72 වන ලෝක රූ රැජිණ තේරීමේ තරගය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේදී පැවැත්වෙමින් තිබෙනවා...
මෙම තරඟය මැයි 07 වන දා ආරම්භ වුණා... ලෝක රූ රැජිණ තේරීමේ තරගාවලිය මැයි 31 වන දා දක්වා පැවැත්වෙනවා... ඉතිං අපි කතාවට යමුකෝ...
තෙලංගනා ප්‍රාන්ත රජය විසින් සංවිධානය කරන ලද දැවැන්ත සමාරම්භක උත්සවයක් මැයි 10 වන දින එහි කචිබෝව්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.... ලොව පුරා දහස් ගණනක් එය බලා සිටියා...
කෙසේ වෙතත්, ලෝක රූ රැජිණ තරගය සම්බන්ධ ආන්දෝලන මේ වන විට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් හුවමාරු වෙනවා... ඒකට හේතුව වෙන්නේ රූ රැජිණ තරගයට සහභාගී වීමට පැමිණි කාන්තාවන් කිහිප දෙනෙකු රාමප්පා කෝවිලට ගිය විට, ප්‍රදේශයේ කාන්තාවන් විසින් ඔවුහු පිළිගත්ත අකාරය ගැනයි... තරගකාරියන්ව මහත් හරසරින් පිළිගනු ලැබූ කාන්තාවන් තරගකාරියන්ගේ පාද ජලයෙන් සේදුවා... ඒ සිරිතක් විදිහට... ඉතිං ඒ සිදුවීමෙන් පස්සේ ඊට දැඩි විරෝධතා එල්ල වී තිබුණා...
බොහෝ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ තෙලංගනා කාන්තාවන්ගේ ක්‍රියාව විවේචනය කරමින්, "එයාලා අනිත් අයගේ පාද සෝදන්න ඕනේ ද?," යනුවෙන් ප්‍රශ්න කර ආකාරය දකින්න පුළුවන්...
කෙසේ වෙතත්, ප්‍රාන්ත රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවාලු...