ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ඓතිහාසික සේරුවාවිල පින්බිමේ සිට වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත යළි වැඩම කරවීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
මෙම ගමන්මගේදී ස්ථාන කිහිපයකදීම දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ට ධාතූන් වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව, නිසැක සර්වඥ ධාතූන් වහන්සේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය වෙත අද පස්වරුවේ වැඩම කරවූ අතර හෙට පහන් වනතුරුම ධාතූන් වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාව එහිදී සැදැහැවතුන්ට උදා කර දී තිබෙනවා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත ඇරඹි හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව හිරු උත්තම ධාතු වන්දනාව ඓතිහාසික සේරුවාවිල පුදබිමේදී ආරම්භ කෙරුණේ පසුගිය 13 වනදායි.
දින දෙකක් පුරා ඓතිහාසික සේරුවාවිල පුණ්‍ය භුමියේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූණා.
ඓතිහාසික සේරුවාවිල පුදබිමේ පවත්වනු ලැබූ හිරු උත්තම ධාතු වන්දනාව සුවහසක් සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ අද අවසන් කෙරුණු අතර කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාව පැවැත්වූයේ මහා සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේයි.
එහිදී අමරපුර සම්බුද්ධ ශාසනෝදය නිකායේ මහ නායක ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නා හිමියන් සහ ඓතිහාසික සේරුවාවිල මංගල රජ මහා විහාරස්ථානය විහාරාධිපති පූජ්‍ය අලුදෙණියේ සුබෝධ හිමියන් අනුශාසනා සිදුකළා.
අනතුරුව පැමිණ සිටි සැදැහැවතුන්ගේ සාධු නාදය මධ්‍යයේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීම ආරම්භ කෙරුණා.
ඒ අනුව, කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුන් වහන්සේ හබරණ ටැම්පිටිය රාජමහා විහාරස්ථානය වෙත දහවල් සම්බුද්ධ පුජාව සඳහා වැඩම කරවූ අතර එහිදී සැදැහැවතුන් අති විශාල පිරිසකට ධාතුන් වහන්සේ වන්දනා කර ගැනිමේ අවස්ථාව හිමිවුණා.
අනතුරුවයි කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය වෙත වැඩම කරවිම ආරම්භ කෙරුණේ.