මෙරට සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.
එම පිරිසෙන් අඩක් පමණම තමන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව නොදන්නා බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ නිරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය රුධිර පීඩනය 140 / 90 මටට්මට පැවතිය යුතු අතර එම අගය ඊට වඩා වැඩි නම් එය අධි රුධිර පීඩනය තත්ත්වයක් ලෙස සැළකෙනවා.
වර්තමානයේ අධි රුධිර පීඩනය බාල මහලු භේදයකින් තොරව සුලබව වැළඳෙන රෝග තත්ත්වයක් බවට පත්ව ඇති අතර ඒ හේතුවෙන් තරුණ පිරිස් මිය ගිය අවස්ථාද මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වෙනවා.