කොටහේන ප්‍රදේශයේ දී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඒ කොටහේන, සුමිත්‍රාරාම මාවතේ නිවසකට පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන්.
තුවාල ලැබූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.