කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරළී තිබෙනවා..
හැටන් නුවරඑලිය කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්‍රන් වත්ත ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබෙනවා..
ඒ අනතුරෙන් පසු සිදු වූ ඉන්ධන කාන්දුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13000ක් පමණ අඩු වී ඇති බව ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකිර්ණයේ නිලධාරියෙක් පවසන්නේ.. අදාළ අනතුරට පත්වීමට ප්‍රථම එම බවුසරයෙන් පෙට්‍රල් ලීටර් 13800ක් සහ ඩීසල් ලීටර් 13200ක් ප්‍රවාහනය කරමින් තිබෙනවා..
එම අනතුර සිදුවීමත් සමග ප්‍රදේශවාසීන් කාන්දු වෙමින් තිබූ ඉන්ධන බූලිවලට දමාගන ගෙන ගොස් ඇති අතර, බවුසර් රථය අනතුරට පත්වන අවස්ථාවේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්වයක් සමග ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉහල කොත්මලේ ජලාශයට ද කාන්දු වී ඇති අතර, අනතුරට පත් බවුසරයේ තිබූ ඉතිරි ඉන්ධන කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරීන් විසින් බවුසර් රථ යොදවා ඉවත් කරගෙන තිබුණ බවටයි වාර්තා වෙන්නේ..
මේ අතර බවුසර් රථය අනතුරට පත් වූ ස්ථානයට පහළින් වූ තේ වතු ගණනාවක වතු කම්කරුවන් පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවලට ද ඉන්ධන එක් වී තිබුණා..
මේ පිළිබඳව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ නියමයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර, ඉන්ධන ප්‍රධාන මාර්ගයට වැටීම සහ ජල මූලාශ්‍රවලට මුසු වීම හේතුවෙන් විශාල පරිසර හානියක් ද සිදු වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ..