මේ කියන්න හදන්නේ දුක්බර පුවතක්...
පාසල් ගිහින් ඉගෙන ගන්න ඕනී වයසේ දරුවන් අන්තිමේදී කරපු දේ හොඳ දෙයක් නම් නෙමෙයි...
පුල්මුඬේ ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ එක් සිසුවෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
සිසුවාගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහුට ශල්‍යකර්මයක්ද සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පුල්මුඩේ ප්‍රදේශයේ පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන් දෙපිරිසක් අතර අද පෙරවරුවේ ගැටුමක් හටගෙන ඇත්තේ පාසල් පරිශ්‍රය තුළදීයි එහිදි එක් සිසුවෙකු විසින් තවත් සිසුවෙකුටතියුණු ආයුධයකින් තුවාල සිදු කර ඇති අතර එම අවස්ථාවේ ගෙලට සිදුවූ බරපතල හානි හේතුවෙන් අදාළ සිසුවා රෝහල් ගත කර තිබෙනවා.
අදාළ පහර දීම සිදු කළ සිසුවාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. එම පාසලේම සිසුවියක් සමඟ පවතින ප්‍රේම සබධතාවයක් මත මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවා පුල්මුඩේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා ත්‍රිකුණාමල රෝහලට මාරුකර යවා තිබෙනවා.
මේ අතර මාතලේ කන්දේනුවර උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී අද උදෑසන පුද්ගලයෙක් කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.
අදාළ කාන්තාව කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කළත් රෝහල් ගත කිරීමේදී ඇය මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව 29 හැවිරිදි එක් දරු මවක් වු අතර මෘත දේහය මෙ වන විට මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි කන්දේනුවර පොලිසිය සදහන් කළේ