විදෙස් රටකදී ඕනෑම අයෙකුට මේ වගේ අවස්ථාවක් හිමි වෙනවා කියන එක ඇත්තෙන්ම සුවිශේෂී කාරණයක්..
මේ කියන්න යන්නේ මොකක් ගැනද...? ඔබත් ඒ කතාව දැනගන්න කැමැත්තෙන් ඇති කියලා විශ්වාස කරනවා..
කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යධූරයට එරට නීති සම්පාදකයෙකු වන අනීටා ආනන්ද් පත් කර තිබෙනවා...
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් බවයි...
ඒ අනුව නව පත් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ද ඇයට සුබ පැතුම් පළ කර ඇති අතර, සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද අනීටා ආනන්ද් වෙත සුබ පැතුම් එක් කර තිබුණා..
ඒ අනුව තම X පණිවිඩය හරහා ඔහු පවසා තිබුණේ, ඇගේ පත්වීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි..
ඉකුත් දා පැවැති මැතිවරණයෙන් ජය ගත් කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි විසින් එරට කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කළ අතර එහි දී ඉන්දු-කැනේඩියානු ජාතිකයන් වන ආනන්ද් සහ මනීන්දර් සිදූ හට ප්‍රකාශයට පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයේ වැදගත් අමාත්‍යාංශ හිමි වී තිබෙනවා..
ඒ අනුව මනීන්දර් සිදූ පත් කර ඇත්තේ කැනඩාවේ නව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසයි..
මේ අතර ශ්‍රී ලාංකිකයෙකු වන ගැරී ආනන්ද සංගරීට එරට මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය හිමිව තිබුණා..