බෙංගාල බොක්කේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම, ඉදිරි දිනවල දී ධීවර කටයුතු වල යෙදීමේදී සැලකිලිමත් වන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළා.