මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ නිවසක නාන කාමරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපති ආර්.ඩබ්ලිව්.සම්පත් ජයසුන්දර ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වටලන්නට සමත්ව තිබෙනවා..
එහිදී කාන්තාවක් පොලිසිය ඉදිරියේ කලහාකාරි ලෙස හැසිරී ඇති බවයි වාර්තා වෙන්නේ..
සැකකාර කාන්තාවක් ,ගෝඩා, කසිප්පු සහ ස්කාගාරයේ තිබු භාණ්ඩ රැසක් සමග අත් අඩංගුවට ගෙන ඇති අතර, දිර්ගකාලීනව සිදු කළ මෙම ජාවාරම පිළිබඳ ලද තොරතුරුවලට අනුව පොලිසිය විටෙන් විට වැටලීම් සිදු කර ඇති අතර මෙවරද රුපියල් ලක්ෂ 2 ට ආසන්න ගෝඩා, කසිප්පු සහ ස්කාගාරයේ තිබු භාණ්ඩ රැසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා..