ඔබත් මේ දවස්වල පවතින කාලගුණය ගැන දැනුවත් වෙන්න.. මේ කියන්න යන්නේ අද දවසේ කාලගුණය ගැන කතාවක්..
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්..
අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා...
ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන්..
මේ අතර වයඹ, උතුරු - මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා..