නිරිතදිග ෆින්ලන්තයේ - කවුටුවා නගරයේ හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා....
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට යුරා ගුවන්තොටුපළ අසල වනාන්තර ප්‍රදේශයකදී මෙම හෙලිකොප්ටර් යානා දෙක එකිනෙක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
කඩා වැටුණු හෙලිකොප්ටර් දෙකෙන් එකක් එස්තෝනියාවේ සහ අනෙක ඔස්ට්‍රියාවේ ලියාපදිංචි කර ඇති බවත්, ඒවායේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු රැගෙන ගොස් ඇති බව සඳහන්...
කෙසේ වෙතත්, මෙම අනතුර සම්බන්ධයෙන් එරට බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ...