වෙළෙඳපොළේ ලුණු හිඟයක් පවතින බවට වාර්තා වනවා..
ප්‍රසිද්ධ වෙළෙඳපලක් වෙන පිටකොටුවෙ මෙන්ම , සුපිරිසැල්වලත් ලුණු හිඟයක් පවතින බවයි සඳහන් වන්නේ...
කෙසේ වෙතත්, ආනයනය කළ ලුණු තොගයක් ඉදිරි සති දෙක තුළ දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගම පවසනවා...
එහි සභාපති ඩී. නන්දනතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, පසුගිය මාර්තු 15 වැනිදායින් පසු හම්බන්තොට, අලිමංකඩ සහ පුත්තලම ලේවායන්හි ලුණු අස්වැන්න ලබාගැනීමට කාලගුණයෙන් බාධා එල්ල වීම හමුවේ මෙලෙස ලුණු හිඟයක් මතු වූ බවයි...
මෙවන් පසුබිමක ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් දස දහසක් සහ ජාතික ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් විසිදහසක් වශයෙන් ලුණු තොග ආනයනය කිරීමට තීරණය කර තිබුණා...
මේ දිනවල වෙළෙඳපොළේ ලුණු මිල ද වැඩි වී ඇති බවටයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ...