මේ කියන්න හදන්නෙත් ඒ වගේ විශ්මිත තිළිණයක් ගැනයි... බලන්නකෝ කොච්චර පුදුම හිතෙනවද කියලා... මේ ලිපිය කියවලා බලන්නකො...
මේ දවස් වල අපි හැමෝම සබන් හදන විදිහ ගැන හරි හරියට හොයනවානේ..
ඒ සබන් වල මිල අපිට දැරිය නොහැකි අසාමාන්‍ය ලෙස එක්වරම ඉහල ගිය නිසා.
විවිධ කෘතිම රසායනික ද්‍රව්‍ය, ප්‍රභල භෂ්ම, වර්ණකාරක, සුවඳකාරක එකතුකරලා හදන මේ කෘතිම සබන් කැටේ අපේ අතට එන්න කලින් අපේ මුතුන් මිත්තෝ පාවිච්චි කලේ තමන්ටත්, පරිසරයටත් කිසිම හානියක් නැති අරුම පුදුම සබන් කැටයක්. කැටයක් කිව්වට ඒක කැටයක් නෙවෙයි ඒක ගහක ගෙඩියක්.
ඒ තමයි ගස් පෙනෙල ශාකයේ ගෙඩි. ඉංග්‍රීසියෙනුත් මේ ගහට කියන්නෙ සෝප් නට් ට්‍රී (Soapnut Tree) කියලා. ඒකෙන්ම තේරෙනවා නේද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ගහ සබන් ගහක්මයි කියලා.
මේ ගහ අයිති වෙන්නෙ සැපින්ඩේසියේ (sapindaceae) කුලයට.
අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වගේ රට වලත් මේ සබන් ගහ ව්‍යාප්ත එක සේ වෙලා තියෙනවා. අපිට වඩා ඔවුන් නම් මේ ශාකයෙන් අතීතයේ සිටම අදටත් අසීමාන්තිකව ඵල ප්‍රයෝජන ලබනවා.
මේ ගස් පෙනෙල ගහේ ගෙඩි සබන් විදිහට පාවිච්චි කරන්න හරිම පහසුයි. වියළි ගෙඩි ටිකක් හොඳට තලලා වතුරට දාලා ඊට පස්සේ වතුර ටික කලතන්න විතරයි තියෙන්නෙ. එතකොට සබන් වගේ පෙන ඇතිකරවනවා.
සමහර අය නම් මේ ගෙඩි වල බීජය ඉවත් කරලා වෙනම පොත්ත ඇසුරුම් කරලා කල්තබා ගෙන පසුවටත් භාවිතයට ගන්නවා. මේ ගෙඩි වලින් ඇතිකරන පෙන ඕනෑම ද්‍රව්‍යයක මතුපිට ඇති කුණු දූවිලි විතරක් නෙවෙයි, ඒ ආශ්‍රිතව පවතින දුර්ගන්ධයන් පවා පහසුවෙන් ඉවත් කරවනවා.
කොටින්ම කිව්වොත් රන්, රිදී වලින් හදපු ආභරණ පිරිසිදු කරන්නත් මේ ගස් පෙනෙල ගෙඩි යොදාගන්න පුළුවන්. ඒකෙන්ම හිතාගන්නකෝ මේකෙ බලේ.
ගස් පෙනෙල වලින් ආයුර්වේදීය ෂැම්පු එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
වියළි ගස් පෙනෙල ගෙඩි කිහිපයක්
වියළි අරළු ගෙඩි 100g
වියළි බුළු ගෙඩි 100g
වියළි නෙල්ලි ගෙඩි 100g
කෝමාරිකා මද 100g
සියක්කා 100g
පොකුරු වදමල් කිහිපයක්
වෙනිවැල් ගැට කැබලි කිහිපයක්
සාදික්කා මද කුඩු (අවශ්‍යම නැත)
ඉහත ද්‍රව්‍ය සියල්ල වංගෙඩියට දමා තරමක් කොටාගන්න.
සාදාගන්නා ආකාරය
01). පිරිසිදු මැටි මුට්ටියක් ගෙන මෙම ද්‍රව්‍ය සියල්ල දමා එයට වතුර ලීටර් එකක් (1L) එක්කරගන්න.
02). ඉන්පසු එය භාගයක් (500ml) වනතුරු මද ගින්නේ සිඳුවා ගන්න.
03). මෙය නිවෙන්නට තබා එහි ඇති ඖෂධ ටික පිරිසිදු රෙදි කඩක් ආධාරයෙන් එය පෙරා ගන්න.
දැන් මෙය බෝතලයකට දමා ෂැම්පු එකක් ලෙස භාවිතා කල හැකියි. මෙහි පෙණ ගතිය අඩු නිසා කොණ්ඩය පෙඟෙනකම් මෙය වත්කර මෘදු රෙදි කැබැල්ලකින් හොඳින් හිස්කබල අතුල්ලා සෝදන්න.
මාසයකින් පසු ඔබට මෙහි විශිෂ්ඨ ප්‍රතිඵල දැකගත හැකියි.
ගස් පෙනෙල ගහේ ඔසු ගුණ..
සබන් විදිහට විතරක් නෙවෙයි මෙය ආයුර්වේදීය වශයෙන් ද මෙය ඉතා වැදගත් ශාකයක්.
ආයුර්වේදයේ එන මූලික සංහිතා ග්‍රන්ථයන් වන සුශෘත සංහිතාව සහ අෂ්ඨාංග හෘද සංහිතා ග්‍රන්ථ වලට අනුව මේ ගස් පෙනෙල ශාකය, කටු හා තිත්ත රසයෙන් යුක්ත බවත්, තීක්ෂණ හා ස්නිග්ධ ගුණයෙන් යුතු බවත් විපාක වශයෙන් උෂ්ණ, වීර්ය හා කටුක විපාක ඇති බවත් සඳහන් වෙනවා.
ශරීරයේ දැවිලි ගතියක් ඇති උනාම මේ පෙනෙල ගෙඩි වලින් හදන පෙන ටිකක් තියන්නකෝ ඒ දැවිලි ගතිය නැති වෙලා ඔයාට පුදුම සහනයක් දැනේවි ....
වමන, විරේචන, ක්‍රිමිග්න ගුණ ඇති නිසා බඩේ අමාරු සහ විවිධ ක්‍රිමි රෝග වලටත් මෙය ඉතා හොඳ ඔසුවක්.
රුධිරය පිරිසිදු කරන ගුණයෙන් යුක්ත නිසා රක්ත රෝග වලදිත් මෙය ඔසුවක් ලෙස භාවිතයට ගැනෙනවා.
ශ්වාස කාස රෝග හා සියළු විෂ වර්ග නැසීම සඳහාත් වමනකාරක යෝගයක් ලෙසත්, කුෂ්ඨ නසන ගුණය නිසා කුෂ්ඨ රෝග වලට ප්‍රතිකාර කිරීමේදීත් මෙම ශාකය භාවිතා කරන්න පුළුවන්.
ග්‍රහණි රෝගයේදී ජීවක කල්කයේත් සෙම් රෝග වලදී භාවිතා කරන ශර්කරාදී කල්කයේත් සහ බුද්ධරාජ කල්කයේත් අනුපාන විදිහට මේ ගස් පෙනෙල ගහේ බීජ යොදාගෙන තිබෙනවා.
දැන් පේනවා නේද ගස් පෙනෙල කියන්නේ එසේ මෙසේ ශාකයක් නෙවෙයි කියලා.
වත්තෙ ඉඩකඩ තියෙනවා නම් මේ ගස් පෙනෙල ගහක් අදම හිටවගන්න. එය ඔබටත් මතු පරපුරටත් සිදුකරන හොඳ ආයෝජනයක් වේවි.
උපුටාගැනීමක්