නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පේ පොලීසිය ප්‍රකාශ කළේ කාන්තාවක් ඇතුළු 5 දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අඳාල පිරිස විසින් නිධානය ගොඩ දැමීමට උත්සාහ කර ඇත්තේ ළිදක් කපන මුවාවෙන් බව සදහන්.
අත්අඩංගුවට ගත් පිරිසේ කැනීම් කටයුතු සිදු කළ ඉඩමේ හිමිකාරීනිය, මන්ත්‍රාචාර්යවරයෙක්, ඔහුගේ සහායකයෙක්, බැකෝ යන්ත්‍ර ක්‍රියාතරුවෙක් සහ ට්‍රැක්ටර් රථ රියදුරෙකු ද ඇතුළත් බව සඳහන්.
එසේම මෙම සැකකරුවන් සහ සැකකාරිය ජා ඇල - ඒකල සහ මාදම්පේ - මනක්කුලම පදිංචිකරුවන් බවට ද තොරතුරු වාර්තා වෙනවා .
පොලිසිය සිදුකළ ප්‍රශ්ණ කිරීම් වලදී සැකකාරිය පවසා ඇත්තේ සිය මිය ගිය පියා හීනෙන් කියූ පරිදි නිධානයක් ලබා ගැනීමේ අරමුණින් අදාළ කැණීම සිදුකර ඇති බවයි.