නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතු අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගිය තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් කඩුවකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.