කර්මාන්තකරුවන් සඳහා ආනයනය කළ පළමු ලුණු මෙට්‍රික් ටොන් 30,000ක තොඟය අනිද්දා මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ, අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
පසුගිය මාර්තු 15 වැනිදා සිට හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම යන ලුණු ලේවායන්වලින් ප්‍රමාණවත් පරිදි අස්වැන්න ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් රටතුළ ලුණු හිඟයක් මතුව ඇති අතර මේ සමග ලුණු කිලෝවක මිල ද රුපියල් 400 දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
මේ අතර, පුත්තලම ලුණු සමාගම නිරීක්ෂණය සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නතේති අද (19) පැමිණ තිබූණා.