එක්දහස් අටසිය දහ අටේ නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ඇල්ලේපොළ නිළමේ, ඉංග්‍රීසි ජාතිකයින් විසින් අත්අඩංගුවට ගත් ලෙන වසර 207 කට පසු සොයාගෙන තිබෙනවා.
ඒ, කැලණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහ තොරතුරු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්.ටිකිරි හේරත් ගුණතිලක සහ මහනුවර පුරා විද්‍යා කාර්යාලයේ පර්යේෂණ නිලධාරි අයි.ඩී.එම්.විජේබණ්ඩාර ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් අනතුරුවයි.
මෙම ලෙන මහනුවර - උඩදුම්බර - බඹරබැද්ද නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති අතර, එය දිගින් අඩි 200 ක් පමණ වන බව සදහන්.
මෙම ලෙනෙහි ඇල්ලේපොළ නිලමේ, ඔහුගේ බිරිඳ සහ බෑණනුවන් ආරක්ෂිතව සිටි ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.එම්.ටිකිරි හේරත් ගුණතිලක ප්‍රකාශ කළා.
එමෙන්ම, මෙහි කටාරම් තුළ ඉපැරැණි බ්‍රාහ්මී අක්ෂර රැසක් දක්නට ලැබී ඇති බවත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.