ජීවිතේ හීන මඟ දාලා යන්න නම්.... ඒක කොයි තරම් ලොකු වේදනාවක්ද?
සමීපතමයින්ට කොයි තරම් දැනෙනවා ඇද්ද ?
අවුරුදු 34ක ප්රියාන් මලින්ද නොසිතූ මොහොතක අද උදේ ජීවිතේ දාලා ගිහින්.
රිය අනතුරක් නිසා සිදුවුණු මේ වියෝවෙන් මේ වෙද්දිත් බුකියම සංවේදී වෙලා...
හබරණ ගල් වංගුව ප්රදේශයේ අද උදේ මේ අනතුර වෙලා තිබුණේ ඔහු ඇහැලියගොඩ ප්රදේශයේ සිට කන්තලේ දක්වා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී.
ලොරි රථයක ගැටී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව තමයි වාර්තා වෙන්නේ.