ඩුබාහි සැගව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික චමින්ද උදයංග හෙවත් බොනිස්ටා නිපුන නැමැත්තාගේ පාර්ශවය විසින් මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
බ්ලූමැන්ඩල් - සිරිසදසෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින 41 හැවිරිදි පුද්ගලයෙකුට ඊයේ පස්වරුවේ මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින්.
මොහු වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටින අවස්ථාවේදී මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර, පසුව වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණය අසල දමාගොස් තිබියදී පොලිසිය සොයාගනු ලැබුවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහු පරවියන් අලෙවි කිරිමේ කාර්යයේ නිරත වූවෙකු බවටයි අනාවරණය වන්නේ.
මේ අතර, මෙම වෙඩිතැබීමත් සමග වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 46ක් වාර්තා වී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 30ක්.