පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට වසර 16ක් සපිරෙනවා.
2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟින් දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර මෙන්ම මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙන්ම යුද්ධයේද නිමාව සනිටුහන් කෙරුණා.
මෙම විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් හෙට (19) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ පස්වරු 04,00 සිට පස්වරු 06.00 දක්වායි.