අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අ .වි.ශි.බ.ම කැඳවුම්කරු ඇතුළු 9 දෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටි ප්‍රදේශයට ඇතුල්වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වලක්වාලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුලු පිරිසකට අද (16) අධිකරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අද (16) දහවල් 12 සිට හෙට පස්වරු 5 දක්වා ඔවුන්ට එම ප්‍රදේශවලට ඇතුල්වීම තහනම් කරමින්.