ලියෝ පාප්වහන්සේ වෙනුවෙන් නිර්මාණය කළ ධීවරයාගේ මුද්ද හෙවත් පිස්කැටරි මුද්ද අද උන් වහන්සේට පිළිගැන්විණ.
ඒ පාප් පදවියේ සමාරම්භක දිව්‍ය පූජාව අතරතුර දී ය.
13 වන සියවසේ සිට පාප් පදවියේ සංකේතවල කොටසක් ලෙස මෙම මුද්ද සැලකේ.
පාප් පදවියට පත්වූ සෑම පාප්වහන්සේ නමක් වෙනුවෙන්ම මෙම පිස්කැටරි මුද්දක් නිර්මාණය වී ඇති බව සදහන් වේ.
මෙය පාප් බලය සහ වගකීම පිළිබඳ සංකේතයක් වේ.
කෙසේ වෙතත්, පාප් වහන්සේ නමක් ස්වර්ගස්ථ වූ පසු මෙම ධීවරයාගේ මුද්ද කාදිනල්වරුන් ඉදිරියේ විනාශ කරනු ලබයි.
