගීය කම්පනය පිළිබඳ ලෝක රූ රැජිණ තරගය ජ්‍යාත්‍යන්තර වේදිකාවක් තුළ අනාවරණය කිරීමට ඇය ගත් තීරණයම සිය සමාජයේ දැරියන් අත් විඳින කටුක සහ දරුණු ගණයේ අපරාධය පිළිබඳ නැවත වටයකින් ඇස් ඇරවීමට ඇය එහි දී සමත් වුණා.

"මට වයස අවුරුදු හතේ දී යහළුවන් සමඟ එළිමහනේ සෙල්ලම් කරමින් සිටින විට මාව අරගෙන ගිහින් මගේ ඇඳුම් ගලවලා මාව කාමරයකට රැගෙන ගියා.ගැහැණුන් පිරිසක් බ්ලේඩ්, කතුරු, පරණ ආයුධ අතැතිව මා එනතුරු බලාගෙන සිටියා. එම කාන්තාවන් වෛද්‍යවරු හෝ එවැනි පුහුණුවක් ලද අය නෙවෙයි.සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන් පමණයි. ඔවුන් මගේ ශරීරයේ මා කාන්තාවක් බවට පත් කළ ඉන්ද්‍රීය කපා දැමුවා. ඉන්පසු ඔවුන් ඇතුළත සහ පිටත යෝනි මාර්ගයේ කොටස් කපා ඉවත් කළා.

මට මතකයි මම වේදනාවෙන් කෑ ගැසුවා. මොකද මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වින්දනයක් සිදු වුණේ නැහැ. කිසිම පහසුවක් දැනුණේ නෑ.ලේ සහ ඝෝෂාකාරී නිහඬතාවයක් පමණයි. මට මතකයි මම ඇඬුවා. අයැද සිටියා. නමුත් ඒ ගැහැනු අය මට කිව්වේ, නිහඬ වෙන්න, නිර්භීතවෙන්න, ආඩම්බර වෙන්න කියා පමණයි.කැපීම අවසන් වීමෙන් පසු ඝන නූලක් වැනි යමකින් මගේ සමට මැහුම් දැම්මා. මුත්‍රා සහ රුධිරය පමණක් පිට වීමට කුඩා සිදුරක් පමණක් ඉතිරිවන සේ. මෙම ක්‍රියාවලිය ඉන්ෆියුපිලේෂන් (ලිංගික අවයව ඡේදනය) ලෙස හැඳින්වෙන අතර ලිංගේන්ද්‍රියට දිය හැකි වඩාත් දරුණුම වධ හිංසාවලින් එකකි.මෙම ක්‍රියාදාමයෙන් පසු මම අඳුරු කාමරයක වැතිර සිටියා. මගේ කකුල් තදින් බැඳ තිබුණා."

"සෝමාලියාවේ කාන්තාවන්ගෙන් 98% ක් අවයව ඡේදනයට ලක් වෙනවා. 98% කියන්නේ විශාල අංකයක්. ඉතිරි 2% තවමත් අවයව ඡේදනය කිරීමේ වයසට ළඟා නොවූ කුඩා ළදැරියන්ය. එහි අර්ථය මගේ රටේ සියලුම කාන්තාවන් මෙම ක්‍රියාපටිපාටියට ලක් වන බවයි.."

ඇය ඇගේ කතාවේ අවසානය සනිටුහන් කළේ සියලු දෙනා කම්පනයට ලක් කරමිනි. සමස්ත කතාව අතරතුර ඇය හඬා වැටුණු අවස්ථා බොහෝ විය. එහෙත් තමා ජීවත් වන සමාජයේ සැඟවී ගිය සත්‍යයක් ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇයට තිබූ ධෛර්යයට හිස නමා ආචාර කළ යුතුය.

ඇය ඇගේ සුන්දරත්වය ලෝකයට හෙළි කරන අතරතුර ඇගේ ව්‍යාපෘතිය ලෙස එළිදැක්වූයේ සෝමාලියාවේ ගමෙන් ගමට ගෙදරින් ගෙදරට ගොස් සියලු මව්වරුන් දැනුම්වත් කිරීමයි.

සංස්කෘතියට සම්ප්‍රදායට ගරු කිරීමට ලිංගික අවයව කපා දැමීමෙන් හැකියාවක් නැහැ. ඔබේ සිඟිති දියණියට වධ හිංසා පැමිණවීමෙන් තොරවත් සංස්කෘතියට සදාචාරයට ගරු කළ හැකිය යන පණිවිඩය හැකිතාක් බෙදා ගැනීම ඇයගේ සුන්දරත්වයේ අරමුණ බව ඇය පෙන්වා දුන්නා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top