Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
21
කෝටි ගණනක වස්තුව සමඟ සුගලා දේවියගේ මමිය ගොඩගත් 12දෙනාට ඇත්තටම වුණේ මොකද්ද ?

- කෝටි ගණනක වස්තුව සමඟ සුගලා දේවියගේ මමිය ගොඩගත් 12දෙනාට ඇත්තටම වුණේ මොකද්ද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views
සුගලා දේවිය ගැන නොයෙක් කට කතා පැතිර යනවා... 

ඇය ගැන ජනප්‍රවාදවලත් නොයෙක් කතා තිබෙනවා... මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ කතාවක්... කාලයේ වැලිතලාවෙන් වැසිගිය කතාවක්... අදටත් ඒ ප්‍රදේශයේ මිනිසුන් අතර තිබෙන කතාවක්... මෙම සිදුවීම වුණා කියලා කියන කාලයේදී ජනතාව අතර මේ ගැන විශාල කතාබක් ඇතිවුණා... එකල පුවත්පතකමේ ගැන වාර්තා කරලා තිබ්බේ මෙන්න මෙහමයි .. 

රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය.

එහෙයින් බොහෝ දෙනකු ඇයව හඳුන්වන්නේ සුගලා දේවිය නමිනි.

ඇය හෙළයේ රජ කිරුළට අනන්‍ය වූ අයිතියක් දැරූ හෙයින් ඇතැමකු ඇය හඳුන්වන්නේ සුගලා රැජන ලෙසිනි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව රුහුණේ වැසියන් මෙන්ම ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ රැක ගැනීමට ඇය කළ වීරෝදාර සටන් හේතුවෙන් ඇය සෙන්පතිනියක සේම සේනාධිනායිකාවක ලෙසද හඳුන්වනු ලැබිණි.

සුගලා දේවිය විජයබාහු රජුගේ මිනිබිරියක වේ.

එකල රාජ්‍ය බලයේ අයිතිය තහවුරු කර ගැනීමේ අරමුණින් ආවාහ විවාහ බහුලව සිදුවිය. පාණ්ඩවයෝ රජ කිරුළ හිමිකර ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් ආවාහ – විවාහ තුළින් තම බලය තහවුරු කරගනිමින් සිටියහ.

විජයබාහු රජුගේ අනෙකුත් දූ පුතුන් පාණ්ඩවයන් හා සරණ බන්ධනයට ඇතුළත් වෙද්දී සුගලා දේවියගේ මවු වූ විජයබාහු රජුගේ දියණිය යශෝධරා සරණ යන්නේ හෙළ කුමරකු සමඟයි. එම දෙපළගේ දියණිය ලෙස හෙළ මවුපියන් වෙතින් කිරුළේ උරුමය ලබන සුගලාද පාණ්ඩව මිශ්‍ර ලේ ඇති ශ්‍රී වල්ලභයන් විසින් විවාහ කරගනු ලැබේ. ශ්‍රී වල්ලභයන් විජයබාහු රජුගේ සොහොයුරියක වන මිත්තාගේ පුතෙකි. මිත්තා විවාහ වී සිටියේ පාණ්ඩව කුමරකු සමඟය. තම පුත් කුමරුවන්ට කිරුළ ලබා දෙන්නට මිත්තා වෙහෙස දැරුවාය.

සුගලා හා විවාහයෙන් පසුව ශ්‍රී වල්ලභයන්ට රෝහණ රාජ්‍යයේ කිරුළ හිමිවෙයි.

ශ්‍රී වල්ලභයන්ගේ ඇවෑමෙන් පසු ඔහුගේත් සුගලා දේවියගේත් පුතු වූ මානාභරණයනුත් රුහුණේ රජ බවට පත් වේ. මෙම කාලය තුළ ශ්‍රී දළදා වහන්සේගේත් පාත්‍ර ධාතුවේත් අයිතිය තිබෙන්නේ රෝහණ දේශයටයි.

මේ වන විට දක්ඛිණ දේශයේ රජ බවට පත්ව සිටින පරාක්‍රමබාහු සිය රාජ්‍ය බලය ව්‍යාප්ත කරගනිමින් සිටි අතර ඔහු රෝහණ දේශයද අල්ලා ගැනීමේ උත්සාහයක යෙදෙයි. විශේෂයෙන්ම හෙළයේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට අනිවාර්ය ලෙස සැලකෙන ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තමා වෙත ලබා ගැනීම පරාක්‍රමබාහුගේ අදහසයි.

කෙටි කාලීන රාජ්‍ය පාලන සමයකින් පසු සුගලා දේවියගේ පුතු මානාභරණ අසනීපයකින් මියයයි. රෝහණ දේශය ආක්‍රමණය කිරීමට උත්සාහ දරන පරාක්‍රමබාහුට එරෙහිව නැඟී සිට රුහුණු දේශයත්, රුහුණේ ජනතාවත්, ශ්‍රී දළදා වහන්සේ හා පාත්‍රා ධාතුවත් රැකගන්නා ලෙස රුහුණේ ජනතාව සුගලාගෙන් ඉල්ලා සිටිති. හෙළ වංස කතාවට සුගලා නමින් සටන්කාමී රැජනක් දේවියක් හෝ සේනාධිනායිකාවක් බිහිවන්නේ මෙම පසුබිම තුළය.

ජන කතාවක් අනුව අයෝමය දේහධාරී සුගලාවන් අඩි හතක් පමණ උසය.

කඩු ශිල්පයෙහි නිපුණය. අශ්වයා පිට නැඟ කඩු සටන් කිරීමට සමත්ය.

ලක් ඉතිහාසය ලියැවුණු මහාවංසය තුළ මහා පරාක්‍රමබාහු නිරිඳුන් වෙනුවෙන් විශාල ඉඩකඩක් වෙන්ව තිබියදී සුගලාවන් වෙනුවෙන් වෙන්ව ඇත්තේ ඉතා කුඩා ඉඩකි. එහෙත් සුගලාවන් ජන විඥානය තුළ තවමත් ජීවත් වන බව වරින් වර සිදුවන සිදුවීම් සාක්‍ෂි දෙයි.

සුගලාවන් පිළිබඳ එතෙක් අසා නොතිබූ ලක් වැසියා පවා සුගලා දේවිය යනු කවරෙක්දැයි සොයා බලන සිදුවීමක් 2013 ඔක්තෝබර් මාසය වන විට කලඑළි බැස්සේය.

බොහෝ ජාතික මාධ්‍යයන් මඟින් පවා අනාවරණය කළ මෙම පුවතින් කියැවුණේ මහවැලි සී කලාපයේ ගල් පර්වතයක් කැඩූ පිරිසක් සුගලා දේවිය මිහිදන් කොට තිබූ සොහොනද කඩා එහි තිබූ වස්තුව කොල්ලකා එතෙක් නිරුපද්‍රිතව තිබූ සුගලා දේවියගේ මමිය ද විනාශ කළ බවයි.

මෙම පුවත බෙහෙවින්ම ආන්දෝලනාත්මක වූයේ එලෙස මෘතශරීරයක් මමියක් සේ බෙහෙත් ගැල්වීමේ ක්‍රමවේදයක් අප රටේ පැවැතියා නම් එය මෙරටින් සොයාගත් එවැනි එකම හා පළමු මමිය බවට පත්ව තිබූ බැවිනි.

ආන්දෝලනාත්මක පුවත සමඟ ඒ පිළිබඳ පොලිස් හා පුරාවිද්‍යාත්මක පර්යේෂණද ආරම්භ විය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිගමනය වී තිබුණේ තමන් සතු කරුණු අනුව එවැනි සොහොනක් එම ස්ථානයේ නොමැති බවයි. පොලිස් පරීක්‍ෂණ කෙලෙස නතර වීදැයි ප්‍රසිද්ධ නොවීය.

සුගලා දේවියත්, සුගලා දේවියගේ සොහොන හෑරීමේ යටගියාවත් පිළිබඳ අප හට යළි අවධානය යොමු කිරීමට සිදුවන්නේ මේ හා සම්බන්ධ කරුණු ගැන නිරන්තර අවධානයකින් සිටි පුද්ගලයකු ‘මව්බිම’ වෙත කළ අනාවරණයක් නිසාය.

සිය නම හෙළි කිරීමට අකැමැති මෙම පුද්ගලයා කළ හෙළිදරව්වට අනුව සුගලා දේවියගේ සොහොන් ගෙය කඩා එහි තිබූ වස්තුව ලබාගෙන මමිය විනාශ කිරීමට දායක වූ බොහෝ දෙනා මේ වන විට හිටිහැටියේ මරුතුරුලට ගොස් අවසන්ය.

මෙසේ සුගලා දේවියගේ සොහොන කැඩීමට සහ සම්බන්ධ වූවන් හෝ යම් ආකාරයකින් දායක වූවන් මිය යෑම එම ප්‍රදේශයේ ජනතාවගේ අවධානයටද යොමු වී තිබේ.

සුගලා දේවියගේ සොහොන කඩා සිදු කළ අපරාධය දේව උදහසට ලක්වී ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇති අතර ඔවුන් දැන් ‘ඒ උත්තමාවිය ගැන නොතරම් කතාබහක යෙදීමටවත් අකැමැති’ යැයි පවසන බව අප සමඟ තොරතුරු හෙළි කළ පුද්ගලයා පවසයි.

සුගලා දේවියගේ සොහොන හා මමිය පිළිබඳ කතා පුවත මීට වසර තුනකට පෙර එනම් 2013දී එළියට එන්නේ මහවැලි සී කලාපයේ මීවන්පුර නම් ගම්මානයෙනි.

එහි තිබූ විශාල කළු ගල් පර්වතයක ගල් කොරියක් පවත්වාගෙන යමින් තිබිණි. එම ගල් පර්වතයේ උඩ කුඩා වෙහෙරක් හා පුරාණ යුගයට අයත් ගඩොල් තිබියදී පවා එකී ගල්කොරිය පවත්වාගෙන යෑමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දී තිබීම එම කාලයේ මාධ්‍ය මඟින් දැඩි ප්‍රශ්න කිරීමට ලක්ව තිබිණි.

කාලයක් තිස්සේ ගල්බෝර සියයක් පමණ ගසා ගල් පර්වතය පුපුරවා තිබේ. මෙකී කළු ගල අක්කර පන්සියයක පමණ ප්‍රදේශයක පැතිරී තිබූ බව කියැවේ.

මෙසේ ගල් පර්වතය පුපුරවා හැරීමේදී විශාල ගල් දෝනාවක් හමුවී ඇති අතර එහි තිබී විශාල ප්‍රමාණයේ ගල් පෙට්ටියක් හමුවී ඇති බව කියැවේ. රාත්‍රි කාලයේදී ගල් කොරිය හිමිකරු ඇතුළු පිරිසක් මෙම ගල් පෙට්ටිය විවෘත කර බැලූ විට එය තුළ කාන්තා සිරුරක් තිබී ඇත.

ගල් පෙට්ටිය තුළ තිබූ මෙම සිරුර සුගලා දේවියගේ සිරුර ලෙස සැලකේ. පසුව එහි තිබූ ආභරණ හා මුතු මැණික් ලබාගත් පිරිස එම කාන්තා සිරුර පුලුස්සා මහවැලි ගඟට දැමූ බව කියැවේ.

ඒ සමඟම ඉදිරිපත් වූ තවත් මතයක් වූයේ එකී කාන්තා මළ සිරුර කොතෙක් පිලිස්සුවත් පිලිස්සුණේ නැති බැවින් මහවැලි ගඟට දැමූ බවයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් 2013 ඔක්තෝබර් 2දා අදාළ පොලිසියට තොරතුරක් ලැබුණු අතර පොළොන්නරුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ කළේය.

එම පොලිස් කණ්ඩායමට දැකගත හැකි වූයේ ගල්කොරියේ වායුසමීකරණය කළ කාර්යාලයක් පවා පවත්වාගෙන යන බවයි. එහි සිටි කළමනාකරු එහි ආ පොලිස් කණ්ඩායමට ආහාර පානාදියෙන් පවා සංග්‍රහ කර ඇති අතර පසුව පොලිසිය හෑරූ බව කියන ස්ථානය බැලීමට ගොස් ඇත. එතැන අඩි 2 – 2 1/2 ප්‍රමාණයේ ඉතා පැරැණි යුගයට අයත් ගඩොල් තිබී ඇති අතර අඩි 25 – 30ක් උසට ගඩොල් කන්දක් ද පර්වතය උඩ පුරාණ ගඩොලින් කළ ඉදිකිරීම්වල නටබුන්ද තිබී ඇත.

සිදුවීම කාලය සමඟ යටපත් වෙද්දී එම ගල් කොරියේ කටයුතු සිය සහෝදරයාගේ භාරයට පත් කළ ගල් කොරියේ හිමිකරු වෙනත් ව්‍යාපාරවලට අත තබා ඇත.

දැන ගැනීමට ඇති තොරතුරු අනුව ඔහු කදුරුවෙල නගරයෙන් රුපියල් කෝටි හයකට ගොඩනැඟිලි තුනක් මිලදී ගෙන තිබේ. එසේම සංචාරක හෝටලයක් රුපියල් කෝටි දෙකකට මිලදී ගැනීමටද ඔහු කටයුතු කර තිබේ.

ගල්කොරියේ හිමිකරු තමා මිලදී ගත් හෝටලයේ කළමනාකරු ලෙස පත්කර ගත්තේ ගල්කොරියට වෙඩි බෙහෙත් සැපයූ තැනැත්තාවය. ඔහු හෝටලයේ කළමනාකරු ලෙස මාසයක් පමණ කටයුතු කරගෙන යද්දී ඔහු ගමන් කළ ට්‍රේලර් වර්ගයේ යතුරුපැදිය පොළොන්නරුව නගරයේදී අනතුරකට ලක්වී ඇත.

මුදල් යහමින් ඇති නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළුකොට ටික දිනකට පසු නැවත සුවය ලබා නිවෙසට පැමිණ තිබේ. එහෙත් ඊට පසුව දින කිහිපයකින් නැවත විකාරයෙන් දෙඩවීමට ගත්තෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අසිහියෙන් වෙනත් රෝගීන්ගේ ඇඳන්වල පවා නිදන්නට වූ ඔහු පසු දිනම මියගොස් ඇත.

වෙඩි බෙහෙත් සැපයූ එම තැනැත්තාගේ අවමංගල්‍ය නිමාවීමෙන් පසු වයස අවුරුදු 45ක් පමණ වූ ගල්කොරියේ බෝර ගැසූ තැනැත්තා හදිසියේම මිය ගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකිනි.

ඉන්පසුව ගල්කොරියේ සේවය කළ ට්‍රැක්ටර් රියැදුරකු හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.

මේ ආකාරයෙන් මරණ සිදුවන අතර ගල්කොරි හිමිකරු ඔහුට ඉතා ළඟ සම්බන්ධයක් තිබූ සේවකයකුට වාහනයක් අරන් දීමට කටයුතු කළේය. ආසන්න වෙනත් ගමක පදිංචිව සිටි එම තැනැත්තාද හෘදයාබාධයකින් මියගියේ පුදුම සහගත ලෙස බව කියැවේ.

ගල්කොරියේ වැඩ කළ කාන්තාවකුත් මේ ලෙස හදිසියේ මිය ගියාය.

ගල්කොරියේ වැඩ කළ ටිපර් රථ රියැදුරකු ටිපර් රථය වෙන තැනකට ගොස් සිය ටිපර් රථය නවතා යද්දී වෙනත් ටිපර් එකක වැදී මියගිය සිදුවීමක්ද සුගලා දේවියගේ සොහොන තිබූ ගල්කොරියට අෑඳුණු මරණ රැල්ල අතර තිබේ.

සුගලා දේවියගේ සොහොන විනාශ කිරීමේ සිදුවීමෙන් පසුව ගතවූ වසර තුන තුළ ගල්කොරියේ සේවය කළ මෙම සිදුවීමට සම්බන්ධතා ඇතැයි සැකකරන ‍12 දෙනකු හදිසියේ මෙලෙස මරණයට පත්ව ඇතැයි අප සමඟ තොරතුරු හෙළි කළ පුද්ගලයා නිසැක ලෙස කියා සිටී.

කලින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ ගල්කොරි හිමිකරු මෙලෙස ඉක්මනින් පොහොසත් වූයේ කෙසේද යන්න පිළිබඳ වත්කම් පරීක්‍ෂණ පැවැත්විය යුතු වුවත් එම පරීක්‍ෂණද වත්කම්වලටම යට වෙන අයුරක් පෙනී යන බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top