නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර තිබෙනවා.
ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, 117 හදිසි ඇමතුම් අංකය භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක බවයි.
මේ වනවිට විශේෂ ආපදා තත්ත්වයක් වාර්තා වී නැතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව, වැසි වැඩිවීමත් සමග ඉදිරියේදී ආපදා තත්ත්වයන් මතුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එසේම කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා 1 වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂණ මධ්‍යස්ථානය විසින්.
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසකට මේ වනවිට අධික වැසි තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ හේතුවෙන්, හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සූදානම් කර ඇති බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
එමෙන්ම, ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මකයි.