රටපුරා ලුණු හිගයක් පවතින පසුබිමක මෙට්්‍රක් ටොන් 15,000 කට අධික ලුණු අස්වැන්න හදිසියේ ඇති වූ වර්ෂවත් සමඟ විනාශ වී ගිය බව ලුණු නිෂ්පාදකයින් පවසනවා.
පුත්තලම ප්‍රදේශයේ ලුණු නිෂ්පාදකයින් සදහන් කළේ, ලේවායන් වල ලුණු පදම් වෙමින් තිබියදී, නොසිතු ලෙස ඊයේ සිට ඇදහැලෙන වර්ෂාවත් සමග තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
මෙරට වෙළෙඳපොළ තුළ සති කිහිපයක සිට ලුණු හිගයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කළා.
මෙම හිගයත් සමග ලුණු කිලෝවක මිල ද රුපියල් 350ත් 400ත් අතර අගයක් දක්වා වර්ධනය වුණා. මේ හේතුවෙන් ඉන්දියාවෙන් ලුණු ආනයන කිරීමට රජය පසුගිය දා තීරණය කළා.